Winsuka Ayucare
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Winsuka Ayucare, Health/Beauty, 267 A, Old Galle Road, Moratuwa.
13/06/2021
13/06/2021
ඔසප් චක්‍රය හා සරු කාලය
ඔසප් චක්‍රය එහෙම නැත්නම් සාමන්‍ය ව්‍යවහාර වන මාස් වීම, මෙන්සස් වීම ගැන කියන්නයි යන්නෙ.
මුලින්ම බලමු කොහොමද ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ සම්බන්දය,
රූපය අංක 1 තියෙන්නෙ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ රූපයක්.මගේ පැහැදිලි කිරීමට අදාළ කොටස් කිහිපයක් හදුන්වා දෙන්නම්.
1. O***y - ඩිම්බ කෝෂය
2. Fallopian tube - පැලෝපීය නාලය
3. Uterus - ගර්බාෂය
මේ කියන ඩිම්බ කෝෂය ඇතුලෙ තමයි නොමේරූ ඩිම්බ තියෙන්නෙ.සාමාන්‍යයෙන් ගෑණු ලමයෙක් වැඩිවියට පත් වෙනකොට මේ නොමේරූ ඩිම්බ ලක්ෂ 4 ක් විතර තියෙනවා කියලා සැලකෙනවා.
ඉතින් කොහොමද මේ ඔසප් චක්‍රය වෙන්නෙ? ( රූපය 2 )
මෙන්න මෙහෙමයි. මාසෙකට සැරයක් මේ නොමේරූ ඩිම්බ වලින් එකක් මේරූ ඩිම්බයක් බවට පත්වෙනවා. ( කලාතුරකින් කෙනෙක්ගෙ එකකට වඩා ඩිම්බ ස්වභාවිකව මෝරා ගර්බාෂයට ඇතුල් වෙන්න පුලුවන් වගේම, සමහර ඖෂධ මගින්ද එසේ වෙනවා.ඒ අයට තමා නිවුන් දරු උපත් වෙන්නෙ)
එහෙම මෝරන ඩිම්බයක් ඩිම්බ කෝශයෙන් එලියට නිදහස් වෙනකොට පැලෝපීය නාල කෙලවර තිබෙන fimbriae කියන කොටසෙන් අල්ලා ගන්නවා. ඉන්පසු එය පැලෝපීය නාලය තුලින් ගමන් කරද්දි ශුක්‍රාණවක් සමග ගැටුනොත් සංසේචනය වෙලා ගර්බාෂය තුලට ගමන් කරලා කළලයක් හට ගන්නවා.එහෙම නොවුනොත් ඒ ඩිම්බය ගර්බාෂය තුලදී බිද වැටිලා ඔසප් රුධිරය සමග ඉවත් වෙනවා.
මේ එලියට එන මෝරපු ඩිම්බය කළලයක් වෙයි කියන බලාපොරොත්තුවෙන් ගර්බාෂ බිත්ති තමන්ගේ ඝනකම වැඩි කරගන්නවා. බිද වැටුන මෝරපු ඩිම්බය එක්ක මේ බිද වැටුන ගර්බාෂ බිත්ති කොටස් තමයි ඔසප් වීමකදී පිට වෙන්නෙ.
මේ ක්‍රියාවලිය මෙච්චර සරලව කිව්වට මෙකට උදව් වෙන හෝමෝන කිහිපයක් තියෙනවා. ඇත්තටම මේ හෝමෝන මත තමා මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙ. හෝමෝන ගැන කතාකරන්න ගියොත් ලිපිය ගොඩක් දිග වෙන නිසා මම ඒ ගැන කියන්නෙ නෑ.
දැන් අපි හිතමු සාමාන්‍යයෙන් සැලකෙන විදිහට දින 28 ක ඔසප් චක්‍රයක් තියෙන කෙනෙකුගේ මෝරපු ඩිම්බය පිට වන දිනය 14 වැනි දිනය ලෙස සලකනවා. මේ ඩිම්බය පිටවීම තමා වෛද්‍ය විද්‍යාත්මකව ovulation විදිහට හදුන්වනු ලබන්නේ.
මෙහි පලමු දිනය ලෙස සලකන්නේ ඔබගේ ඔසප් චක්‍රය ආරම්භ වුන පළමු දිනයයි. ඒ සම්බන්ධ රූපසටහනක්ද ( රූපය 2 )පහත ඇත.එතැන් පටන් දින 13 ක කාලයකදී එම මෝරපු ඩිම්බය බිද වැටී ඔසප් චක්‍රය ඇරබෙන පලමු දිනය ඊළග ඔසප් චක්‍රයේ පළමු දිනයයි.
මේ සියලූ මූලික කරුණු පැහැදිලි කලේ ඇත්තටම පහත කරුණු පැහැදිලි කිරීමට අවශ්‍ය නිසායි.
එනම්,,
සරු කාලය කියන්නෙ මොකද්ද?
සරු කාලය කියන්නෙ ඔබ ගැබ් ගත හැකි කාලයයි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව safe period ලෙස හැදින්වෙනවා. හැබැයි මෙතන safe කියන්නෙ ගැබ් ගන්න පුලුවන් කියන එක. ( රූපය 3 )
සරු කාලය ගණනය කරන්න බලපාන්නේ මේරූ ඩිම්බය විතරද?
නැහැ. මේරූ ඩිම්බයේ ආයු කාලය වගේම ශුක්‍රාණුවේ ආයු කාලයත් බලපානවා.මෙතනදි මේ ආයු කාලය කියන්නෙ මිනිස් ශරීරයක් තුල ඒවා ජීවීව පවතින කාලයයි. ශුක්‍රාණුවක් ස්ත්‍රී ගර්බාෂයට ඇතුල් වුනාම ජීවීව පවතිනවා දින 5ක්. එතකොට 14 වැනි දින ඩිම්බයක් පිටවුන කෙනෙක්ගෙ ගර්බාෂය තුල ඊට දින 5 කට කලින් ඇතුල් වුන ශුක්‍රාණු පැවතුණොත් ඒ මගින් කළලයක් හට ගන්න පුලුවන්. එතකොට මේරූ ඩිම්බයක ආයු කාලය දින 3යි. එතකොට ඩිම්බය පිටවන දින සිට දින 3ක් අයිති වෙන්නෙ සරු කාලයටයි. මේ විදිහට 14 වැනි දින මේරූ ඩිම්බයක් පිට වන (ovulation) කෙනෙක්ගෙ 8 වැනි දින සිට 16 වැනි දින දක්වා සරු කාලය වෙනවා. ඒ කියන්නෙ මේ කාලය තුළ ගැබ් ගන්න පුලුවන්.
දරුවෙක් ලැබුණු පසු නැවත කොපමණ කාලයකින් ගැබ් ගන්න පුලුවන්ද?
එය රදාපවතින්නෙ ඔබට කොපමණ කාලයකට පසුව නැවත ඔසප් චක්‍රයක් ආරම්භ වීමට නියමිතද කියන කරුණ මත.
නමුත් මින් කියවෙන්නේ නෑ දරුවා ලැබුණු පසු පළමු ඔසප් වීම ඇරඹෙන කල් ගැබ් ගැනීමක් සිදුවෙන්නෙ නෑ කියලා. මම කලින් කිව්ව විදිහට ඔසප් ( රුධිර වහනය) වෙන්න කලින් ඔබගේ සරු කාලය එනවානේ. ඒ කාලය තුල ගැබ් ගන්න පුලුවන්. ඒ නිසා තමා අම්මලා කියන්නෙ ආපහු මෙන්සස් හැදෙන්නත් කලින් ප්‍රෙග්නන්ට් වුනා කියලා.
නමුත් පළමු දරුවා වැඩි වයසකදී ලැබීම වගේ තවත් වෛද්‍ය උපදෙස් මත ඇරුණම හෝ දරුවන් අතර පරතරය තිබීම මවගේ මෙන්ම දරුවන්ගේ කායික මානසික යහපැවැත්මට ඉවහල් වෙයි.
මේ කරුණු සියල්ලම ඉදිරිපත් කලේ දින 28 ක සාමාන්‍ය ඔසප් චක්‍රකට අනුවයි. එසේ නොවන දින ගණන අඩු හෝ වැඩි ඔසප් චක්‍ර වල ඉහත දින වෙනස් වේ.
ආයුර්වේද වෛද්‍ය ඉෂාරා ජයවර්ධන
B.A.M.S ( universty of Colombo )
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
267 A, Old Galle Road
Moratuwa