Sithizz Srilanka
Sithizz Srilanka
08/05/2026
අවාසනාවන්ත ලෙස දැවී ගියා අදත් 🥺🩷
Emotions 🥹…. පැතුමාගේ වෙදනාව 😢
අද IPL එකේ DC vs CSK….. මුලින් ගහන්නේ DC…. අපේ පැතුමා ලස්සනට පිට පිට 4ක් සහ 6ක් ගහලා සෙට් වෙලා හිටපු අපේ එකා Choudhary ගේ change of pace එකට අහු වෙනවා....19 off 15
05/05/2026
අද රාත්‍රිය පැතුම්ට සහ චමීරට! 🇱🇰🏏🚀
මෙවර IPL නැරඹුම් වාර 26% කින් පමණ අඩු වී ඇති බව වාර්තා වුවත්, ලාංකීය ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය අද රාත්‍රී 7.30 ට යොමු වන්නේ දිල්ලි කැපිටල්ස් තරඟය වෙතයි. ඒ පැතුම් නිස්සංක සහ දුෂ්මන්ත චමීර අද දිල්ලි වෙනුවෙන් ක්‍රීඩා කරන නිසයි.
දිල්ලි කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ ලාංකිකයින් අතර පැතුම් දැනටමත් 3 වැනි ස්ථානයට පැමිණ සිටිනවා. අදත් පැතුම්ගෙන් සුපිරි ඉනිමක් සහ චමීරගෙන් දරුණු පන්දු යැවීමක් බලාපොරොත්තු වෙමු! 🦁🔥
03/05/2026
𝘼 𝘾𝘼𝙈𝙋𝘼𝙄𝙂𝙉 𝙏𝙊 𝙍𝙀𝙈𝙀𝙈𝘽𝙀𝙍 💙
Hyderabad Kingsmen finish as runners-up in their debut PSL season.
A journey full of promise under Marnus Labuschagne. 👏
අන්තිම මැච් කිහිපයේම ගුජරාට් වෙනුවෙන් ලොකු බලපෑමක් ඇති කරපු නිහඬ වීරයෙක් තමයි ජේසන් හෝල්ඩර් 💙
එයාට මෙවර තරගාවලියේ මුල් තරගවලදී කන්ඩායමේ ස්ථානය හිමිවෙන්නේ නැ...
අද ප්‍රසාද ලකුණු සටහනේ උඩින්ම ඉන්න පංජාබ් පිලට එරෙහිව පන්දුවාර 4 ලකුණු 24කට දාලා පංජාබ් පිලේ ප්‍රධාන කඩුලු 4ක්ම දවාගන්නවා. අයියර්, වධීරා, ස්ටොයිනිස් වගේ ප්‍රධාන තුරුම්පු ඒ කඩුලු අතර වුනා.
තමන්ගේ මංගල IPL තරගාවලිය ක්‍රීඩා කල පැතුන් නිස්සංක අවස්ථා තුනකදී ලකුණු 40 සීමාව ඉක්මවා ගියත් ඔහුට අවාසනාවන්ත ලෙස අවස්ථා ත්‍රිත්වයේම ලබාගන්නට තිබුණු අර්ධ ශතක ඉනිම් තුනක් මග හැරෙනවා.
අන්තිමට ඔහු ක්‍රීඩා කල අවසන් තරග අසාර්ථක වීමත් සමග කන්ඩායමේ ස්ථානය පවා ඔහුට අහිමි වෙනවා.
එහෙම අවස්ථාවක පෙර තරගයේ දිල්ලි ආරම්භක පිතිකරුවා ආබාධයකට ලක්වීම නිසා නැවතත් පැතුම්ව කැදවන්න දිල්ලි කළමණාකාරීත්වය තීරණය කරනවා.
දිල්ලි කැපිටල්ස් බංකුවේ ප්‍රිත්වි ෂෝ, අභිෂේක් පොරෙල් වගේ දක්ෂ ඉන්දීය ආරම්භක පිතිකරුවන් සිටියදී අසාර්ථක වූ පැතුම් නිස්සංක කෙරෙහිම දිල්ලි කළමණාකාරීත්වය විශ්වාසය තියෙනවා.
ඉතිං ඒ විශ්වාසයට කොල්ලා උපරිම සාධාරණයක් කරනවා. කලින් තරග තුනකදී තමන්ට අහිමි වුනු මංගල IPL අර්ධ ශතකය ඔහු මේ තරගයේදී සම්පූර්ණ කරනවා.
ජොෆ්‍රා ආචර් මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභීන්ගේ රේස් එකේ ඉදිරියෙන්ම ඉන්න කාටත් අභියෝගාත්මක වූ වේග පන්දු යවන්නෙක්...
පැතුම් ඔහුට ලැබුණු මේ දෙවෙනි අවස්ථාව දෝතින්ම භාරගන්නේ රාජස්ථාන් පිලේ හිටපු හොඳම පන්දු යවන්නා වෙච්චි ආචර්ට ඇටෑක් කරලා..
ඉනිම ආරම්භක පන්දුවාරයේම ආචර්ට හයකුයි හතරකුයි ගැහුවේ.. ආචර්ගේ දෙවෙනි පන්දුවාරයේ පිට පිට හතරේ දෙකක් ගහනවා. බර්ගර් පිලිගන්නෙම පන්දුවාරයට අලංකාර හයේ දෙකක් ගහලා.. ඩෙශ්පන්ඩේ, බ්‍රිජේෂ්, ජඩේජා මේ හැමෝටම නිස්සා හොඳටම සැලකුවා.
අවසානයේ පවර්ප්ලේ පන්දුවාර 6 නිමා වෙන්නත් කලින් කොල්ලා තමන්ගේ මංගල IPL අර්ධ ශතකය රැස් කරනවා. පන්දු 33කින් අනර්ඝ ලකුණු 62ක් රැස්කල පැතුම් ආරම්භක කඩුල්ලට රාහුල් එක්ක එකතු වෙලා ලකුණු 110ක දැවැන්ත සබඳතාවක් ගොඩනගනවා.
මේ ඉනිම දියත් කරද්දී අනිත් අන්තයේ ක්‍රීඩා කරපු රාහුල්ගෙන් පැතුම්ට ලැබුණු සහය අමතක කරන්න බැ.. දෙන්නා එක්ක හොඳ ගනුදෙනුවක් පිතිකරණයේ යෙදෙනකොට තිබුනා.
පැතුම් එයාගේ මේ මංගල IPL අර්ධ ශතකය හැඩ කරගන්න හතරේ පහරවල් 6ක් සහ අලංකාර හයේ පහරවල් ත්‍රිත්වයක් එල්ල කරනවා.
මනුස්සයෙක්ට ජීවිතේ දෙවෙනි අවස්ථාවක් එවනවා. පලවෙනි අවස්ථාව වැරදුනත් ජීවිතේ ලැබෙන ඒ දෙවෙනි අවස්ථාව නම් කවදාවත් මිස් කරගන්න එපා.. හරියට පැතුම් නිස්සංක ටීම් එකෙන් එලියට ගිහින් ආයෙමත් ලැබුණු දෙවෙනි අවස්ථාව දෝතින්ම භාරගත්තා වගේ..! 💙🫂
✍| copied
01/05/2026
නිස්සංක ක්‍රියාත්මකයි තම පලවෙනි ipl අර්ධ ශතකය ලබාගෙනිමට සමත් වෙනවා.🥹❤️
රාජස්ථාන් කණ්ඩායමට එරහිව පැතුම් නිස්සංක පන්දු 23කින් තම මංගල ipl අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වෙනවා.🔥👏
නියමයි පොඩී 👊💀
29/04/2026
මගෙ මතේ දැන් මේක පුලුවන් 😎🏏
29/04/2026
Shammi ගෙදර යයි, එත් යන්න කලින් 10 million දෙයි..🥹
ඔන්න ඉතින් අපි දන්නවානේ Shammi Silva සහා SLC Executive Committee එකම අද step down වුනා නේ.....එ වගේම අපි දන්නවා නේ අපේ Javalin champion… ලක් මතාව ලොකේ ඉස්සරහා ඔසවා තැබු Rumesh Tharanga Pathirage.
ඔන්න ඉතින් මෙක නිසා Sri Lanka Cricket එකෙන් කොල්ලාට දෙනවා 10 million…. මේ request එක කරලා තියන්නේ Sports Minister Sunil Kumara Gamage
එල්ලක්කල පත්තිනි දේවාලයේ වාර්ශික ගිනිමඩු පූජොත්සවය 😍😽..
02/12/2023
හීන හැබෑ වෙයි කියලා හිතුවාට 😭😫.කොහොමද රත්තරනේ ඔයාගෙ ඒ හීනේ හැබෑ උන දවසට පහුවදා මේ වගේ දෙයක් වෙයි කියලා දන්නෙ 😭🥺.උබේ හීනේම උබව අරන් ගිහින් අපිට මෙහෙ ඔයා නැති එක හීනයක් වගේ 😭.කොහොමද ඕයි තමුසේ නැතුව අපි මෙහෙ ඉන්නෙ (පසිදු අයියලාගෙ ගෙදර ගියොත් අනිවාරෙන් ඉන්නෙ ඔයයි සුමුදු අයියායි 😭) දැන් අපි කාටද පොඩි නන්දේ කියන්නෙ,දැන් අපි කාත් එක්කද රන්ඩු වෙවී කැරම් ගහන්නෙ 😭,කොටින්ම කිව්වොත් අපිට දැන් ඔයත් එක්ක කතා කරන්නවත් නෑ,කව්ද දැන් අපිට කොරියන් කියලා දෙන්නෙ කොච්චර හීන තිබ්බාද අපිට කොරියන් ගිහින් කරන්න 😭😞.අපි කොහෙදි හරි කොතනකදී හරි අපිව හම්බ වෙයි එතකන් අපි මෙහෙ ජීවත් වෙන්නෙ කොහොමද උබේ මතක අමතක කරලා 🙏😞.අනේ රත්තරනේ උබට නිවන් සුව අයියේ 🏳️😓.මෙවන් අකල් මරනයක් මතු උපදින කිසිදු ආත්මෙකට සිදු නොවේවා!
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Nittambuwa