Vishu Online Shopping
22/11/2025
❛❛ ඔයාගෙ digital balance එකට උදව්වක් ❜❜
අපි හැමෝම දැන් ගෙවන්නෙ online + offline mix වෙච්ච lifestyles නේ. ඒ කීවේ අපි හැමෝටම වගේ වැඩ කරගනිද්දි phone, Internet, social media වගේ දේ නිතරම භාවිතා කරන්න වෙනවනෙ. ඒත් මේ digital tech භාවිතය හරි හැටි balance කරගන්න බැරි උනොත් අපේ මනසෙයි ශරීරයෙයි තියන සන්සුන් හැඟීම ටික ටික අඩු වෙනවා. අන්න ඒ නිසා Digital Balance තියාගන්න ඔයාලට උදව් කරන පොඩි පොඩි tips කීපයක් ගැනයි අද කියන්නේ..💡
• Time block හදාගෙන දවසකට ඔයාගෙ screen time කොච්චරක්ද කියලා තීරණය කරන්න.එතකොට අනවශ්‍ය විදියට කාලය ඒවට අපතේ යන්නෙ නෑ.
රෑ 8-30 - 9 Scroll time
රෑ 9 වෙද්දි offline
• නිදාගන්න පැයකට කලින් screen එකෙන් ඈත් වෙන්න. ඒ වෙලාව පොතක් කියවන්න.. ආදරණීයයන් එක්ක ඉන්න.. වගේ වෙන් කරගන්න. එතකොට මනස calm වෙනවා.
• No phone zones තියාගන්න. කෑම කාමරේ, වැඩ මේසය washroom එක වගේ තැන් වල "No scroll" rule එකක් දාගන්න ඔයාටම.
• Notifications OFF කරන්න. ඔයා ඔයාගෙ අවධානය පාලනය කරන එක තමයි ultimate freedom එක!
• Digital free days තියාගන්න. සති අන්තය හරි screen එකෙන් ඈත් වෙලා සොබාදහම එක්ක පවුලෙ අයත් එක්ක ලස්සනට ගත කරන්න.
• Replace කරන්න scrolling, mindful සතුටකට. පොතක් කියවන්න, වතුර බොන්න, වත්තේ ටිකක් ඇවිදලා සන්සුන් වෙන්න..
Use tech to uplift! not drain! අනවශ්‍ය negative contents, gossip මඟහැරලා ආදරේ, motiavation, සතුට සැහැල්ලුව, අලුත් දැනුම.. ජීවිතේට එකතු කරන content විතරක් බලන්න. හැමදේම හොඳත් නෑ, නරකත් නෑ,අපි ඒ දේවල්වල යෙදෙන එක තමයි වෙනස. ඉතිං, Let's use it mindfully, not mindlessly !
Madhushika Udagedara | Happy Life
කරුණාකර උපුටාගැනීමේදී කතෘ අයිතිය සුරකින්න
22/10/2025
❛❛ කම්මැලි වැඩ ලේසියෙන් කරන Just 5 minutes trick..❜❜
අපිට කරන්න කම්මැලි හිතෙන වැඩ ලේසියෙන් පටන්ගන්න කියාපු හරිම සරල ක්‍රමයක් තමයි මේක. මේකෙදි කියන්නේ ඔයාට කරන්න කම්මැලි හිතෙන වැඩේ, "මං මේක දැන් විනාඩි පහක් විතරයි කරන්නේ.." කියල හිතල පටන්ගන්න කියලා. ඊටපස්සෙ ඔයාට ඕනෙ නම් ඒ වැඩේ නතර කරන්න පුලුවන්. මොකක්ද මේකේ මැජික් එක ? ඕනෙම වැඩක පටන්ගන්න එක තමයි අමාරුම කොටස. ඉතිං ඔයා විනාඩි පහක් විතරයි කියලා ඒ වැඩේ පටන් ගත්තට 'මට මේක තව ටිකක් සම්පූර්ණ කරන්න පුලුවන්' කියන විශ්වාසය සහ කැමැත්ත ඇතිවෙනවා.
ඔන්න හිතමු ඔයාට කාමරේ අස්පස් කරන්න තියෙනව. මම විනාඩි පහක් මේ මේසෙ උඩ විතරයි පිරිසිදු කරන්නෙ කියල හිතල ඔයා පටන් ගන්නව. හුඟක් වෙලාවට ඔයා මේසෙ විතරක් නෙවෙයි සමහර විට මුලු කාමරේම පැයෙන් පිරිසිදු කරනව. ඔයාට පොතක් කියවන්න තියෙනව. මං විනාඩි පහක් විතරයි කියවන්නෙ කියල පටන් ගන්නව. ඒත් හුඟක් වෙලාවට ඔයා විනාඩි පහ වෙනුවට විනාඩි පහළොවක්වත් පොත කියවනව. ඔයාට අලුත් ප්‍රොජෙක්ට් එකක් සැලසුම් කරන්න තියෙනව නම් මං විනාඩි පහක idea list එකක් ලියල බලනව කියල පටන් ගන්නව. ඊටපස්සෙ ඔයාට තව දිගට ලියන්න ආසාවක් එනව. ගොඩක් වෙලා නම් exercise කරන්න බෑ මං විනාඩි පහක් විතරක් ඇවිදල ආපහු එනව කියල ඔයා ඇවිදින්න යනව. හැබැයි ඔයා එන්නෙ අඩුම පැය බාගයක්වත් ඇවිදල. ඒක තමයි මේකෙ මැජික් එක.
මේකෙන් ඔයාට කම්මැලිකමින් ඉන්න වැඩක් පටන්ගන්න එක ලේසි වෙනව. විනාඩි පහක් විතරයි කියලා වැඩේ පටන් ගත්තට ඒක දිගටම කරගෙන යන්න මෝටිවේෂන් එකක් ලැබෙන නිසා ඔයා ඒ වැඩේ අවසන් කරන්නත් ඉඩ තියෙනව. ඒ වගේම මේකෙන් ඔයා පස්සෙ කරන්නම් කියල වැඩ කල් දාන එකත් අඩු වෙනව. ඉතිං ඔයත් කම්මැලිකමින් ඉන්න වැඩක් පටන්ගන්න මේ පුංචි උපක්‍රමේ උත්සාහ කරල බලන්නකො. ඔයාගෙ ඉලක්කවලට ලඟාවෙන්න ඕනිම දේ, ඔයා පටන්ගන්න එක ! You don't need to finish it now, you just need to start !
Madhushika Udagedara | Happy Life
කරුණාකර උපුටාගැනීමේදී කතෘ අයිතිය සුරකින්න.
22/10/2025
Rs.1190/=
*M L XL
*Fabric - 190 GSM Single jercy fabric*
*Available Size - M L XL*
*LD4*
22/10/2025
*Selling Price*
*M L XL - 1090 LKR
*Fabric - Popcorn fabric*
*Available Size - M L XL*
*LD6*
21/10/2025
30/08/2025
දවසක් සාර්ථකයි කියන්නෙ, ලොකු ලොකු වැඩ අවසන් වුණාටම නෙවෙයි, දවස පුරා ලැබෙන පුංචි පුංචි ජයග්‍රහණ එකතු වෙද්දි තමයි සාර්ථක දවසක් නිර්මාණය වෙන්නේ!
හැම දවසකම අපි හැම කෙනෙක්ටම තියෙන්නෝන ජයග්‍රහණ 3 ක්!
1️⃣ Physical win
ඔයාගෙ ශරීරය නිරෝගීව, ශක්තිමත්ව තියාගන්න පුංචිම පුංචි දෙයක්වත් ඔයා අද කළා නම්, ඒක ඔයාගෙ ජයග්‍රහණයක්!
- විනාඩි 15 ක් ඇවිදින්න ගියා..
- වැඩිපුර වතුර බිව්වා..
- වෙලාවට කෑම කෑවා..
- facepack එකක් දැම්මා..
- oil massage එකක් කළා..
2️⃣ Mental win
ඔයාගේ මනසට සන්සුන්බවක් ගේන, inspiration එකක් දෙන මොහොතක් ඔයා අරගත්තද, අන්න ඒකත් ඔයාගෙ ජයග්‍රහණයක්!
- Gratitude journal එක ලිව්වා..
- to do list එකක් ලියල වැඩ ටික කළා..
- morning affirmations කීවා..
- 'මනසට වෙහෙසයි' කියලා දැනෙද්දි පුංචි කොලපාට විවේකයක් ගත්තා..
3️⃣ Spiritual win
ඔයාගෙ හිතට අභ්‍යන්තර සාමකාමී සන්සුන් හැඟීමක් ගේන මොනවාහරි දෙයක් ඔය කළා නම් ඒකත් අද ඔයාගෙ ජයග්‍රහණයක්!
- උදේ ලස්සන අහස දිහා බලලා
- ඒ සන්සුන් හැඟීම වින්දා..
- ඉස්කෝලෙ යන චූටි බබෙක්ට 'good morning' කියලා ඒ හිනාව වින්ඳා..
- ආගමික වතාවත්වල නිරත උනා..
දවසක් සාර්ථකයි කියන්න ලෝකෙම දන්න achievement එකක් ඕන නෑ, ඔයා තමන් වෙනුවෙන්, ඔයාගෙ ශරීරයට, මනසට, හිතට දුන්න පුංචි support එකත් දවසේ ලොකු ජයග්‍රහණයක් තමයි! ඉතිං, Count your today wins !
Madhushika Udagedara | Happy Life
කරුණාකර උපුටාගැනීමේදී කතෘ අයිතිය සුරකින්න.
01/03/2025
❤️❤️❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Moratuwa
29/01/2025
29/01/2025