Ro.Healing

Ro.Healing

Share

We Care Your Movements�

18/07/2026

2026 Novices Badminton champion ආව එයාගෙ shoulder pain එකට Treatment එකකට.

මේ එයාගෙ දෙවෙනි Treatment එක. එයා අවුරුදු කීපයක් Lower back සහ shoulder වේදනාවෙන් ඉදල තියෙන්නෙ.

එයාගෙ back pain එකනම් පළවෙනි Relaxation එකෙන්ම සනීපවෙලා.

එයා හරිම සතුටින් හිටියේ...ඉතිං අපිනම් කියන්නෙ කවුරුවත් වේදනාවෙන් එච්චර කල් ඉන්න ඕන නෑ කියල ✌️

0770079352

14/07/2026

යාලුවෙක් කතා කරල කියනවා මචං මගෙ Nerves pinch වෙලා specialist කිව්ව කියල. මම ඇහුව Doctor Recommendation මොනවද කියල බෙහෙත් කන්දක photo එකක් එව්වා..
ඊට පස්සෙ එයාම ඒ බෙහෙත් Google කලාම දැනගත්තලු ඉතාම තද Painkillers කියල...

සමහර (අති බහුතරයක්)Nervous pinches Masseur therapy Level එකෙන් සනීප කරන්න පුලුවන් .

Masseur therapy ,Physiotherapy ගැන specialist දන්නෙ නැතුව නෙවෙයි එයාල recommend කලාට ගොඩක් අය කැමති බෙහෙත් බොන්න.ඉතිං මේ අව්ල කොහොම කොහොමහරි උඩු දුවල තියෙන්නේ.

ඉතිං මම යාලුවට treatment එකක් කලා.ඒකෙන් පස්සෙ වේදනව ලොකු ප්‍රමාණෙකින් අඩු වුනා. treatment එකයි කලේ තාම.Doctor Diagnosis එකකින් පස්සෙ recommendation එක්ක එනවනම් මේ තත්ව හරිම පසහුවෙන් සනීප කරන්න පුලුවන්

මේ වගේ සිද්ධි මහ ගොඩක් ඇති ....

ඉතිං බොරුවට වේදනා විදින්න එපා අපි ඔබ සමගයි ✌️

0770079352

19/06/2026

තමන්ගෙම කියල දෙයක් පටන් ගන්න හිතන් ඉන්නවනම් කියවන්න......

Masseur Therapist කෙනෙක්ගේ ජීවිතේ ලොකුම හීනයක් තමයි තමන්ගෙම Center එකක් පටන් ගන්න එක.හීනෙ අපේ වුනාට හීනෙ පාට කරන්න අපිට ඕන ඕන විදියට බෑ.මොකද එහෙම කලාම ඒක කේකුයි කිරි හොදී වගේ වෙන්න පුළුවන් .මොකද අදහස් ගොඩක් එක්කයි අපි වැඩක් පටන් ගන්නේ...ඒත් මට ඕන වුනා center එක මගෙ අදහස් ටික ගලපල Interior Design එකක් එක්කම වැඩේ පටන් ගන්න ... ඉතිං Ro Healing center එක අද තියන පිළිවලට හදන්න අවශ්‍යම Guidelines ටික හදල දුන්නේ මේ photo එකේ ඉන්න Interior Designer Isirie Anupama Perera .

විශ්වාස කරන්න වැදගත්ම දේ මේ හැමදේම අපි Handle කරගත්තෙ online . හැමදේම හරියටම හදල දීල පිළිවලක් කරේ ඉසිරි...මේ හැමදේම ලස්සනට plan කරල එයා දුන්න වගේම අපි ඒ විදියට Arrange කලා..

තමන්ගෙ නිර්මාණයේ final outlook එක බලන්න ඉසිරි ආව දවසෙ ගත්ත photo එක තමයි මේ....ඉසිරි නිසා ලස්සනට හැඩ වුණු Ro Healing center එක හැමදාමත් ඉසිරිව මතක් කරාවී......කවුරුහරි පිලිවලට interior වැඩක් කරගන්නවනම් ඉසිරිව සම්බන්ධ කරගන්න 👊💐

center එකේ photo comment වල....

මගේ ඉල්ලීමකට ඉසිරි පාසලක Gate එකකුත් Design කලා....ඒකේ photo ත් දාන්නම්

05/06/2026

Congratulations 💐💖

Photos from Ro.Healing's post 02/06/2026

Spa, ලිංගිකත්වය , Professional Massage

​සමාජ මාධ්‍ය තුළ වැඩිපුරම කතාබහට ලක්වන, ඒ වගේම බොහෝ දෙනෙක් රහසින් හෝ කියවන්න කැමති මාතෘකාවක් තමයි 'Spa' සහ 'ලිංගිකත්වය' කියන්නේ. හැබැයි අපි අද කතා කරන්නේ මේකේ ඇත්තම ඉතිහාසය සහ වර්තමාන යථාර්ථය ගැනයි.
​Spa කලාව ඇතුළට ගණිකා වෘත්තිය ආවේ කොහොමද? අද වෙනකොට Professional Massage එකක් ඒකෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ කොහොමද?
​1. Spa ඉතිහාසය සහ ලිංගිකත්වය සම්බන්ධ වුණු හැටි
​'Spa' කියන වචනය හැදුණේ ලතින් භාෂාවේ "Sanitas Per Aquam" (ජලය මගින් ලැබෙන නීරෝගීකම) කියන අදහසින්. රෝම අධිරාජ්‍යය කාලයේදී සොල්දාදුවන්ගේ මහන්සිය නිවාගන්න සහ තුවාල සුවකරගන්න පොදු ස්නානය කරන ස්ථාන (Roman Baths) නිර්මාණය වුණා.
​කාලයත් එක්ක මේ රෝම නානකාමර සහ Spa සංස්කෘතිය ඇතුළට සූදුව, මත්පැන් වගේම ලිංගික ශ්‍රමය (Prostitution) එකතු වෙන්න පටන් ගත්තා. මහන්සිය නිවාගන්න එන රජවරුන්, සෙන්පතියන් සහ ඉහළ පැලැන්තියේ අයට අමතර 'විනෝදයක්' සැපයීම මේ ස්ථාන හරහා සිදුවුණා.
​විශේෂයෙන්ම 19 සහ 20 වන සියවස්වලදී ලෝකයේ සමහර රටවල මේ Spa සංස්කෘතිය රහසිගත ගණිකා නිවාස (Brothels) සඳහා "මුවාවන්" (Cover-up) ලෙස භාවිත කරන්න පටන් ගත්තා. ලංකාව ඇතුළු ආසියාතික රටවල් බොහොමයක අදටත් "Spa" කියන වචනය ඇහුණු සැනින් මිනිසුන්ගේ හිතට වැරදි චිත්‍රයක් එන්නේ මේ ඓතිහාසික පසුබිම සහ වර්තමානයේ සිදුවන සමහර නීතිවිරෝධී ක්‍රියාකාරකම් නිසයි.
​2. ලිංගිකත්වයෙන් බැහැර වූ "Professional Massage" යනු කුමක්ද?
​ලිංගිකත්වය කියන්නේ මිනිස් ආශාවක් වුණත්, Professional Massage (වෘත්තීය සම්බාහනය) කියන්නේ සම්පූර්ණයෙන්ම "වෛද්‍ය විද්‍යාත්මක සහ චිකිත්සක" (Therapeutic) ක්‍රියාවලියක්.
​මිනිස්සු ශාරීරික සුවතාවය සහ මානසික නිදහස වෙනුවෙන් Professional Massage එකක් තෝරාගත යුත්තේ ඇයි? එය ලිංගික සේවාවන්ගෙන් වෙන් වෙන්නේ මෙන්න මේ කරුණු නිසයි:
​ව්‍යුහ විද්‍යාත්මක දැනුම (Anatomy & Physiology): වෘත්තීය සම්බාහන ශිල්පියෙක් (Professional Therapist) කියන්නේ මිනිස් සිරුරේ මස්පිඩු, ස්නායු සහ අස්ථි පද්ධතිය ගැන විද්‍යාත්මකව හදාරපු කෙනෙක්. ඔවුන් ක්‍රියා කරන්නේ ශරීරයේ වේදනාවන් සහ ආතතිය (Stress) නැති කරන්න මිසක් ලිංගික උත්තේජනයක් ඇති කරන්න නෙවෙයි.
​ක්‍රීඩා සහ පුනරුත්ථාපනය (Sports & Rehabilitation): ක්‍රීඩකයන්ගේ මාංශ පේශි යථා තත්ත්වයට පත් කිරීමට (Sports Massage), පක්ෂාඝාත (Stroke) හෝ ආබාධිත තත්ත්වයන් සුව කිරීමට වෘත්තීය සම්බාහනය අත්‍යවශ්‍ය වෛද්‍යමය මෙවලමක්.
​ගරුත්වය සහ සදාචාරය (Ethical Codes): වෘත්තීය Therapists ලා සපුරාම ලිංගික සේවාවන් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් සේවාදායකයාගේ (Client) පෞද්ගලිකත්වය සහ වෘත්තීය ගරුත්වය උපරිමයෙන් රකිනවා.

ලිංගිකත්වය කියන මාතෘකාවට මිනිස්සු ආකර්ෂණය වීම ස්වාභාවිකයි. හැබැයි "Spa" කියන ලේබලය අස්සේ හැංගිලා තියෙන ලිංගික ශ්‍රමයයි, මිනිස්සුන්ව නීරෝගී කරන "Professional Massage Therapy" කියන උදාර වෘත්තියයි පටලවා නොගැනීම බුද්ධිමත් සමාජයක වගකීමක්.
​ඔබට අවශ්‍ය ශාරීරික සුවතාවයද? නැතිනම් තාවකාලික ආශ්වාදයක්ද? තීරණය ඔබ සතුයි!

01/06/2026

📢 Ro Healing Gift Voucher දන්සැල පිළිබඳ සටහනක්

වෙසක් පුන් පෝය නිමිත්තෙන් අපි රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් Gift Voucher 100ක් පිරිනැමීමට සූදානම් කළා.
නමුත් කණගාටුවට කරුණක් නම්, ඒ අතරින් වවුචර් ලබාගෙන ප්‍රයෝජනයට ගත්තේ පුද්ගලයන් 8 දෙනෙකු පමණයි.
මෙයින් අපට පැහැදිලි වුණේ තවමත් අපේ සමාජය තුළ Massage Therapy පිළිබඳ නිවැරදි දැනුම සහ අවබෝධය ප්‍රමාණවත් නොවන බවයි.
අදටත් බොහෝ දෙනෙක් Massage Therapy කියන්නේ මාංශ පේශී වේදනා, ආතතිය, ශාරීරික අපහසුතා සහ පුනරුත්ථාපනය සඳහා භාවිතා කරන සෞඛ්‍යමය ප්‍රතිකාරයක් බව නොදන්නා අතර, ඇතැම් වැරදි සමාජ මත අදහස් තවමත් පවතිනවා.
අපගේ අරමුණ වන්නේ වට්ටම් ලබාදීම පමණක් නොව, Professional Massage Therapy පිළිබඳ නිවැරදි අවබෝධයක් සමාජයට ලබාදීමයි.
Gift Voucher ලබාගෙන භාවිතා කළ සියලු දෙනාට අපගේ ස්තූතිය පුද කරන අතර, මෙවර අවස්ථාව භාවිතා නොකළ අයටත් අනාගතයේදී ඒ පිළිබඳ වැඩි අවබෝධයක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
🙏 ලබන වසරේදීත් අපි මෙම දන්සැල සංවිධානය කිරීමට බලාපොරොත්තු වන අතර, එම අවස්ථාව සැබෑ අවශ්‍යතාවයක් ඇති පුද්ගලයන් වෙත ළඟා වේවායි බලාපොරොත්තු වෙමු.
Ro Healing Muscle Care Center
"Massage යනු විනෝදාස්වාදයක් නොව, සෞඛ්‍යමය ප්‍රතිකාරයකි."

30/05/2026
25/05/2026

වෙසක් පුන් පෝය නිමිත්තෙන් ඔබ වෙනුවෙන් RO HEALING වෙතින් විශේෂ දන්සැලක් 🎁
පළමු Comment 100 සඳහා පමණක්
එකතුව රුපියල් ලක්ෂයක් වටිනා Gift Voucher 100ක් ලබාදීමට අප සූදානම්.
📌 ඔබ කළ යුත්තේ: ✅ මෙම Post එකට Comment කිරීම
✅ අපගේ Page එක Follow කිරීම
🎉 Gift Voucher එක ලැබුණු පසු වැඩිදුර තොරතුරු ඔබට ලබා දෙනු ඇත.
📞 වැඩි විස්තර සඳහා: 077 007 9352
✨ ඔබේ යහළුවන්වත් Tag කරලා මේ අවස්ථාව ඔවුන්ටත් කියන්න!

10/05/2026

✨ FULL BODY RELAXATION MASSAGE ✨
⏱️ 60 Minutes
💆 Only LKR 5500
Relax your body, release muscle tension, and refresh your mind with professional care at Ro Healing Muscle Care Center.
📞 Book Your Appointment Now
📍 1st Floor, Kapruka Building, Nittabuwa.

09/05/2026

මම කවදහරි සල්ලි හම්බුණාම, Massage එකක් දා ගන්නවා කියලා හිතන කෙනෙක් සමහරවිට කවදාවත්ම ඒ Massage කරගන්නේ නෑ. හැබැයි අවදානමක් දරලා, තමන්ට අභියෝග කරලා Genuine Massage Treatment එක මිලදී අරගන්න කෙනෙක්, කොහොමහරි මාසයේ budget එක balance කරගන්නවා. ඒ අතර Genuine Massage එකක් ගත්තම දැනෙන සුඛෝපභෝගී හැඟීම විඳගන්නවා. වැදගත්ම දේ තමයි නැවත ඊළඟ වතාවෙත් ඒ පුද්ගලයාට ඒ Genuine Massage එකම අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා කරන්නේ, කෙසේ හෝ ඒ Massage ගන්න තමන්ගේ ආදායම වැඩි කරගන්න උත්සහ කරන එක මිසක්, පරණ විදියට stress එකෙන්,මහන්සියෙන් අපහසු තැනට වැටෙන එක නෙමෙයි.

''හැමදේම හරි ගියාම, මම මට ඕන ජීවිතය ගත කරනවා'' කියන හැඟීම ඔබව ජීවිත කාලය පුරාවටම තියන්නේ දුප්පත්ව. මුදල් සම්බන්ධ කාරණාවලදි ඇඟිල්ලෙ තරමට ඉඳිමෙන්න එපා. අවදානම් ගන්න! තමන්ට අභියෝග කරන්න! ඇඟිල්ලට වඩා සමහර තැන්වල තරමක් ඉදිමෙන්න.
එතකොට ජීවිතයේ බොහෝ දේවල් වෙනස් වෙනවා!❤️

Credit for Big Boss

Website

Address


Nittambuwa