Cosmetics with sanki

Cosmetics with sanki

Share

Cosmetics with sanki

30/06/2024

ඇස් වල අදුරු බව නැති කරන සත්කාරය😍

🌸අවශ්‍ය අමුද්‍රව්‍ය - ආමන්ඩ් තෙල්
කියුකම්බර් (කොළ පාට ගෙඩි)

🌸සාදා ගන්නා ආකාරය - මුලින්ම කියුකම්බර් ගෙඩියක් අරගෙන හොදින් සෝදා සිහින් පෙති 2ක්
කපා ගන්න.ඉන්පසු පිරිසිදු භාජනයක් ගෙන එයට ආමන්ඩ් තෙල් මේස
2ක් ගෙන සිහින්ව කපාගත් කියුකම්බර් පෙති 2ක තෙල් එකට දමා
විනාඩි 10ක් පෙගෙන්නට හරින්න.ඉන්පසු පිරිසිදු කර තෙත මාත්තු
කරගත් ඇස් වල කියුකම්බර් පෙති 2ක තියන්න.පැයක පමණ කාලයක්
තියා එය අයින් කරන්න.පසුව ඇස් හොදින් මසාජ් කරන්න.පසුව නින්දට
යන්න.පසු දා උදේන්ම සෝදා ඉවත් කරන්න.


මේ මගින්👇
✔️ඇස් වල අදුරු බව නැති කරයි.
✔️ඇස් වලට හොද තෙතමනයක් ලබා දෙයි.
✔️ඇස් වල විඩාබර ගතිය නැති කරයි.

🌸මෙය ගැහැනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි👌
🌸රාත්‍රි කාලයේ කිරිම අනිවාර්යය වේ.
🌸මාසයක් එක දිගටම කිරිමෙන් වඩාත් හොද ප්‍රතිඵල 💯✔️

🌸මෙවැනි ස්වභාවික රූපලාවණ්‍ය රහස් දැනගැනිමට අපත් සමග දිගටම අත්වැල් බැදගන්න

30/06/2024

ලස්සන වෙමු
අයිස් කැටයක් අරගෙන මූනේ රවුමට හෙමීට මසාජ් කරන්න...

ගෙදර කෝමාරිකා තියනවනම් කෝමාරිකා ජෙල් ටිකක් අරගෙන ඒකට දෙහි බින්දුවක් දාලා මූණට දාලා විනාඩි පහළොවකින් විතර හෝදලා අරින්න..

ගෙදර කෝපි තියනවනං කෝපි ටිකකට දුබුරු සීනි දාලා වතුර ටිකක් ඒකට දාල ටිකක් දිය වෙනකන් ඉඳලා මූනේ දාලා අතුල්ලන්නේ නැතුව පැක් එකක් විදිහට තියලා විනාඩි 20ක් තියලා ගිහින් හෝදන්න.

ගෙදර මී පැණි තියෙනවා නම් මී පැණි ටිකකට දෙහි ටිකක් එකතු කරලා ඔයාගේ තොල් වල ගාගෙන ඉන්න. මුහුණටත් හොඳයි.

ගෙදර යෝගට් එකක් තියෙනවනම් ඒකට කස්තුරි කහ ටිකක් දාලා මූනේ ගාගෙන ඉන්න. කස්තුරි කහ නැතත් නිකං හරි ටිකක් මූණෙ ගාගෙන ඉන්න..

බේසමකට වතුර ටිකක් අරගෙන සබන් හරි ෂැම්පු හරි අරගෙන ඔයාගේ කකුල් දෙක හොඳට සෝදන්න. ඊට කලින් කොපි ටිකකට සීනි ටිකක් දාලා හොඳට කකුල් අතුල්ලන්න. ඒකත් නැත්නම් ගෙදර ලුණු තියෙනවනේ ලුණු කුඩු ටිකක් දාලා කකුල් අතුල්ලන්න.

ගෙදර කඩල පිටි තියෙනවනම් කඩල පිටිවලින් මූණ හෝදන්න.....

මේ මුකුත්ම නැත්නම් දෙහි යුෂ එකකට ලාවට රස්නෙ උණුවතුර ටිකක් දාලා මූණ හෝදන්න...

ඔයා ගාන තෙල් ටිකක් අතට අරගෙන ඔලුවට දාලා විනාඩි පහක් මසාජ් කරන්න. කරල ටිකක් හවස් වෙලා නාන්න. කොන්ඩෙ ගැට ඇරගන්න.

මේ මුකුත්ම දැන් කරගන්න බැරිනම් නිදහස් තැනකට ගිහිල්ලා ඔයාගේ හුස්ම ගැන හිත හිතා හරි අනිත් අයට මෛත්‍රී කරලා හරි ටිකක් හිත සන්සුන් කරගෙන භාවනාවක් කරන්න......

30/06/2024

කලු ලප ඉවත් කරගන්න සරල ක්‍රම
මුහුණ මත කළු ලප ඇතිවීමෙන් ඔබේ සුන්දරත්වය නැතිවී යනවා. හිරු එළියට නිරාවරණය, හෝමෝන අසමතුලිතා, ගර්භනිය තත්ත්වය, යම් යම් ඖෂධ, විටමින් ඌනතා, නින්ද නොමැතිකම සහ අනවශ්‍ය මානසික ආතතිය හේතුවෙන් මේ තත්ත්වය ඇතිවිය හැකියි. නිවෙසේදීම කළ හැකි සරල ප්‍රතිකාර මඟින් ඔබේ මුහුණ මත ඇති කළු ලප, කැළැල් ඉක්මණින්ම ඉවත් කරගන්න පුළුවන්.
ලෙමන් යුෂ
පුළුන් කැබැල්ලකට ලෙමන් යුෂ ස්වල්පයක් දමා කළු ලප ඇති ස්ථානයේ පිරිමදින්න. ලෙමන් යුෂ සමට උරාගත් පසු සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න. කළු ලප අඩු වී යන තුරු දිනපතා සති 2 ක් පමණ මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
අර්තාපල්
අර්තාපල් අල ගෙඩියකින් සිහින් පෙත්තක් කපාගෙන අඳුරු වී ඇති ස්ථානයේ තබන්න. විනාඩි 15 ක් පමණ තැබීමෙන් පසුව මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. අල ගෙඩියක් ග්‍රේට්කර යුෂ වෙන් කරගෙන එම යුෂ මුහුණේ ආලේපකර තැබීමෙන් ද කළු ලප කැළැල් ඉක්මනින් ඉවත්කරගත හැකියි.
කෝමාරිකා
කෝමාරිකා පත්‍රයකින් යුෂ වෙන්කරගෙන මුහුණේ ආලේපකර අඳුරු පැහැ වී ඇති තැන් විනාඩි කිහිපයක් ඇඟිලි තුඩුවලින් හොඳින් සම්භාහනය කරන්න. පසුව විනාඩි 15 ක් පමණ එය වියළෙන තුරු සිට සෝදා හරින්න.
සුදුහඳුන්
සුදුහඳුන් කුඩු මේස හැඳි 1 කට ග්ලිසරින් සහ රෝස වතුර ස්වල්පයක් එක්කර තලපයක් ආකාරයට සාදා ගන්න. පසුව එය මුහුණේ ආලේප කර විනාඩි 15 ක් පමණ තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න
කහ
කහ කුඩු මේස හැඳි 1 කට කිරි මේස හැඳි 2 ක් සහ ලෙමන් යුෂ තේහැඳි 1 ක් එක්කර හොඳින් මිශ්‍රකරගන්න. මෙම මිශ්‍රණය මුහුණේ ආලේපකර හොඳින් වියලුනු පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
ලූනු
ලූනු ගෙඩියක් සිහින්ව කපා පොඩිකර යුෂ වෙන් කරගන්න. පසුව පුළුන් කැබැල්ලක් එහි පොඟවා කළු ලප ඇති තැන්වල ආලේපකර සමට හොඳින් උරාගත් පසුව සෝදාහරින්න.

30/06/2024

😍💖කලු ලප ඉවත් කරගන්න සරල ක්‍රම 😍💖

මුහුණ මත කළු ලප ඇතිවීමෙන් ඔබේ සුන්දරත්වය නැතිවී යනවා. හිරු එළියට නිරාවරණය, හෝමෝන අසමතුලිතා, ගර්භනිය තත්ත්වය, යම් යම් ඖෂධ, විටමින් ඌනතා, නින්ද නොමැතිකම සහ අනවශ්‍ය මානසික ආතතිය හේතුවෙන් මේ තත්ත්වය ඇතිවිය හැකියි. නිවෙසේදීම කළ හැකි සරල ප්‍රතිකාර මඟින් ඔබේ මුහුණ මත ඇති කළු ලප, කැළැල් ඉක්මණින්ම ඉවත් කරගන්න පුළුවන්.

🌹ලෙමන් යුෂ
පුළුන් කැබැල්ලකට ලෙමන් යුෂ ස්වල්පයක් දමා කළු ලප ඇති ස්ථානයේ පිරිමදින්න. ලෙමන් යුෂ සමට උරාගත් පසු සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න. කළු ලප අඩු වී යන තුරු දිනපතා සති 2 ක් පමණ මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
අර්තාපල්
අර්තාපල් අල ගෙඩියකින් සිහින් පෙත්තක් කපාගෙන අඳුරු වී ඇති ස්ථානයේ තබන්න. විනාඩි 15 ක් පමණ තැබීමෙන් පසුව මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. අල ගෙඩියක් ග්‍රේට්කර යුෂ වෙන් කරගෙන එම යුෂ මුහුණේ ආලේපකර තැබීමෙන් ද කළු ලප කැළැල් ඉක්මනින් ඉවත්කරගත හැකියි.

🌹කෝමාරිකා
කෝමාරිකා පත්‍රයකින් යුෂ වෙන්කරගෙන මුහුණේ ආලේපකර අඳුරු පැහැ වී ඇති තැන් විනාඩි කිහිපයක් ඇඟිලි තුඩුවලින් හොඳින් සම්භාහනය කරන්න. පසුව විනාඩි 15 ක් පමණ එය වියළෙන තුරු සිට සෝදා හරින්න.

🌹සුදුහඳුන්
සුදුහඳුන් කුඩු මේස හැඳි 1 කට ග්ලිසරින් සහ රෝස වතුර ස්වල්පයක් එක්කර තලපයක් ආකාරයට සාදා ගන්න. පසුව එය මුහුණේ ආලේප කර විනාඩි 15 ක් පමණ තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

🌹කහ
කහ කුඩු මේස හැඳි 1 කට කිරි මේස හැඳි 2 ක් සහ ලෙමන් යුෂ තේහැඳි 1 ක් එක්කර හොඳින් මිශ්‍රකරගන්න. මෙම මිශ්‍රණය මුහුණේ ආලේපකර හොඳින් වියලුනු පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

🌹ලූනු
ලූනු ගෙඩියක් සිහින්ව කපා පොඩිකර යුෂ වෙන් කරගන්න. පසුව පුළුන් කැබැල්ලක් එහි පොඟවා කළු ලප ඇති තැන්වල ආලේපකර සමට හොඳින් උරාගත් පසුව සෝදාහරින්න.

30/06/2024

😍😍ලස්සන වෙන්න සල්ලි ඕන නෑ😍😍

😍කාන්තා පිරිමි බොහෝ දෙනා අද වනවිට රූපය පිළිබඳ වඩා සැලකිලිමත් වෙනවා. මේ නිසාම ගොඩක් මුදල් වියදම් කරලා විවිධ සත්කාර සඳහා ඔවුන් යොමු වෙනවා. නමුත් ලස්සන වෙන්න මුදල් අවශ්‍ය වෙන්නෙම නැහැ. ඔබත් මේ උපදෙස් ටික අත් හදා බලන්න.


😍දිනපතා ජලය නිසි ප්‍රමාණයට පානය කිරීම රුව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍යම අංගයක්. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම නිසා මිනිස් සිරුර නොයෙකුත් ආසාත්මිකතා වලට ගොදුරු වෙනවා. දහඩිය මලමුත්‍රා නිසිලෙස පහ වීම සිදු නොවීමට ජලය ප්‍රමාණවත් තරම් පානය නොකිරීම සෘජුවම බලපානවා. අප ගන්නා ආහාර නිසි ලෙස ජීරණය වීමටත් ප්‍රධාන ඉන්ධනය ලෙස ක්‍රියාකරන්නේ ජලයයි. මේ නිසා දිනකට අවම වශයෙන් වතුර බෝතල් හතරක් හයක් පමණ ප්‍රමාණයක් පානය කිරීමට අමතක නොකරන්න. පැය භාගයෙන් භාගයකට වතුර මිලිලීටර 250 ක් 300 ක් පමණ පානය කිරීම මුලදී ඔබට මදක් අපහසු ලෙස දැනුනත් සිතාමතා ජලය පානය කිරීමට යොමු වීමෙන් සතියකට පසු එම සිරිත ඔබට කිසිසේත්ම ආගන්තුක වෙන්නේ නැහැ.


😍රුව සම්පත ගැන සිතන අය උෂ්ණාධික කෑම හැකි පමණ අඩුවෙන් ආහාරයට ගැනීමත් වැදගත් වෙනවා. උෂ්ණාධික ආහාර ලෙස සැලකෙන ඉස්සන් දැල්ලන් බලමාළු බල කරවල වැනි ආහාරවලින් වැළකී සිටීම අපහසු නම් සතියකට දෙවතාවක් හෝ තුන්වතාවක් ඖෂධීය ගුණයන්ගෙන් පිරුණු කොළ කැඳ පානය කරන්න. එය ශරීරයේ විෂ නසා ඔබේ සම පැහැපත් තබා ගැනීමට උපකාරී වෙනවා.


😍මුහුණේ කුරුලෑ අධිකව ඇති අයට කරපිංචා කොළ කැඳ පානය කරපිංචා ලුණුමිරිස ඉතාම ගුණදායක වෙනවා.


😍හොඳින් නටන උණු ජලය භාජනයකට දමා වාෂ්ප මුහුණට ඇල්ලීමෙන්ද සම තුල ඇති සියුම් ව්‍යුහයන් තුළට කා වැදී ඇති කුණු දූවිලි තෙල් ගතිය ඉවත් කිරීමට උපකාරි වෙනවා.


😍ඔබේ ගෙවත්තෙන්ම සොයාගත හැකි කෝමාරිකා සම පිරිසිදු කරන හොඳ ක්ලෙන්සර් එකක් ලෙස ඔබට භාවිතා කරන්න පුළුවන්. කෝමාරිකා පිත්තක් ගෙන එහි පැත්තකින් පොත්ත ඉවත් කර තේ හැන්දකින් පහසුවෙන් එහි මදය සූරා ගන්න පුළුවන්. මෙහි ඇති කොළ පාට ස්‍රාවය ජෙලි තට්ටුවකට එකතු කිරීමෙන් වලකින්න.


😍මුහුණේ මැරුණු සම ඉවත් කිරීමට ගන්නා ඖෂධයක් නැත්නම් ස්ක්‍රබ් එකක් ලෙස කුරුඳු කබලේ බැඳ සිහින් වන්නට කුඩු කර ඊට කොහොඹ කොළ යුෂ හා දෙහි ස්වල්පයක් එකතු කර මුහුණේ ආලේප කර උඩු අතට හොඳින් සම්බාහනය කරන්න.


😍රාත්‍රි නින්දට යාමේදී පවා කාන්තාවන් විවිධ ආලේපන මුහුණේ තවරා ගෙන නින්දට යනවා. එය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. රාත්‍රි නින්දට යාමේදී කිසිම ආලේප වර්ගයක් භාවිත නොකළ යුතුයි. මුහුණ රාත්‍රී කාලයේදී ආලේපනයකින් තොරව නිදහස්ව තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා.


😍 මුහුණේ හා සිරුරේ පැහැපත් බවට ඍජුවම මනස බලපෑම් කරන බව මතක තබාගත ගත යුතු වෙනවා. උදේ හවස ආගමික වතාවත්වල යෙදීමෙන් දැහැමි ජීවිතයක් ගත කරමින් සන්සුන් මනසකින් භාවනාවක නිරත වෙනවා නම් වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව හදිසි කෝපයට මනස තුළ ඉඩක් නොතිබෙනවා නම් මුහුණ වගේම ශරීරයත් මනා පැහැපත් බවකින් පවත්වා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

😍සල්ලි නැතුව ලස්සන වෙන මේ රහස් ටික ඔබත් ජීවිතේට පුහුණු කරගන්න.

30/06/2024

🌼අදත් ආවේ ලේසිම ලේසි සත්කාරයක් අරන් දිග කොණ්ඩෙකට අපි කවුරුත් කැමතියිනේ..ඉතින් ඉවත දමන දෙයකින් කොණ්ඩේ වවාගන්න පුලුවන් කිව්වොත්...🤔
හිතාගන්න බෑ නේද ඔව් ඇත්තටම මේ සත්කාරයෙන් කොණ්ඩේ වැවීම ඉක්මන් කරනවා එහෙනම් බලමු මේ මොකද්ද කියලා..😁

🌼වේගයෙන් හිසකෙස් වවන ළුෑණු පොතු ස්ප්‍රේ..😍

🌺හිතාගන්න බෑ නේද ඔව් මේ ලොකේ හිතාගන්න බැරි දේවක් වලින් හිතාගන්න බැරි තරම් ප්‍රතිඵල ලැබිලා තියෙනවා..මේකත් ඒ වගේ..😁

🌸ඔයාලා දන්නවනේ ළුෑණු වලින් වේගයෙන් කොණ්ඩේ වවාගන්න පුලුවන් කියලා...ඕනේ තරම් ළුෑණු වලින් කරන සත්කාර ඔයාලා දැකලා ඇති..ඉතින් ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුලුවන් මේ ස්ප්‍රේ එකෙන් කොණ්ඩේ වවාගමු...තව දෙයක් කියන්නම ඕනී ස්භාවික සත්කාර වලින් දවස් දෙකෙන් තුනෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නම් නෑ..ටිකක් ඉවසීමෙන් ටික දවසක් කරන්න ඕනී..අතුරු ආබාධ නැතුව ලස්සන වෙන්න නම් අනිවාර්යෙන්ම ඉවසීමයි,කැපවීමයි තියෙන්නම ඕනී..😁

🌼එහෙනම් බලමු හදන හැටි👇

🔺අවශ්‍ය ද්‍රව්‍ය:-

◾ළුෑණු පොතු. (ඕනෑම ළුෑණු වර්ගයක පොතු තමන්ට කැමති ප්‍රමාණයකට අරන් සෝදලා අරගන්න)

◾අවශ්‍ය ප්‍රමාණයට වතුර.
ස්ප්‍රේ බෝටල් 1.

🔺සාදාගන්නා හා පාවිච්චි කරන ආකාරය:-

🔹පිරිසිදු කරගත් ළුෑණු පොතු ටික භාජනයකට දාගන්න.දැන් ඒකටම වතුර ටිකත් එකතු කරගෙන ලිපේ තියාගන්න.ලිපේ ගින්දර වැඩි කරගන්නේ නැතුව සාමාන්‍ය ගානට තියාගන්න..විනාඩි 10 විතර යනකොට ළුෑණු පොතු වල පාට අඩුවෙලා වතුර එකත් දුඹුරු පාටකට හැරෙන්න ගන්නවා.තවත් විනාඩි 5ක් වගේ තැම්බෙන්න තියලා ලිප නිවාගෙන ඒක නිමෙන්න තියන්න.හොදටම නිමුනට පස්සේ ළුෑණු පොතු ටික අයින් කරගත්ත වතුර ටික ස්ප්‍රේ බෝටල් එකට දාගන්න.නාන්න පැයකට කලින් මේක හොඳට හිස්කබලට කා වදින විදියට ස්ප්‍රේ කරලා පැයක් තියලා නාන්න..ශැම්පු කරන්න අවශ්‍ය නෑ..😁 ඔන්න ඔහොමයි කරන්න තියෙන්නේ..ඔයාලට තේරුනේ නැති දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න.💞

ළුෑණු පොතු ස්ප්‍රේ එකෙන් ලැබෙන ප්‍රතිඵල...

◾හිස්කෙස් ගැලවී යාම හා කැඩී යාම පාලනය කර හිසකෙස් ශක්තිමත් කරනවා.

◾පිරිපුන් කෙස් කලඹක් ලබා දෙනවා.

◾හිසකෙස් වැවීමේ වේගය ඉක්මන් කරනවා.

30/06/2024

🙂 අව්ව නිසා හම අඳුරැ පැහැවෙන එක ප්‍රශ්ණයක්.නිතර අව්වට නිරාවරණය වන මුහුනේ අත්වල හම අව පැහැ ගැන්වීම සමහර වෙලාවට මානසික වදයක්. හැබැයි පුංචි පුංචි ක්‍රම කිහිපයක් මගින් මේ තත්ත්වයෙන් මිදෙන්න අවස්ථාව තියෙනවා.අද අපි කියන්නේ ඒ වගේ සරල ක්‍රම කිහිපයක් ගැන.

😍😍ශිත කළ කිරි සත්කාරය.

🙂ශීතකළ කිරි වල කපු පුළුන් කැබැල්ලක් පොඟවලා එය සමේ අව්වට පිලිස්සි අඳුරු වූ ස්ථානවල අලේප කරන්න.
විනාඩි 2 -3 කට පසුව ශීත වතුරෙන් සෝදා හරින්න.
මේ ක්‍රමය ටික දවසක් එක දිගට කරනවිට දුර්වර්ණ වුන සම යළි යථා තත්ත්වයට ගන්න අවස්ථාව තියෙනවා.

😍😍දුඹුරු සීනි සත්කාරය

🙂දුඹුරු සීනි, දෙහි පලුවක්, පොල්තෙල් ස්වල්පයක් අරගෙන මේ සියල්ල හොඳින් මිශ්‍ර කරන්න.
පසුව මිශ්‍රණය සමේ අව්වට පිලිස්සි ගිය ස්ථානවල ආලේප කර මද වේලාවකින්
සීතල වතුරෙන් සෝදා හැරීම මගිනුත් සම යථා තත්ත්වයට ගන්න පුළුවන්.

😍😍කෝමාරිකා සත්කාරය

🙂කොමාරිකා පිත්තක් දෙකට පළලා එහි මදය ආලේප කිරීමෙනුත් හම සුන්දර කර ගන්න පුළුවන්. ඒ වගේම කොමාරිකා මදය කෝප්ප කාලකට පිරිසිදු පොල්තෙල් කෝප්ප බාගයක් මිශ්‍ර කරලා මේ මිශ්‍රණය හොඳින් උකු වෙනතුරු මිශ්‍ර කරන්න. දැන් එය විනාඩි 20 ක් පමණ වීදුරු භාජනයක කාමර උෂ්ණත්වයේ තියලා පසුව අලේප කරන්න. මෙය දවසේ කුමන මොහොතක වුනත් ආලේප කරන්න පුළුවන් ආලේපනයක්.

මේ ස්වාභාවික අමුද්‍රව්‍ය දාල හදන නිෂ්පාදනයක් තිබ්බනම් හොදයි නේද
හිතන්න එපා එහෙම නිෂ්පාදන තියෙනවා අනේ ඒ තමයි හර්බ්ලයින් ආයුර්වේද නිෂ්පාදන ඉතිං බාවිතා කරල වෙනස වටහා ගන්න ඔයත් වැඩි විස්තර අමතන්න 0765757604

30/06/2024

හේයි 📍 ලමයෝ ඔයා හෙට සෙනසුරාදා ගෙදරද? ඔයාලට ලස්සන වෙන්න ඕනිද?

📌️ සුදු වෙන්න හොදම ෆේස් පැක් එක 😍😍

ඔන්න මම මේ පෝස්ට් එකෙන් කියලා දෙන්න හදන්නෙ ඉක්මනින්ම ඔයාගෙ සම සුදු කර ගන්න පුලුවන් ෆේස් පැක් එකක් ගෙදරදීම හදා ගන්න විදිහ ගැන 😍😍🍀

අපි බලමු මේ ෆේස් පැක් එක හදා ගන්න අවශ්‍ය දේවල් මොනවද කියලා 👇

◽️වෙනිවැල්ගැට කුඩු තේ හැදි දෙකක්
◽️ කඩලපිටි තේ හැදි දෙකක්
◽️ යෝගට්
◽️ ගෙදර භාවිතා කරන කහ හෝ කස්තුරි කහ

හරි ළමයී අපි බලමු දැන් ෆේස් පැක් එක හදා ගන්න විදිහ 👇

◽️ පිරිසිදු භාජනයකට වෙනිවැල්ගැට කුඩු තේ හැදි දෙකක් එකතු කර ගන්න.දැන් ඒකටම කඩලපිටි තේ හැදි දෙකක ප්‍රමාණයක් එකතු කර ගන්න.ඊට පස්සෙ කහ කුඩු තේ හැදි භාගයක් එකතු කර ගන්න ඕනි.දැන් යෝගට් තේ හැදි දෙකක් එකතු කරගෙන මේ ටික හොදින් මිශ්‍ර කර ගන්න උකු පේස්ට් එකක් වෙනකන්.

ඉතින් මේ පැක් එකට එකතු කර ගන්න අමුද්‍රව්‍ය වල තියෙන ප්‍රතිඵල තමයි 😍👇

🖇️ මේ ෆේස් පැක් එකට වෙනිවැල්ගැට එකතු කර ගන්න නිසා අපේ මුහුණේ තියෙන අනවශ්‍ය විශබීජ ඉවත් වෙලා යනවා.ඒ වගේම සම හොඳින් ස්ක්‍රබ් වෙනවා.ඉතින් සම ස්ක්‍රබ් වෙනවා කියන්නෙ අපේ මුහුණේ තියෙන මැරුණු සම ඉවත් කරනවා කියන එක.ඒ වගේම තමයි අපේ මුහුණට හොද පැහැපත් සුදක් ලැබෙනවා.මුහුණේ තියෙන කුරුලෑ ලප කැලැල් ඉවත් කර ගන්න ගොඩක් උපකාරී වෙනවා මේ වෙනිවැල්ගැට.

🖇️ කඩලපිටි කියන්නෙත් අපේ සම ඉක්මනින්ම පැහැපත් කර ගන්න ගොඩක් උදව් කරන දෙයක්.

🖇️ කහ එකතු කර ගන්න නිසා අපේ මුහුණේ තියෙන අනවශ්‍ය විශබීජ ඉවත් වෙනවා වගේම මුහුණේ රෝමකූප වැවීම අක්‍රමවත් කරනවා.ඒ නිසා ඔන්න මේක ටික කාලයක් භාවිතා කරනකොට ඔයාට මුහුණේ තියෙන රෝම ඉවත් කර ගන්න ත්‍රේඩින් එකක් කර ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ.මේකෙන් නිකන්ම ඔයාගෙ මුහුණේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් වෙලාම යනවා.

🖇️ යෝගට් වලිනුත් ඔයාගෙ සමට හොද තෙතමනයක් ලබා දෙනවා වගේම සමට හොද පෝෂණයක් ලැබෙනවා.ඒ වගේම සමේ පැහැය වැඩි කර ගන්නත් යෝගට් උදව් වෙනවා.

◽️ මේ විදිහට හදා ගත්තු පැක් එක ඔයාට මුහුණේ විතරක් නෙවේ,අත්වල කකුල් වල සහ බෙල්ලෙ වගේ තැන් වලත් මුහුණට වඩා අවපැහැ වෙලා නම් ඔයාට පුලුවන් මේ පැක් එක ආලේප කරන්න.

◽️ පැක් එක මුහුණේ ආලේප කරලා විනාඩි විස්සක් තියලා සාමාන්‍ය වතුරෙන් සෝදලා ඉවත් කර ගන්න.👉 පැක් එක ඒ වෙනකොට පොඩ්ඩක් හයි වෙලා තියෙන්න පුලුවන්,අත්දෙකේ වතුර පොඩ්ඩක් ගාලා ස්ක්‍රබ් එකක් කරන ගමන්ම මුණෙන් පැක් එක ඉවත් කර ගන්න.

◽️සතියට දෙපාරක් වගේ මේ පැක් ඔයා පාවිච්චි කලොත් ඔයාට ගොඩක් හොද ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.ඒ නිසා අදම මේ පැක් පාවිච්චි කරලා බලන්නකො වෙනස 😍😍

30/06/2024

👩‍⚕‍පිග්මන්ටේෂන් ගැන දැන ගනිමු..

🦋මොනවද මේ පිග්මන්ටේෂන්?
පිග්මන්ටේෂන් කියන්නේ සම මත ඇති දුඹුරු හෝ කලු පැහැති ලප වර්ගයකට..

🦋පිග්මන්ටේෂන් ඇති වීමට හේතු

🌼මෙලනින් වර්ණකය සමේ තැනින් තැන එක් රැස් වීම මඟින් පිග්මන්ටේෂන් ඇති විය හැකියි.

🌼සම අධික හිරු එලියට නිරාවරණය වීමෙන්. UV කිරණ හෙවත් පාරජම්බුල කිරණ වල බලපෑම මඟින් මේවා ඇති විය හැකියි.

🌼ගර්භනී සමයේ ඇති වන සංකූලතා නිසා.

🌼ගර්භනී සමයේ ඇති වන මෙම ලප දරුවා බිහි වීමෙන් පසු නැති වී යයි.

🌼ජානවල බලපෑමක් හෝ හෝමෝනවල බලපෑමක් නිසා.

🌼බ්ලීචින්ග් සහිත ක්‍රීම් වර්ග ආලේප කිරීම නිසා.

🌼උපත්පාලන පෙති භාවිතා කිරීම නිසා.

🌼රසායනික ද්‍රව්‍ය සහිත, ප්‍රමිතියෙන් තොර වර්ණක හිස කෙස් වර්ණ ගැන්වීමට යොදා ගැනීම නිසා.

🌼යම් රෝගයක් වෙනුවෙන් ලබා ගත් බෙහෙතක අතුරු ඵලයක් නිසා.

🌼වයස්ගත වීමත් සමඟ මුහුණේ ඇති මැරුණු සෛල සහ මෙලනින් වර්ණකය එකට එක් වීම නිසා.

🦋මෙම තත්වය සඳහා ඇති විසඳුම්

🌼අව්වට යාමට පෙර සන් ක්‍රීම් ආලේප කිරීම.

🌼හිස කෙස් වර්ණක සහ ක්‍රීම් වර්ග තෝරා ගැනීමේදී වෛද්‍යවරයෙකුගේ උපකාර ලබා ගැනීම.

🌼මාසයකට වතාවක් ෆේස් මසාජ් එකක් සිදු කර ගැනීම. – ෆේස් මසාජ් හරහා රුධීර නාළිකා උත්තේජනය වීමෙන් මෙම තත්වය මඳක් දුරට සමනය කර ගන්න පුළුවන්.

🌼රුපලාවන්‍ය ශිල්පියෙකුගේ උපදෙස් මත සුදුසු ෆේස් පැක් එකක් භාවිතා කිරීම. ෆේස් පැක් ස්වභාවික ද්‍රව්‍ය වලින් සකසා ගැනීම වඩාත් සුදුසු වේ.
සතියෙන් හෝ සති දෙකෙන් සුදු වන බව සහතික කරන ක්‍රීම් වර්ග වල රසදිය අඩංගු විය හැකි නිසා ඒවා භාවිතා නොකරන්න.
පිග්මන්ටේෂන් සඳහා වෙන් කළ ක්‍රීම් වර්ග මිලදී ගෙන ආලේප කරන්න.
සුදුසු නයිට් ක්‍රීම් එකක් මිලදී ගෙන ආලේප කරන්න.
මයික්‍රෝ කරන්ට් ට්‍රීට්මන්ට් ප්‍රතිකාර ක්‍රමය සිදු කර ගන්න. මෙම ප්‍රතිකාර ක්‍රමය රූපලවන්‍යාගාර හරහා සිදු කර ගත හැක.
මුහුණ පිරිසිඳු කිරීමෙන් පසු ටෝනර් ගැල්වීමට පුරුදු වන්න.
එළවලු සහ පලතුරු වැඩියෙන් ආහාරයට ගන්න. හැකි තරම් වතුර බොන්න.

30/06/2024

ඉක්මනින් කෙට්ටු වෙන්න නම් මේ විදියට කෝපි බොන්න.😍😍😍😍😍😍😍😍

💖කොහොමද කෝපි වලින් බර අඩු වෙන්නේ?

ශරීරයේ බර වැඩි කරන මේදය , කැලරි හා කොලෙස්ටරෝල් කෝපි වල අඩංගු වෙන්නෙ නැහැ

ශරීරයේ බර වැඩි කරන ඉහත සංඝටක කෝපි වල අඩංගු නොවෙන නිසා සෞඛ්‍යයට හානි නොකරන වාසිදායක පානයක් සොයන ඔබට කෝපි කියන්නේ සුදුසුම පානයක්

ඔබ ගන්නා ආහාර වල ඇති කැලරි ශරීරයට උරාගන්නා ප්‍රමාණය අවම කරනවා

ඔබ කොතරම් කැලරි අධික ආහාර ගත්තත් කෝපි වල ඇති කැෆේන් නැමති සංඝටකය මඟින් එම කැලරි ශරීරයට උරාගැනීම අවම කරනවා.

සිරුරේ ඇති මේදය වේගයෙන් දහනය කරනවා

සීනි රහිත කෝපි පානය මඟින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය ඉහල නංවන අතර එහිදි ශරීරයේ අනවශ්‍ය මේදය ,විශේශයෙන්ම උදරය ආශ්‍රිත මේදය වේගයෙන් දහනය කරනවා

කුසගින්න පාලනය කරනවා

කෝපි වල අඩංගු කැෆේන් නැමති සංඝටකය නිසා ඔබේ ආහාර රුචිය අවම කරනවා.ඒ වගේම කුසගිනි දැනෙන හෝමෝන නිකුත් වීමද අවම කරනවා

ක්‍රියාශීලිත්වය වැඩි වී ව්‍යායාම වලින් වැඩි ප්‍රතිපල ලබා දෙනවා

බොහෝ දෙනා ව්‍යායාම කිරීමට පෙර කෝපි පානය කරනවා.මෙයට හේතුව වන්නේ කෝපි පානය නිසා ශරීරයේ ක්‍රියාශීලිත්වය වැඩි වීමයි.එමඟින් ව්‍යායාම වලින් ඔබට වැඩි ප්‍රතිඵල ලබා දෙනවා

බර අඩු කරගන්න නම් කෝපි බොන්න ඕන කොහොමද ?

ඔබ දිනකට කෝපි කෝප්ප හතරක් හෝ පහක් පානය කරනවා නම් විනාඩි 30 ක් ව්‍යායාම කිරීමෙන් දහනය වන මේද ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දහනය වෙනවා කියලා පරික්ශන වලින් සොයාගෙන තියනවා.
කෝපි පානයට සුදුසුම කාලය උදේ කාලය ලෙස සැලකෙනවා. නමුත් රාත්‍රියේදි ඔබ කෝපි පානය කරනවා නම් නින්දට යාමට පැය කීපයකට පෙර කෝපි පානය කල යුතුයි. එයට හේතුව වන්නේ කෝපි වල ඇති කැෆේන් මඟින් ඔබේ නින්ද අවම කිරීමයි.
ඒ වගේම කෝපි පානයේදි සීනි ඉතා අවම වශයෙන් භාවිතා කල යුතු වෙන අතර කිරි භාවිතා නොකර සිටීම වඩාත් සුදුසු වෙනවා

කෝපි වලින් ශරීරයට අත්වෙන වෙනත් වාසි මොනවද ?👇👇👇

✨️හෘද රෝග ඇතිවීම අවම කරයි

✨️මතක ශක්තිය වර්ධනය කරයි

✨️අක්මාව පිරිසිදු කරන නිසා අක්මාව ආශ්‍රිත රෝග වැළඳීම වලක්වයි

✨️උදරය පිරිසිදු කර උදරයේ ඇති විශ ඉවත් කරයි

✨️පියයුරු පිළිකා ,බඩවැල් පිළිකා සහ ගුද මාර්ග පිළිකා වැළඳීම අවම කරයි

✨️මානසික පීඩනය අවම කරයි

30/06/2024

🌼මලක් වගෙ නැවුම් මුහුණකට උදෑසන සිදුකල යුතු දේවල් 4🌼

🌸අපේ මුහුණ කියන්නේ ඉතාමත් සුන්දරව තබා ගත යුතු දෙයක්.අපි සියලු දෙනාම සුන්දරත්වය අපි තුළ උපතින්ම රැගෙන එන අතර විවිධ බාහිර බලපෑම් නිසා එහි සුන්දරත්වය සැඟවීමට ලක්වෙනවා.උදෑසන අපි සිදුකරන සත්කාරයන් අපේ මුහුණ ඉතාමත් නැවුම්ව සුන්දරව මලක් වගේ දවස පුරාවටම තබා ගැනීමට හේතුවක් වෙනවා.

🌸දිනපතා උදෑසන මේ සත්කාරයන් 4 සිදුකිරීමෙන් හැමදාමත් මුහුණ පැහැපත්ව ලස්සනට තියාගන්න තියාගන්න පුලුවන් වෙනවා.

(1) ක්ලෙන්ස් කරන්න.

◾අපේ සුන්දරත්වයට බලපාන පලවෙනි දේ තමයි පිරිසිදු බව.අපේ සම ඉතාමත් පිරිසිදුවට තබා ගන්නා විට සමේ කුරුලෑ ,බිබිළි ,දද ආදිය සම මත හට ගැනීම හට ගැනීම වළක්වා ගත හැකි වෙනවා.ඒ වගේම සම ඉතාමත් පැහැදිලි පැහැපත් අන්දමින් තබා ගැනීමට හේතු වෙනවා.දිනපතාම උදෑසන තමන්ගේ සමට වඩාත් හොදින් ගැලපෙන ක්ලෙන්ස් වර්ගයක් යොදා සම පිරිසිදු කර ගන්න.

(2) ටෝනර් කරන්න.

◾ඉන්පසුව සමේ විවර වුන රෝම කූප නැවත වසා තැබීම සඳහා ටෝනර් කිරිම වැදගත්.ඒ වගේම ටෝනර් කිරීම මගින් සමට නැවුම් ස්භාවයක් ලබා ගැනීමට හැකි වෙනවා.tonar එකක් ඔබට වෙළෙඳ පොළෙන් මිලට ගත හැකි අතර රෝස වතුර,පිපිඤ්ඤා සාරය, අයිස් වතුර වැනි ස්වභාවික ක්‍රම වලට ද යොමු වීමට පුළුවන්.

(3) මොයිස්චරයිසින් කරන්න.

◾සම පිරිසිදු කර ගැනීමෙන් අනතුරුව තෙත මාත්තු කරගන්න.ඉන්පසුව සමේ වර්ගයට ගැළපෙන හොඳ මොයිස්චරයිසින් ආලේපනයක් ගැල්වීම සිදු කරන්න.එමඟින් සමට හොඳ පෝෂණයක් ස්වභාවයක් ලැබෙන අතර සමේ වියලි ස්වභාවය නැති කරයි.ඒ වගේම හොඳ මොයිස්චරයිසින් ආලේපනයකට මුහුණට හොඳ ප්‍රාණවත් පෙනුමක් ලබා දිය හැක.

(4) sunscreen ගල්වන්න.

◾පිරිසුදු කර පෝෂණය ආලේපනයක් ගැන්වූ මුහුණ අහිතකර දැඩි අව් රශ්මියෙන් ආරක්ෂා කරගත යුතුය.එම නිසා spf අගයක් සහිත sunscreen ආලේපනයක් ගැල්වීම සිදු කළ යුතුය.ඔබ රැකියා කටයුතු සිදුකරන්නෙ වායු සමීකරන සහිත ස්ථාන වල නම් ඔබේ සම වියලීමට ලක් වෙයි. සමහර sunscreen ආලේපන වලින් මේ තත්ත්වයෙන් ද සම ආරක්ෂා කර ගත හැකියි.

Photos from Cosmetics with sanki's post 30/06/2024

ඔන්න අලුත් stock ආවා ළමායී..........

🐌🇰🇷𝑺𝒏𝒂𝒊𝒍 𝒔𝒐𝒐𝒕𝒉𝒊𝒏𝒈 𝒈𝒆𝒍 🇰🇷🐌
🫰

ඔයාල දන්නවද මේ Snail Gel වලින් අපේ හමට ගොඩාක් හොඳ වාසි ප්‍රයෝජන රාශියක් ලැබෙනවා කියලා🫰

ස්නේල් ජෙල්වල පෝෂණය ගැන කතා කරනකොට විශේෂයෙන්ම Collagen , Vitamin C , Vitamin A වගේ දේවල් අන්තර්ගත වෙලා තියනවා. මීටත් අමතරව හමට හොද තෙතමනයක් ලබා දෙන්න පුළුවන් Hyaluronic Acid වගේ දේවලුත් මේවයේ අන්තර්ගත වෙලා තියනවා.🇰🇷
අන්න ඒ නිසා South korean නිශ්පාදන රාශියක මෙන්න මේ Snail Gel අන්තර්ගත වෙලා තියනවා🫰
ඉතින් මේකෙන් ලැබෙන වාසි ප්‍රයෝජන ගැන කතා කලොත් මුලින්ම,
🐌සමට හොඳ තෙතමනයක් ලබා දෙනවා වගේම
සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා...
🐌සමේ රැලි වැටුනු ස්වභාවය අඩු කරන්නත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
🐌Stretch Marks,
🐌අවුවට පිළිස්සුනු සම නැවතත් යථා තත්වයට පත් කරන්නටත් මේ snail soothing gel වලට හැකියාව තියනවා.
🐌Glass skin එකක් ගන්නත් මේ ස්නේල් ජෙල් එක ගොඩක් උදව් වෙනවා🌹
🐌Dry Skin වගේම Oily Skin එකක් තියන කෙනෙක්ට වුනත් මේක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්...
විශේෂයෙන්ම,,
🐌කුරුලෑ සහිත සමකට වඩාත් සුදුසුයි..
🐌ඒ වගේම කුරුලෑ නිසා ඇති වූ ලප කැළැල් ,
pigmentation තත්වයන් පවා සුව කිරීමේ හැකියාවක් මෙයට තියනවා.
🫰මේ හැමදේමත් එක්කම අපේ මුහුනට ඇගට දෙකටම එක වගේ ලස්සන පැහැයක් ලබා ගන්න ලබා දෙන්න ස්නේල් ජෙල් බොහෝ සේ උපකාරී වෙනවා...🐌

100%🇰🇷

🇱🇰 ලංකාවේ අඩුම මුදලට ඔයාලටත් මේ ස්නේල් ජෙල් එක අවශ්‍ය නම් අපිට. message එකක් එවන්න..🫰😍

Want your business to be the top-listed Beauty Salon in Nittambuwa?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Nittambuwa