Universal Mix
Cure with care
15/06/2024
අපේ youtube channel එක subscribe කරලා support එකක් දෙන්න කට්ටියම🙏.
Universal Mix - YouTube Hi Guys,We have the best contents to serve with your desire from the widest range. We are bringing you the mix of entertainment, health, healthy foods, anima...
28/06/2023
අම්ලපිත්තය නැතහොත් සාමාන්‍ය ව්‍යවහාරයේදී අප කවුරුත් gastritis නමින් හදුනාගන්නා රෝගය අද කාලයේ කා අතරත් සුලභව දක්නට ලැබෙන මහත් පීඩාකාරී රෝගයකි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සදහන් වන අම්ලපිත්තය මුළුමනින්ම gastritis රෝගය සමග සන්සන්දනය කළ නොහැකි අතර gastritis යනු අම්ලපිත්තයේ එක් අවස්ථාවක් පමණි.
♦️♦️ අම්ලපිත්තයට හේතු ♦️♦️
👉මානසික ආතතිය- ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍ශාව
, අධික ශෝක, භය, දුක් පීඩා ආදි මානසික පීඩා , බිය සැක ආදී හේතූන් මෙන්ම රාජකාරී අධික ඇතිවෙන විටෙක දී පවා මෙම රෝගී තත්ත්වය නිරායාසයෙන් ම උද්ගත වෙයි.
👉අධික ලෙස අම්ල, ලවණ, තීක්ෂණ ගුණ යුතු ආහාර නිතර ගැනීම.
👉නිසි වේලාවට ආහාර නොගැනීම
👉වෛද්‍යවරයකුගේ උපදේශයක් නොමැතිව ඖෂධ භාවිත කිරීම වැනි හේතූන්
👉 බෝතල් කරන ලද කෘත්‍රිම බීම ජාති පානය
👉අධික මත්පැන් පානය
👉 වෂ විෂ කැවීමෙන් හා පෙවීමෙන්
👉 ඇතැම් ඖෂධ වර්ග දීර්ඝ කාලීනව භාවිතා කිරීම (NSAIDS)
👉 දහවල් නිදීම හා රාත්‍රී නිදි මැරීම
👉තෙල් බැදුම් වර්ග නිතර පාවිච්චිය
👉 ඌෂ්ණාධික ආහාර නිතර පාවිච්චිය. (ඉස්සො, දැල්ලො, බලමාලු, සැමන්, තක්කාලි, රට දෙල්, හරක් මස් වැනි)
👉 ප්‍රමාණවත් පරිදි ජලය පාවිච්චි නොකිරීම
👉කාලගුණ හා දේශගුණික වෙනස්වීම්වල දී
👉දැවිල්ල ඇති කරන ආහාර අධිකව ගැනීම. (අධික ලෙස මිරිස්, අබ, විනාකිරි වැනි දෑ යෙදූ ආහාර)
♦️♦️සාමාන්‍ය රෝග ලක්ෂණ ♦️♦️
🔷 ආහාර දිරවීම අඩු වේ.
🔷 බඩගිනි අඩු වේ.
🔷 විඩාබර ගතිය
🔷 ඔක්කාරය
🔷 තික්ත සහ ඇඹුල් රස උගුරට එයි
🔷 ආමාශයේ සහ සමස්ථ ශරීරයේ බර බව
🔷 උගුරේ සහ පපුවේ දැවිල්ල
🔷 කෑම අරුචිය
🔷 හිසරදය
🔷 බඩ පුරවා දැමීම
🔷 මලපහ කිරීමේ වෙනස්කම්
🔷 කල් ගත වීමේදී ශරීරයේ කැසීම සහ පළු දැමීම
🍁🍁 අම්ලපිත්තය නිට්ටාවටම සුව කළ හැකිද? 🍁🍁
🔷 අම්ලපිත්තය මුල් අවස්ථාවේදීම නිසි ප්‍රතිකාර ලබා ගැනීම මගින් පහසුවෙන් සුව කළ හැකි රෝගී තත්වයකි
🔷 කල්ගත වීමේදී සුව කිරීම අපහසු වන අතර ආහාර පාන නිසි පාලනයකින් යුතුව නියමිත වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් කැපවීමෙන් සුව කර ගත හැකිය.
🔷 අම්ලපිත්තයට නිසි ප්‍රතිකාර නොකිරීමෙන් කල් ගත වීමේදී දරුණු පීඩා ඇති කරනු ලබයි.
🔷 නියමිත ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් මගින් සාර්ථකව සුවකළ හැකිය.
🔷 මේ සදහා නියමිත ආයුර්වේද ඖෂධ මාස කිහිපයක කාලයක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ. මෙම කාලය රෝගී තත්වය අනුව වෙනස් වේ.
🔷 මේ සදහා ආයුර්වේදයේ කෂාය, කල්ක, චූර්ණ, ඝෘත, අවලේහ ආදී සංස්කාරිත ඖෂධ මෙන්ම ඇතැම් අවස්ථාව වලදී වමන, විරේචන, වස්ති ආදී පංචකර්ම චිකිත්සාවන්ද අවස්ථානුකූලව යොදා ගැනීම මගින් රෝගය නැවත මතු නොවන පරිදි සුව කිරීම සිදු කරනු ලබයි.
🔷 තාවකාලික සහනයක් ලබාදෙන යම් ඖෂධ හෝ පාන වර්ග ගැනීමෙන් දීර්ඝ කාලීනව ආහාර මාර්ගයේ තුවාල වැනි දරුණු තත්වයන් දක්වා රෝගය උත්සන්න විය හැකිය.
🔷 තවද හෘදයාබාධ වලදී ඇතිවන පපුවේ වේදනාව ඇතැම් අවස්ථාවලදී අම්ලපිත්තය ලෙසින් වරදවා වටහා ගැනීමෙන් භයානක ප්‍රථිඵල අත්විය හැකි බැවින් එවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යාවශ්‍ය වේ.
🚫 ප්‍රතිකාර නොලැබීමෙන් ඇතිවන සංකූලතා 🚫
🔷 ශරීරය කෘශ වීම
🔷 පාණ්ඩුව
🔷 ආමාශයේ තුවාල ඇතිවීම (gastric ulcers)
🔷 ග්‍රහණියේ තුවාල ඇතිවීම (duodenal ulcers)
🌸වැලකීමට ඔබ විසින් අනුගමනය කළයුතු දේ🌸
✅කුස ගින්නේ නොසිට නියමිත වේලාවට ආහාර ගැනීම දවසේ ප්‍රධාන වේල් තුන සදහා නියමිත වේලාවක් තබා ගැනීම ( උදේ 7-8 දහවල් 12-1 රාත්‍රි 7-8)
✅උදෑසන අවදි වූ විගස කිරි, තේ වැනි පානයන්ගෙන් වැළකී වතුර වීදුරු දෙකක් පමණ පානය කිරීම.
✅ ආහාර කල්තබාගෙන භාවිතා කරනවාට වඩා එවෙලෙහිම පිළියෙළ කරගත් ආහාර භාවිතා කිරීම
✅ විරුද්ධ ආහාර එකට නොගැනීම. (මස්,මාලු ගැනීමෙන් පසුව මී කිරි ආහාරයට නොගැනීම
✅අධික තෙල් හා මිරිස් සහිත ආහාර වන කොත්තු රොටි, ෂොට් ඊට්ස්, බුරියානි, ෆ්‍රයිඩ් රයිස් වර්ග වලින් ඈත් වීම
✅අධික පිටි , සීනි සහිත ආහාර වන කේක් , බිස්කට් බූන්දි වැනි ආහාර ගැනීමෙන් වැළකීම
✅දුම් පානය හා මත්පැන් පානයෙන් වැළකීම
✅සැර ඇඹුල් අධික, උෂ්ණ ආහාර වන අන්නාසි, ඉස්සො, දැල්ලො, තක්කාලි, බලමාලු, සෝස් වර්ග ගැනීමෙන් වැළකීම
✅මානසික ආත්තියෙන් වැළකීම
✅අධික ලෙස නිදි වැරීම, කල්පනා කිරීම, ආවේගශීලි වීමෙන් වැළකීම
✅භාවනා කිරීම
✅යෝග කිරීම
අම්ල පිත්ත රෝගය දීර්ඝකාලීනව පැවතීමෙන් වෙනත් අතුරු ආබාධ රාශියකට මුහුණපෑමට සිදුවේ. එබැවින් අම්ල පිත්ත රෝගය ඇතිවීමේදී මතුවන මුල්ම රෝග ලක්‍ෂණ හඳුනාගත් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්ය.
☎️ ප්‍රතිකාර සදහා විමසීම් :
Ayurveda Mediclinic
Dr. L.I.M. Gunathilake
BAMS (Hons) University of Colombo
Call 078 8 888268 Whatsapp 071 4 781780
මෙවැනි වූ වැදගත් දෑ කියවීමට ඔබත් කැමතිනම් Ayurveda Mediclinic පේජ් එකට 👍එකක් දමා අප හා සම්බන්ධ වන්න. නොදන්නා යහලුවන්ට දැනගැනීම සදහා මේ ලිපිය කරන්න.
22/06/2023
Ayurveda Mediclinic
හිරණ පන්සල ඉදිරිපිට
කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද සහ ශල්‍යවේදී උපාධිධාරි වෛද්‍යවරයෙකු විසින් ප්‍රතිකාර කරනු ලැබේ.
ඉරිදා සහ පොහොය දින වල හැර සතියේ සෑම දිනකම ප.ව.5.00 සිට ප.ව.8.30 දක්වා විවෘතව පවතී.
විමසීම්-078 888 8268 (call or whatsapp)
මෙම අංකය සමඟ සම්බන්ධ වීමෙන් පහසු වේලාවක් වෙන් කරගත හැකිය.
12/06/2023
Treatments for pimples
ඔබත් කුරුලෑ නිසා මානසිකව පීඩා විදිනවද?
කුරුලෑ තත්ත්ව ඇතිවනුයේ සමෙහි පවතින ස්වේද ග්‍රන්ථි ආසාදනය වී එවායේ සැරව පිරිම නිසාය.එය ඉබේම පුපුරා ගොස් සාමාන්‍ය තත්ත්වයට පත් වන නමුත් ඇතැමුන්ගෙ විවිධ හේතු නිසා ගැඹුරට ගමන් කිරීමෙන් කැලැල් ඇතිවී මුහුණට අවලස්සනක් ගෙන දේ.මෙය නව යොවුන් වියේ බහුලවම දැකිය හැක.
මේවා බහුලවම මුහුණ , පිට ප්‍රදේශයේ , බෙල්ල , පපුව හා අත්වල දැකිය හැක.
මේ සදහා ප්‍රතිකාර කිරීමේදී සමේ ස්වභාවය , පුද්ගලයාගේ ප්‍රකෘතිය , හෝර්මෝන වෙනස්වීම වැනි කරුණු වලට අවදානය දෙමින් නිවැරැදි රෝග විනිශ්චයකට අනුව ප්‍රතිකාර සිදු කල යුතුය.
ඔබත් එවැනි වූ ගැටලුවකින් පෙලෙන්නේ නම් එයින් මිදීමට අවශ්‍ය ආයුර්වේද උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්න.
හිරණ පන්සල ඉදිරිපිට
Dr.L.I.M.Gunathilake (BAMS)
University of Colombo
078 8 888 268
08/06/2023
Skin hyperpigmentation can be the result of a number of factors, a few of which are beyond your control.
But you don’t have to live with uneven skin tone and dark spots due to sun damage, acne, or even your hormones.
Facials — yes, facials combine with internal treatments — can help to treat hyperpigmentation and improve your skin’s appearance and texture.
📌️Location- Infront of Hirana temple
Dr.L.I.M.Gunathilake (BAMS)
Reg.no.16120
University of Colombo
078 8 888 628
07/06/2023
Migraine,Sinusitis,Cluster headache,Tension type headache වැන් දීර්ඝ කාලීන ශීර්ෂ රෝග සහ හිසකෙස් වල රෝග අවස්ථා සඳහා කරනු ලබන ශිරෝ පිචු ප්‍රතිකාර..
හිරණ පන්සල ඉදිරිපිට
Dr.L.I.M.Gunathilake (BAMS)
University of Colombo
078 8 888 268
07/06/2023
areata උදුගොව්වන් කෑම
නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර තුලින් සුවය ලබමු.
Ayurveda Mediclinc
පානදුර හිරණ පන්සල ඉදිරිපිට
Dr L.I.M.Gunathilake (BAMS)
University of Colombo
078 8 888 268
07/06/2023
කැඩුම් බිදුම් සදහා නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර
Ayurveda Mediclinc
පානදුර හිරණ පන්සල ඉදිරිපිට
Dr L.I.M.Gunathilake (BAMS)
university of colombo
078 8 888268
We are introducing you total chemical free range of facials which manages all of your skin problems!
A facial cleanses, exfoliates and nourishes the skin, promoting a clear, well-hydrated complexion, and can help your skin look younger.
A facial is the second most popular spa treatment after a massage.
A facial works best when it is part of a continuing program of skin care.
Experience the difference and elegance of pure ayurveda.
📌️📌️📌️ අපගෙන් ලබා ගත හැකි රූපලාවණ්‍ය ප්‍රතිකාර
🌳 හිසකෙස් වර්ධනය සඳහා ආයුර්වේද ප්‍රතිකාර
🌳 Ayurveda Facial
🌳 ඇස් වල නිරෝගී බව වැඩි කිරීම සඳහා අක්ෂි තර්පණ ප්‍රතිකාර
🌳 clean-up for face
🌳 glow facial
🌳 body glowing/polishing treatment
🌳 ඇස් යට කළුවීම ඉවත් කිරීමට ප්‍රතිකාර
🌳 අවපැහැ වූ දත් සුදු වීමට ප්‍රතිකාර
🌳 beauty lips treatment
🌳 හිස්හොරි සඳහා ප්‍රතිකාර
🌳 Ayurveda hand care
🌳 ඉන්නන් ඉවත් කිරීම
🌳 සම අවපැහැ වීම් සඳහා ප්‍රතිකාර
ප්‍රතිලාභ..
💥 සම පැහැපත් වීම
💥 සම මත ඇති මැරුණු සෛල ඉවත් වීම
💥 සමට රුධිර සැපයුම උත්තේජනය කිරීම
💥 සම පෝෂණය කිරීම
💥 සම රැලි වැටීම වැළැක්වීම
💥 වයසට යාම පමා කිරීම
💥 සමේ ඇදෙනසුළු බව වැඩි කිරීම
💥 සමේ වියළිබව ඉවත්වීම, තෙතමනය රැකදීම
💥 සම වඩාත් සිනිඳු වීම
💥 මානසික සැහැල්ලු බව
💥 නැවුම් බවක් දැනීම
💥 හිස කෙස් වලට පෝෂණයක් ලැබීම
💥 අකලට හිස කෙස් වැටීම පාලනය වීම
💥 හිසකෙස් දිගු වීම
💥 හිස් කබලට පෝෂණය සැපයීම
💥 මාංශපේශි ඉහිල් වීම
💥 සමට දිලිසෙන බවක් ලැබීම
💥 සමේ එකතු වූ විෂ ඉවත් කිරීම
💥 මර්ම ස්ථාන උත්තේජනය
🍁🍁 100% ආයුර්වේද සහ ස්වභාවික ද්‍රව්‍ය පමණක් භාවිත කරමින් ප්‍රතිකාර සිදු කරන අතර ඔබටත් සේවාව ලබා ගැනීමට අවශ්‍ය නම් 078 8888268 අමතා වේලාවක් වෙන් කරගන්න.
🍁🍁කාන්තා පුරුෂ භේදයකින් තොරව ප්‍රතිකාර කරයි.
📌️ පහත️ රෝග තත්ව සඳහාද ප්‍රතිකාර කරනු ලැබේ.
🌳 සන්ධි රෝග
🌳කැඩුම් බිඳුම්
🌳 කල්ගත වූ තුවාල
🌳 ගල් තැලුම්
🌳 නහර ගැට ගැසීම ඇතුළු සියළුම රෝගී තත්ත්ව...
📆 ඕනෑම ප්‍රතිකාරයක් සඳහා දිනය සහ වේලාව පෙර දැනුම් දීමකින් තහවුරු කළ හැකි අතර ඉරිදා සහ පොහොය දින හැරුණු කොට ඕනෑම දිනයක සවස 5.30-8.30 අතර පැමිණීමෙන් වෛද්‍යවරිය මුණගැසීමට හැකියාව පවති.
Ayurveda Mediclinic
📌 පානදුර හිරණ පන්සල ඉදිරිපිට....
medic
04/04/2023
මේ දිනවල පවතින ශරීරයේ උෂ්ණාධික බව අවම කර සිරුර සිසිල් කරන පාන වර්ග.👇👇
එකිනෙකාගේ ශරීර උෂ්ණත්වය විවිධාකාරයි. ශරීර උෂ්ණත්වය වැඩි අයට විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. විශේෂයෙන් දේශගුණය ද උෂ්ණාධික කාලවලදී ඔවුන් දැඩි අපහසුවට පත් වෙනවා.
ශරීරය උෂ්ණත්වය නිසා ඔබට විඳින්නට වෙන කරදර බොහොමයි. ඒවා අතර,
🔺නිතර දහඩිය දැමීම
🔺සිරුරේ දැවිල්ල ගතිය
🔺දෑස්වල දැවිල්ල
🔺දහඩිය දුගඳ වීම
🔺සම වියළීම
🔺යටිපතුල් පැලීම
🔺මුත්‍රා දැවිල්ල ඇති වීම
🔺ශරීරයේ බිබිලි මතුවීම
🔺 කැසීම සහ දැවිල්ල ඇතිවීම
ප්‍රධාන තැනක් ගන්නවා.
මේවාට ප්‍රතිකාර නොකර සිටීමෙන් කල් ගතවන විට මෙය දරුණු කුෂ්ඨ රෝගයක් බවටත් පත්විය හැක.
මේ සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීම සඳහා,
හිරණ පන්සල ඉදිරිපිට පිහිටි ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ ශල්‍යවේදය පිළිබඳ උපාධිධාරි වෛද්‍ය ඉරේෂා ගුණතිලක හමුවන්න.
ඔබේ පහසුව සඳහා මෙම අංකයට කතා කර වේලාවක් වෙන් කර ගන්න.
078-8888268
දිනයේ ඕනෑම වෙලාවක පානය කළ හැකි සිසිල්කාරක ගුණයෙන් යුතු පාන වර්ග කිහිපයක් නම්,
🌼බාර්ලි පානය
බාර්ලි කෝප්ප බාගයක්
වතුර කෝප්ප දෙකක්
වතුර කෝප්ප දෙක එකකට හිඳෙන සේ බාර්ලි වතුරේ දමා තම්බා ගන්න. රස අනුව සීනි සහ ලුණු ස්වල්පයක් එක් කර බීමට ගන්න.
ඔබට මෙය කරන්නට අපහසු නම් බාර්ලි පිටි වන සේ කොටා සුළං නොවදින සේ අසුරා තබා ගෙන කිරිපිටි සාදන්නාක් මෙන් සාදා පානය කරන්න.
🌼සව් කැඳ
සව් කෝප්ප බාගයක්
මුද්දිරප්පලම් තේ හැඳි දෙකක්
පොල්කිරි කෝප්ප දෙකක්
සව් ජලයේ විනාඩි 10ක් පොඟවා ගන්න. ඉන්පසු සියල්ල එකට දමා නටන තෙක් හිඳ අවශ්‍ය ඝනකම ආ විට බාගන්න. රස අනුව සීනි සහ ලුණු ස්වල්පයක් එක් කර බීමට ගන්න.
🌼මුංඇට කැඳ
තැම්බූ මුංඇට කෝප්ප කාලක්
රතු කැකුලු බත් කෝප්ප කාලක්
පොල්කිරි කෝප්ප දෙකක්
හකුරු ටිකක්
සියල්ල එකට දමා නටවා ගෙන පානය කරන්න. අවශ්‍ය නම් ලුණු ස්වල්පයක් එකතු කරන්න.
🌼නෙල්ලි රසකිඳ පානය
වියළි නෙල්ලි ගෙඩි කිහිපයක්
රසකිඳ ටිකක්
උක් හකුරු
නෙල්ලි හා රසකිඳ එකට තම්බා උක් හකුරු සමග පානය කරන්න.
🌼බෙලිමල් / බෙලි ගැට පානය
වියළි බෙලිමල් හෝ බෙලිගැට කිහිපයක්
කිතුල් හකුරු කැබැල්ලක්
බෙලිමල් හෝ බෙලිගැට ජලයේ පැහැය තද වන තුරු තම්බා ගන්න. කිතුල් හකුරු සමඟ පානය කරන්න.
🌼කුරුම්බා පානය
කුරුම්බා ගෙඩියක වතුර
එහි මදය
මේ ද්‍රව්‍ය දෙක බ්ලෙන්ඩරයක් මගින් හොඳින් බ්ලෙන්ඩ් කරන්න. රස අනුව සීනි සහ ලුණු ස්වල්පයක් එක් කර බීමට ගන්න.
🌼රෝස් මිල්ක් පානය
රෝස් සිරප් තේ හැඳි දෙකක්
කස කසා ඇට තේ හැන්දක්
නැවුම් එළකිරි කෝප්පයක්
අවශ්‍ය නම් සීනි සහ අයිස් කැට කිහිපයක්
සියල්ල හොඳින් කලවම් කර පානය කරන්න. ඉතා රසවත් සහ සුවඳවත් පානයකි.
Dr. L.I.M.Gunathilake
BAMS ( Hons) University of Colombo
S.L.A.M.C Reg. No - 16120
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
64, Hirana
Panadura