Kidz world

Kidz world

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kidz world, Beauty, cosmetic & personal care, Panadura.

28/12/2021

🤱🏵️ බබා නාවන නිවැරැදි ක්‍රමය 🏵️🤱

බිලිඳකුගේ පෝෂණය පිළිබඳ මවකගේ නිසි අවබෝධය ඉතාම වැදගත් අවශ්‍යතාවකි. අද බොහෝ මවුවරුන් තුළ නොමැති මෙවන් දැනුම හා අවබෝධය ගැන ක්‍රමානුකූලව දැනුවත් කිරීම පිරිපුන් දරුවන් බිහිකිරීමේ ඔබේ සුන්දර සිහිනය සැබෑ කරවන්නකි. ඉතින් අප අද කතා කරන කරුණ වනුයේ ඔබේ දරු සිඟිත්තා ක්‍රමානුකූලව නෑවීම පිළිබඳවයි.

දරුවකු ඉපදී රෝහලෙන් රැගෙන යන්නට පෙර එම දරුවන්ගේ සනීපාරක්ෂාව ගැන කටයුතු කළ යුතු ආකාරය පිළිිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම මවකගේ වගකීමකි. මේ ගැන එතරම් තැකීමක් නොකර ඇතැම් මවුවරුන් තමන්ගේ දැනුම හා අන් අයගේ උපදෙස් මත දරුවන්ගේ සනීපාරක්ෂක කටයුතු කිරීම එතරම් සුදුසු නොවේ.

🔴 නෑවීම ගැන උපදෙස්...

🌸 දරුවා නිරෝගී දරුවකු නම් රෝහලෙන් පිටවීමට පෙර රෝහලේ වාට්ටු තුළදීම නෑවීම කළ හැකිය. එතැන් පටන් නීරෝගී දරුවකු දිනපතාම නෑවීමේ කිසිදු බාධාවක් නැත.

🌸 ඒ සඳහා අවශ්‍ය ගුණාත්මක බවින් යුතු බේබි සබන්, ෂැම්පු, තුවා හා අනෙකුත් ද්‍රව්‍ය සපයා ගැනීම ඔබ සතු වගකීමකි.

🌸 දරුවකු නෑවීමේ අත්දැකීම් නැති මවක් එය ඉතා කල්පනාකාරීව කළ යුතුයි.

🌸 දරුවකු නෑවීමේ දී පමණට වඩා රත් කරගත් හෝ සිසිල් වූ ජලය භාවිතා කිරීම සුදුසු නොවේ.

මෙහිදී මවත් මුලින්ම සිතට ගත යුතු ප්‍රධාන කරුණු දෙකක් තිබේ. ඒ බබා නොවැටෙන ආකාරයට සුරක්ෂිතව තබා ගැනීම හා මවට හා බබාට අපහසුතාවක් නොදැනෙන ආකාරයට නෑවීමයි. නෑවීමේදී බිලිඳකු නාවන්නේ කෙසේ දැයි කියා නියමයක් නැති නමුත් මවක් දැන ගත යුතු වැදගත්ම කරුණු කිපයක් තිබේ.

දරුවාගේ කඳ කොටස උකුළෙහි තබා හිස කොටස අත් පිටට වන්නට තබා මුලින්ම හිස නාවන්න. හිසෙහි සබන් ගා සෝදා පිස දමන්න. මුහුණ වෙනම සෝදා ප්‍රවේශමෙන් තෙත මාත්තු කරන්න.

ඇඟ කුඩා බේසමකට බස්සවා සේදීම පහසුවෙන් කළ හැකියි. මවකට ඉඳගෙන, ඇඳ මත සිට හෝ හිටගෙන මේ කවරාකාරයේ හෝ ඉරියව්වකට දරුවා නෑවිය හැකියි. එහෙත් අලුත උපන් බිලිඳකුගේ නම් හිසෙහි පාලනයක් නැති නිසා බිලිඳාගේ කොන්ද හා හිස මවගේ බාහුවේ කෙළින් සිටින අන්දමට තබා ගැනීමට වග බලා ගන්න. එය ඉතා වැදගත් පියවරකි. නෑවීම සඳහා සුදුසු වන්නේ මඳ රස්නයෙන් යුත් ජලයයි. විනාඩි 5ක් 10ක් ඇතුළත නාවා, පිසදමා ඇඳුමක් අන්දවන්න.

ගණන් කරමින් නාවනවා නම් දිනපතා එකම ප්‍රමාණයකින් නෑවීම කළ හැකියි. (මාස හයක් පමණ යනතුරු) බෙල්ල හා රැළි වැටී ඇති සමෙහි රැඳුන සබන් ඉවත්ව යන සේ හොඳින් සෝදන්න.

🔴 ඇස්, කන්, නාසය, නියපොතු, පවිත්‍ර කිරීම...

දරුවාගේ කනෙහි ඔබ පවිත්‍ර කළ යුත්තේ පිට කනත්, ඇතුළ කන් විවරයත් පමණි. ඇතුළු කන තුළ සෑදෙන ඉටි (කලාඳුරු) මඟින් එය පවිත්‍ර කිරීමත්, ආරක්ෂා කිරීමත් සිදු කෙරේ. Cotton buds මඟින් කන් පිරිසුදු කිරීම කිසි විටෙකත් නොකළ යුත්තකි.

ඒ වෙනුවට සිනිඳු පිරිසුදු කපු රෙදි කැබැල්ලක් භාවිත කරන්න. කදුළු ග්‍රන්ථිවලින් නිකුත්වන කඳුළු මගින් නිතැතින්ම අක්ෂි නැහැවෙමින් පවතියි. එබැවින් නිරෝගී අක්ෂිවලට වෙනත් පවිත්‍රතාවයක් අවශ්‍ය නොවේ. කුඩා බිළිඳාගේ නියපොතු කපා පවිත්‍ර කිරීම ද අත්‍යවශ්‍ය කරුණකි. එය බිලිඳා නිදා සිටින විට දී කිරීම ඉතා පහසු ය. බිලිඳාගේ ඇඟිලිවල සමට හානි නොවන ආකාරයට එය ද ඉතා පරෙස්සමින් කළ යුතු යි.

නාසයේ ඇතුළු ස්තරය ඉතා සිහින් කෙඳිවලින් යුක්ත ය. ඒවා මගින් නාසය තුළට යන දූවිලි, ශ්ලේෂ්මලයේ දවටා නාස් සිදුර දෙසට තල්ලු කරයි.

මෙහිදී ස්වාභාවිකවම නාසය පවිත්‍රවීම සිදු වෙයි. දූවිලි ආදී අපද්‍රව්‍ය නාස් කෙළවරට පැමිණි විට බිලිඳාට කිවිසීම ඇති වෙයි. නැතිනම් බිලිඳා නාසය ඇතිල්ලීමෙන් ඒවා ඉවත් කර ගනී. ඔබ බිලිඳා නහවා අවසන් වූ විට තුවායෙහි කෙළවර තෙත් කර ඒ මගින් බිලිදාගේ නාසයේ කෙළවර පිස දැමීම මගින් එවැනි අපවිත්‍ර කොටස් ඉවත් කළ හැකියි.

📕 මූලාශ්‍රය :- ආරෝග්‍යා පුවත්පත
🖊️ සැකසුම :- හෙළ අරණ™️
උපුටා ගැනීමකි.

Photos from පාරම්පරික Paramparika - The HealthFood Store's post 17/12/2021
09/12/2021
Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Website

Address


Panadura