Made In Sri Lanka
Thebu Powder
14/02/2023
දියවැඩියාවේ ප්‍රභේද හඳුනා ගනිමු
බෝ නොවන රෝගයන්ගෙන් බහුලවම රෝගීන් වාර්තා වෙන ප්‍රධානම රෝගයකි දියවැඩියාව.
ලොව පුරා වයස් බේදයකින් තොරව පීඩා විඳින දියවැඩියාවට අහිතකර ආහාර රටාව, මානසික ආතතිය, ව්‍යායාම නොකිරීම සහ ජානමය හේතුන් ඍජු හා වක්‍රාකාරයෙන් බලපා හැකිය. කුමන හේතුවකින් රෝගයට ගොදුරු වුවද තමාට වැලඳී ඇති දියවැඩියාව නිවැරදිව හඳුනා ගැනීම රෝග නිවාරණයට හේතු වන නිසාම අපි ඒ පිළිබඳව මෙම ලිපියේ සාකච්ඡා කරමු.
ශරීරයේ ඉන්සියුලින් හෝමෝනය නිෂ්පාදනය වන්නේ අග්න්‍යාසයේ ඇති සෛල මගිනි. ඉන්සියුලින් හෝමෝනය මගින් අප රුධිරයේ ග්ලුකෝස් මට්ටම නියමිත පරාසයක පවත්වා ගැනීමට උපකාරී වේ.
ශරීරය තුළ ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය නිසිලෙස ක්‍රියා නොකිරීම හෝ ඉන්සියුලීන් හෝමෝනය අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය නොවීම දියවැඩියා රෝගයට හේතු වන ප්‍රධානතම සාධකයය.
මේ අනුව දියවැඩියාව කාණ්ඩ හතරක් යටතේ වර්ග වේ.
1. පළමු කාණ්ඩයේ දියවැඩියාව (Type 1 Diabetes)
2. දෙවන කාණ්ඩයේ දියවැඩියාව (Type 2 Diabetes)
3. ද්විතික දියවැඩියාව (Secondary Diabetes)
4. ගර්භනී සමයේ ඇතිවන දියවැඩියාව (Gestational Diabetes)
පළමු කාණ්ඩයේ දියවැඩියාව හෙවත් ටයිප් වන් දියවැඩියාව
විශේෂයෙන්ම ළමුන් අතර මෙම දියවැඩියාව දක්නට ලැබේ. දියවැඩියා රෝගයට ගොදුරු වන්නන්ගෙන් සියයට 5ක් පමණ පළමු කාණ්ඩයේ දියවැඩියාවට ගොදුරු වූවන් බව සෞඛ්‍ය අංශ පෙන්වා දේ.
අග්න්‍යාසය මගින් ශරීරයේ ඉන්සියුලින් හෝමෝනය නිෂ්පාදනය ඇනහිටීමෙන් පළමු කාණ්ඩයට අයත් දියවැඩියාව කෙනෙකුට ඇතිවේ.
ඉන්සියුලීන් නිෂ්පාදන සෛල ක්‍රම ක්‍රමයෙන් විනාශ වීමෙන් ශරීරයේ ඉන්සියුලීන් හෝමෝනය නිපදවීම අඩපණ වේ.
මෙහිදී රෝගියාගේ ශරීරය කෙට්ටු වීමට පටන් ගන්නා අතර හුස්ම ගැනීමේ අපහසුතාව ද ඇති වේ.
රෝගය උත්සන්න වීමෙන් සිහිමඳ ගතිය, කල්පනාව අඩුකමද ඇතිවීමට පුළුවන. මෙවැනි රෝග ලක්ෂණ පෙන්වන රෝගියෙකු රෝහල් ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු කළ යුතුය.
පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට රෝගය පාලනය වෙනුවෙන් මුඛයෙන් ලබාදෙන ඖෂධ ප්‍රමාණවත් නොවන අතර ඉන්සියුලින් හෝමෝනය එන්නත් මගින් ජීවිත කාලයම ලබාදීමට සිදුවේ.
දෙවන කාණ්ඩයේ දියවැඩියාව නොහොත් ටයිප් ටූ වර්ගයේ දියවැඩියාව
මෙය බහුලවම රෝගීන් වාර්තා වෙන රෝගී තත්ත්වයකි. ලොව පුරා සිදුකළ පරීක්ෂණවලින් ලබා ඇති දත්තයන්ගෙන් පෙන්වා දේ. දියවැඩියාවට ගොදුරු වන රෝගීන්ගෙන් සියයට 90-95 පමණ දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගයට අයත් වන අය බවය.
වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබුණ ද දැන් දැන් ළමයින් අතරද මෙම දියවැඩියා රෝගය ඇති වන බවට හඳුනාගෙන තිබේ.
අධික තරබාරුව, බෙල්ල ප්‍රදේශයේ උඩුහම කළු වීම ආදී සාමාන්‍ය රෝග ලක්ෂණ ලෙස දැක ගත හැකිය.
දෙවන කාණ්ඩයේ දියවැඩියාව ඇති වීමට මූලිකම හේතූන් ලෙස ස්ථුලතාව (විශේෂයෙන්ම උතුර ප්‍රදේශයේ ස්ථුලතාව වැඩිවීම බලපානු ලැබේ.)
ක්‍රියාශීලී නොවනා ජීවන රටාව, වැරදි ආහාර පාන භාවිතා, අධික සීනි අධික පීෂ්ටය සහිත ආහාර ගැනීම, ව්‍යායාම මදිකම, මානසික ආතතිය ආදී කරුණු මෙම වර්ගයේ දියවැඩියා ඇති වීමට මූලිකම හේතුවක් වේ.
දෙවන වර්ගයේ දියවැඩියාවේදී දැකිය හැකි රෝග ලක්ෂණ
මෙම වර්ගයේ දියවැඩියාව ශරීරයේ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන බැවින් එක්තරා මට්ටමකදී රුධිරගත සීනි මට්ටම වැඩි වීමට පටන් ගැනේ. එහිදී මෙම රෝග ලක්ෂණ දැක ගත හැකිය.
නිතර නිතර පිපාසය දැනීම, මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව නිතර දැනීම, හේතුවක් රහිතව ශරීරයේ බර අඩුවීම, විශේෂ හේතුවකින් තොරව පෙනීමේ දුර්වලතා ඇති වීම, අතපය ආශ්‍රිතව හිරි ගතියක් ඇතිවීම, ලිංගික ප්‍රදේශය ආශ්‍රිතව නිතර නිතර ආසාදනයන් ඇති වීම
දෙවන කාණ්ඩයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට මෙම රෝග ලක්ෂණ ඇති විය හැකි අතර ඇතැම් රෝගීන්ට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වාද මෙම ............. දියවැඩියා රෝගය ශරීරයේ තිබිය හැකිය.
නිවැරදි ආහාර රටාව, සුදුසු ව්‍යායාමයක නිරත වීම සහ වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධ නියමිත මාත්‍රාවෙන් නියමිත වෙලාවට ගැනීම රෝගය පාලනය කළ හැකි සරලම ක්‍රමයන් වේ.
දෙවන වර්ගයේ දියවැඩියාව නිසි ලෙස පාලනය නොකරනා රෝගීන්ට දියවැඩියාව සඳහා ලබාදෙන ඖෂධ කාලයකදී නිෂ්ඵල වන අතර එහිදී රෝගියාට ඉන්සියුලින් හෝමෝනය එන්නත් මගින් ලබා ගැනීමට සිදුවිය හැකිය. එහෙයින් මුල් අවස්ථාවේ රෝගය පාලනය කිරීම ඉතාම වැදගත්ය. විශේෂයෙන්ම නිරෝගී වැඩිහිටියන් පවා වසරකට වරක් රුධිරගත සීනි මට්ටම මැන ගැනීම ඉතාම වැදගත්ය.
ද්විතීයක කාණ්ඩයේ දියවැඩියාවට හේතූන්.
මෙම කාණ්ඩයේ දියවැඩියාව ඇතිවීමට පහත හේතූන් බලපා හැකිය.
ජානමය හේතූන්, ශරීරයේ වෙනත් හෝමෝනයන්ගේ ක්‍රියාකාරීත්වය වැඩිවීම (උදාහරණයක් ලෙසට වර්ධක හෝමෝනයේ වැඩිවීම. කෝටිසෝලි හෝමෝනයේ වැඩිවීම සිදුවිය හැක.)
ඇතැම් රෝග සඳහා දිගුකාලීනව ගන්නා ඖෂධ ද ඇතැම් රෝගීන්ට අත්‍යවශ්‍යම අවස්ථාවලදී රෝග නිවාරණය වෙනුවෙන් ලබාදෙන ශරීර ප්‍රතිශක්තිය අඩපණ කරන ඖෂධ භාවිතය ද වක්‍රාකාරව දියවැඩියාව රෝගයට හේතු විය හැකිය. මෙවැනි ඖෂධ වෛද්‍ය නිර්දේශය මතම අවශ්‍ය වේලාවට පමණක් ගැනීමෙන් අහිතකර සංකූලතාවන් මගහරවා ගැනීමට පුළුවන.
අධික ලෙස මත්පැන් පානය කරන්නන්ටත් අග්න්‍යාසය විනාශ වීම නිසාත් ද්විතික කාණ්ඩයේ දියවැඩියාව ඇතිවිය හැක.
ගර්භනී සමයේදී ඇතිවන දියවැඩියාව
මෙම දියවැඩියාව පළමු වරට ගැබිණි සමයේදී මවට ඇතිවේ.
ගර්භනී සමය අවසන් වීමත් සමග දියවැඩියා තත්ත්වය පාලනය වුවද මෙවැනි කාන්තාවන් ප්‍රසූතියෙන් පසුවද දියවැඩියා රෝගය ගැන අවධානයෙන් සිටිය යුතුය.
ගර්භනී සමයේදී දියවැඩියාවට ගොදුරු වූ මවකට පසුකාලීනව දෙවන වර්ගයේ දියවැඩියාව ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම ඉතාම වැදගත්ය.
ගර්භනී සමයේ ද වෛද්‍ය නිර්දේශය මත බාහිරින් ග්ලුකෝස් පානය කිරීමට දී ලබා ගන්නා රුධිර පරීක්ෂාවකින් රුධිරගත සීනි මට්ටම වැඩි වී තිබීම ගර්භණී සමයේ දියවැඩියාව හඳුනාගත හැකිය.
මෙවැනි මව්වරුන් දරු ප්‍රසූතියෙන් මාස එකහමාරකට පසුව පළමු රුධිර පරීක්ෂාව කරගත යුතුය. ඉන්පසුව සෑම මාස 6කට 12කට වරක් තමාට දියවැඩියා රෝගයෙහි අවදානමක් ඇද්ද යන්න හඳුනා ගැනීම ද ඉතාම වැදගත්ය.
සටහන
අසුන්තා එදිරිසූරිය
ඔබටත් තෙඹු පානය තුලින් විශ්මිත ප්‍රතිඵල ලබාගෙන දියවැඩියාව සුවකරගැනීමට අවශ්‍යද? එසේ නම් එයට ප්‍රතිකාරය කරහැකි විශ්මිත තෙඹු පානය අප සතුයි.එය නිවසටම ගෙන්වාගන්න.
මිල රු.2500/- පමණයි බෙදාහැරීමේ ගාස්තු නැත, බෙදාහැරීමේ නොමිලේ
📲Whastapp only 0705450500 / 0742001520
📞 Call 0113413120
(සතියේ දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පමණක් call ලබාදෙන්න )
🚛Cash On Delivery Available
🛳Free Delivery
Diabetes mellitus,DNA-binding
14/02/2023
දියවැඩියාව පාලනය කරගන්න හරියනම එක,Thebu Powder තියෙද්දි
#ඇයිමේකලබලේ
30/01/2023
දියවැඩියාව යනු නිට්ටාවට සුව කල නොහැකි රෝගයක් බැවින්, කල හැක්කේ රෝගය පාලනය කිරීම පමණි. එමෙන්ම, දියවැඩියාව යනු රෝගියාට තනිවම ප්‍රතිකාර කරගැනීමට නොහැකි සංකීර්ණ රෝගයකි. එමනිසා, ඔබේ වෛද්‍යවරයා දියවැඩියාව පාලනය කරගැනීම සඳහා ප්‍රතිකාර සැලසුමක් ලබාදෙනු ඇත. එය නිසි ලෙස අනුගමනය කිරීමෙන්, දියවැඩියාව නිසා ඇතිවිය හැකි සංකූලතා අවම කරගැනීමට හෝ වළක්වා ගැනීමට හැකියාව ලැබේ. සැබැවින්ම, දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීම තනි වෛද්‍යවරයෙකුගේ කාර්යයක් නොවේ. දියවැඩියා ප්‍රතිකාර සැලසුමකට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්, හෝමෝන සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්, පෝෂණවේදියෙක්, සහ අක්ෂි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළත් විය හැක.
දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීමේදී ඔබේ රුධිරගත සීනි මට්ටම පිළිබඳ දැඩි අවධානයක් යොමුකරන අතර, එය නිර්දේශිත ඉලක්කයට අනුකූල දැයි මාසිකව පරීක්ෂා කරනු ඇත. ඒ සඳහා ඖෂධ, ව්‍යායාම, බර පාලනය, සහ ආහාර සැලසුමක් නිර්දේශ කරනු ඇත. සැබැවින්ම, දියවැඩියාව පාලනය යනු ඖෂධ ගැනීමෙන් පමණක් කලහැකි ක්‍රියාවලියක් නොවේ. විශේෂයෙන්ම, ඔබ ගන්නා ආහාර පිළිබඳව හොඳ අවධානයකින් යුතුව කටයුතු කිරීම ඉතාම වැදගත් වේ. එසේ නොකලහොත්, රුධිරගත සීනි මට්ටම විශාල ලෙස අඩු වැඩි වෙමින් විචලනය වන අතර, එය අනවශ්‍ය ලෙස ඖෂධ මාත්‍රාවන් වෙනස් කිරීමකට මග පාදනු ඇත.
දියවැඩියාව පාලනය කිරීම සඳහා ඖෂධීය ප්‍රතිකාර නිර්දේශ කිරීමේ අභිමතාර්ථයන් මොනවාද?
දියවැඩියාව නිසා ඇතිවන රුධිරගත සීනි මට්ටම ඉහළ යාම සහ අනෙකුත් පරිවෘත්තීය අසාමාන්‍යතා නිවැරදි කිරීම.
දිගුකාලීනව රුධිරගත සීනි මට්ටම පාලනය කර, දියවැඩියාව නිසා ඇතිවිය හැකි දිගුකාලීන සංකූලතා හටගැනීම වැළැක්වීම සහ හැකිතරම් ප්‍රමාද කිරීම.
දියවැඩියාව සමග ඇතිවන අධික රුධිර පීඩනය, හෘත්වාහිනික රෝග (Cardiovascular disease or CVD), කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම වැනි අනෙකුත් ගැටළුකාරී බෝනොවන රෝග සහ තත්ත්ව හඳුනාගෙන ඒවාට නිසි ප්‍රතිකර්ම කිරීම.
ජීවිතයේ සහ මානසික සෞඛ්‍යයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම.
දියවැඩියාව සඳහා ඖෂධීය ප්‍රතිකාර කිරීම මගින් රෝගියෙකු ලඟාවිය යුතු සහ පවත්වා ගත යුතු ඉලක්කයන් මොනවාද?
නිරාහාර ප්ලාස්මා සීනි මට්ටම (Fasting plasma sugar or FBS): 70-110 mg/dl
ආහාර ගැනීමට පෙර ප්ලාස්මා සීනි මට්ටම (Preprandial plasma sugar): 80-110 mg/dl
ආහාර ගැනීමෙන් පැය 2 කට පසු ප්ලාස්මා සීනි මට්ටම (Postprandial plasma sugar): 140 mg/dl ට වඩා අඩුවීම
දියවැඩියාව සඳහා ලබාදෙන ඖෂධ
ඔබට ඇත්තේ පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 diabetes mellitus) නම්, එසේ වන්නේ ඔබේ අග්න්‍යාශය සිරුරට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපදවීම නොකරන නිසා හෝ ඉන්සියුලින් නිපදවීම මුළුමනින්ම නතරවීම නිසාය. එවිට, සිරුරේ ඇති සෛල වලට අවශ්‍ය ශක්තිය නිපදවීම සඳහා රුධිරයේ ඇති සීනි (ග්ලූකෝස්) භාවිතා කිරීමට අපහසු වන අතර, එමගින් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම සිදුවේ. මෙම ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා ඉන්සියුලින් හෝමෝනය නික්ෂේපණ ලෙස ලබාගැනීමට නිර්දේශ කරනු ඇත. ඉන්සියුලින් නික්ෂේපණ ලබාදීම සඳහා සිරින්ජයක් හෝ ඉන්සියුලින් විදින පෑනක් භාවිතා කල යුතුය. කෙසේ වුවත්, නිවසේදී ඉන්සියුලින් නික්ෂේපණ නිවැරදිව ලබාගැනීම හෝ ලබාදීම සඳහා අදාළ රෝගියා හෝ පවුලේ වෙනත් වැඩිහිටියෙකු නිසිලෙස පුහුණු විය යුතුය. ඒ සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඔබට සහාය වනු ඇත.
ඉන්සියුලින් නික්ෂේපණ ලබාගැනීමට නිර්දේශ කරන අවස්ථා මොනවාද?
පළමු වර්ගයේ දියවැඩියා රෝගීන් සැමට
මුඛයෙන් ලබාගන්නා දියවැඩියා ඖෂධ අසාර්ථක වන දෙවන වර්ගයේ දියවැඩියා (Type 2 diabetes mellitus) රෝගීන් සඳහා
දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන් සඳහා විශේෂ අවස්ථාවන් වලදී
ගර්භණී සමයේදී වැළඳෙන දියවැඩියාව (Gestational diabetes mellitus) සඳහා
නික්ෂේපණ සඳහා නිර්දේශ කරන ඉන්සියුලින් වර්ග මොනවාද?
ඉතා කෙටි-කාලීන ක්‍රියාකාරී ඉන්සියුලින් (Ultra-short acting insulin)
කෙටි-කාලීන ක්‍රියාකාරී ඉන්සියුලින් (Short acting insulin)
අතරමැදි-ක්‍රියාකාරී ඉන්සියුලින් (Intermediate acting insulin)
දිගු-කාලීන ක්‍රියාකාරී ඉන්සියුලින් (Long acting insulin)
ඉන්සියුලින් නික්ෂේපණ ලබාගැනීමට නිර්දේශ කිරීමේදී, ලබාගත යුතු ඉන්සියුලින් වර්ගය, මාත්‍රාව, දවසකට ලබාගත යුතු වාර ගණන රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. ඔබට ගැලපෙන ඉන්සියුලින් වර්ගය, මාත්‍රාව, දවසකට ලබාගත යුතු වාර ගණන ඔබගේ රුධිරගත සීනි මට්ටම සහ අනෙකුත් සාධක මත ඔබේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ඇත.
ඉන්සියුලින් නික්ෂේපණ සඳහා ඇති සීමාවන් මොනවාද?
සමට යටින් (Subcutaneous) නික්ෂේපණය ලබාදිය යුතුවීම.
රුධිරගත සීනි මට්ටම ගැටළුකාරී ලෙස පහත වැටීමට අවදානමක් පැවතීම (Hypoglycaemia).
බර වැඩිවීම.
දිගුකාලීනව භාවිතා කිරීමේදී, නික්ෂේපණ ලබාදෙන ස්ථාන වල මේද පටක වැහැරීම (Lipoatrophy) හෝ පමණ ඉක්මවා වර්ධනය වීම (Lipohypertrophy) සිදුවිය හැක.
ඉතාමත් කලාතුරකින් ඉන්සියුලින් වලට අසාත්මිකතාවයක් (Allergy) ඇතිවිය හැක.
දෙවන වර්ගයේ දියවැඩියාව ඇති ඇතැම් අයගේ රුධිරගත සීනි මට්ටම, ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම මගින් පමණක් පාලනය කල නොහැකි වේ. එවැනි රෝගීන් සඳහා මුඛයෙන් ලබාගන්නා ඖෂධ සහ ඇතැම්විට ඉන්සියුලින් නික්ෂේපණ අවශ්‍ය වේ.
මෙට්ෆෝමින් (Metformin)
දෙවන වර්ගයේ දියවැඩියාව ඇති අයෙකුට ප්‍රතිකාර ආරම්භ කිරීමේදී, මුලින්ම ආරම්භ කරන්නේ මෙට්ෆෝමින් නැමැති ඖෂධයයි. මෙට්ෆෝමින් ලබාගැනීමට නොහැකි වන හේතු ඇති රෝගීන් සඳහා වෙනත් දියවැඩියා ඖෂධ ලබාදෙනු ඇත. නිරාහාර ප්ලාස්මා ග්ලූකෝස් මට්ටම (Fasting plasma glucose) 200 mg/dl ට වඩා වැඩි නම්, සාමාන්‍යයෙන් මෙට්ෆෝමින් සමග තවත් දියවැඩියා ඖෂධයක් නිර්දේශ කෙරේ. නිරාහාර ප්ලාස්මා ග්ලූකෝස් මට්ටම 300 mg/dl ට වඩා වැඩි නම්, ඖෂධ දෙකක් හෝ තුනක් හෝ ඉන්සියුලින් නික්ෂේපණ නිර්දේශ කරනු ඇත. දියවැඩියාව සමග උග්‍ර ලෙස රෝග ලක්ෂණ ඇත්නම් හෝ සංකූලතා මතුව ඇත්නම්, ප්‍රතිකාර ආරම්භ කිරීමේදීම ඉන්සියුලින් නික්ෂේපණ ලබාදීම සඳහා සලකා බලනු ඇත.
මෙට්ෆෝමින් ඖෂධය, අක්මාව විසින් ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලිය (Gluconeogenesis) අඩුකරන අතර, ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ඇති ප්‍රතිරෝධය (Insulin resistance) අඩුකරමින් රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට දායක වේ. මෙට්ෆෝමින් ඖෂධය ලබාගැනීමේදී ඇතිවන වාසි ලෙස බර වැඩි නොවීම, ගැටළුකාරී ලෙස රුධිරගත සීනි මට්ටම අඩුවීමට ඇති අවස්ථා අඩුවීම, සහ හෘද රෝග හටගැනීමට ඇති අවදානම අඩුවීම දැක්විය හැක. මෙට්ෆෝමින් ගැනීමේදී ඇතිවිය හැකි අතුරු ආබාධ කිහිපයක් ලෙස දියර ලෙස මළපහ පිටවීම, ආහාර අරුචිය, සහ උදරයේ වේදනාව දැක්විය හැක.
Sulphonylurea කාණ්ඩයේ ඖෂධ
බොහෝවිට, මෙට්ෆෝමින් සමග දෙවන ඖෂධයක් ලබාගැනීමට නිර්දේශ කිරීමේදී, දෙවන ඖෂධය ලෙස තෝරාගන්නේ Sulphonylurea කාණ්ඩයේ ඖෂධයක් ය. ඒ සඳහා උදාහරණ ලෙස ටොල්බියුටමයිඩ් (Tolbutamide), ග්ලිබෙන්ක්ලමයිඩ් (Glibenclamide), ග්ලික්ලසයිඩ් (Gliclazide), ග්ලිපිසයිඩ් (Glipizide), ග්ලිමෙපිරයිඩ් (Glimepiride) වැනි ඖෂධ දැක්විය හැක. මෙම කාණ්ඩයේ ඖෂධ අග්න්‍යාශයේ ඉන්සියුලින් හෝමෝන නිෂ්පාදනය ඉහළ දැමීමෙන් රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට දායක වේ. එමෙන්ම, ඇසේ දෘශ්ටිවිතානයට හානිවීමෙන් පෙනීම දුර්වල වීම (Retinopathy), වකුගඩු රෝග (Nephropathy), සහ ස්නායු දුර්වල වීම (Neuropathy) වැනි කුඩා රුධිර වාහිනී වල ඇතිවන වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා (Microvascular complications) හටගැනීමට ඇති අවදානම අඩුකිරීමට මෙම කාණ්ඩයේ ඖෂධ වලට හැකියාව ඇත.
Sulphonylurea කාණ්ඩයේ ඖෂධ ගැනීමේදී ඇතිවිය හැකි අවාසි සහ අතුරු ආබාධ කිහිපයක් ලෙස බර වැඩිවීම, ගැටළුකාරී ලෙස රුධිරගත සීනි මට්ටම අඩුවීමට ඇති හැකියාව, සහ ක්‍රියාකාරී වන කාලය සාපේක්ෂව අඩුවීම දැක්විය හැක.
Thiazolidinediones කාණ්ඩයේ ඖෂධ
මෙම කාන්ඩයේ ඖෂධ වලට උදාහරණ ලෙස පයෝග්ලිටසෝන් (Pioglitazone) සහ රොසිග්ලිටසෝන් (Rosiglitazone) දැක්විය හැක. මෙම ඖෂධ, සිරුර මගින් ඉන්සියුලින් හෝමෝනය භාවිතා කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කර රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට දායක වේ. ගැටළුකාරී ලෙස රුධිරගත සීනි මට්ටම අඩු නොවීම, දිගු වේලාවක් ක්‍රියාකාරී වීම, ශරීරයට හිතකර HDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීම හා අහිතකර ට්‍රයිග්ලිසරයිඩ් (Triglycerides) කොලෙස්ටරෝල් මට්ටම පහත දැමීම, සහ හෘද රෝග වැළඳීමට ඇති අවදානම පහත වැටීම මෙම කාණ්ඩයේ ඖෂධ ගැනීමේදී ඇතිවන වාසි කිහිපයක් ලෙස දැක්විය හැක.
Thiazolidinediones කාණ්ඩයේ ඖෂධ ගැනීමේදී ඇතිවීමට ඉඩ ඇති අවාසි සහ අතුරු ආබාධ අතර බර වැඩිවීම, සිරුර මදක් ඉදිමීම, හෘද අකර්මණ්‍යතාව (Heart failure) ඇතිවීමට ඉඩක් පැවතීම, සහ අස්ථි බිඳුම් හටගැනීමට ඇති අවදානම මදක් වැඩිවීම පවතී. කෙසේ වුවත්, මෙම අතුරු ආබාධ Thiazolidinediones කාණ්ඩයේ ඖෂධ ලබාගන්නා සෑම විටෙකම ඇතිවන බවක් එයින් අදහස් නොවේ.
Alpha-glucosidase inhibitors කාණ්ඩයේ ඖෂධ
Alpha-glucosidase inhibitors කාණ්ඩයේ ඖෂධයකට උදාහරණයක් ලෙස ඇකාබෝස් (Acarbose) හැඳින්විය හැක. මෙම කාණ්ඩයේ ඖෂධ මගින් සිදුකරන්නේ ආහාර ජීර්ණ පද්ධතිය තුළදී කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වීම අඩුකර ඒවා සීනි ලෙස රුධිරයට උරාගැනීම අඩුකිරීමයි. මෙම ඖෂධ කාණ්ඩය ගැනීමේ ඇති වාසි වන්නේ ගැටළුකාරී ලෙස රුධිරගත සීනි මට්ටම අඩුවීමට ඇති හැකියාව අවම වීම, ආහාර වේලකට පසුව රුධිරගත සීනි මට්ටම බොහෝ සෙයින් ඉහළ යාම පාලනය වීම, සහ හෘද රෝග හටගැනීමට ඇති අවදානම අඩුවීමයි. Alpha-glucosidase inhibitors කාණ්ඩයේ ඖෂධ නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ සහ අවාසි ලෙස බඩ පුරවා දැමීම, දියර ලෙස මළපහ පිටවීම, සහ දවසකට ගතයුතු වාර ගණන සාපේක්ෂව වැඩිවීම දැක්විය හැක.
DPP-4 inhibitors කාණ්ඩයේ ඖෂධ
DPP-4 inhibitors කාණ්ඩයේ ඖෂධ ලෙස සිටාග්ලිප්ටින් (Sitagliptin), විල්ඩාග්ලිප්ටින් (Vildagliptin), සැක්සාග්ලිප්ටින් (Saxagliptin), ලිනාග්ලිප්ටින් (Linagliptin), සහ ඇලොග්ලිප්ටින් (Alogliptin) දැක්විය හැක. මෙම කාණ්ඩයේ ඖෂධ මගින් අග්න්‍යාශයේ සිදුවන ඉන්සියුලින් නිෂ්පාදනය වැඩිකිරීම හෝ රුධිරගත ඉන්සියුලින් මට්ටම වැඩිකිරීම සහ/හෝ අක්මාවේ සිදුවන සීනි නිෂ්පාදනය අඩුකිරීම සිදුකරයි. මෙම ඖෂධ ගැනීමේදී ලැබෙන වාසි අතර ගැටළුකාරී ලෙස රුධිරගත සීනි මට්ටම අඩු නොවීම, අතුරු ආබාධ අවම වීම, සහ බර වැඩි නොවීම දැක්විය හැක.
"Credit Info :- සුව සෙවන"
ඔබටත් තෙඹු පානය තුලින් විශ්මිත ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍යද? එසේ නම් එයට ප්‍රතිකාරය කරහැකි විශ්මිත තෙඹු පානය අප සතුයි.එය නිවසටම ගෙන්වාගන්න.
මිල රු.2500/- පමණයි බෙදාහැරීමේ ගාස්තු නැත, බෙදාහැරීමේ නොමිලේ
📲Whastapp only 0705450500 / 0742001520
📞 Call 0113413120
(සතියේ දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පමණක් call ලබාදෙන්න )
🚛Cash On Delivery Available
🛳Free Delivery
Diabetes mellitus,DNA-binding
24/01/2023
නම: තෙබු
විද්‍යාත්මක නම: Costus speciosus (Koenig) Smith
පවුල: ZINGIBERACEAE (හරිද්‍රා කුලය)
සමාන පද: තෙබු
ඉංග්‍රීසි නම: Costus
දෙමළ නම: කෝෂ්ටම්, තේම්බු
සංස්කෘත නම: කේබුක, කේමුක, පේචු
භාවිතා කළ හැකි කොටස්: පත්‍ර, මුල, අල
උප විශේෂ: අප්‍රකටය.
දෝෂ කර්ම: පිත්ත ශාමක, කඵහර, කඵ පිතක ශාමකය, දූෂී විෂ නාශක, වර්ණ උත්පාදක
ගුණ කර්ම: රස - තික්ත, ක්ෂාය ගුණ - ලඝු, රුක්ෂ වීර්ය - ශීත විපාක - කටු
රසායනික ගුණ: රෛසෝමයෙහි 3,11 Furostanol glycoside 26-O-ß -glucosidase නම් සංයෝග අඩංගු බව හඳුනාගෙන ඇත. Steroid glycosides වර්ග 8 ක් හඳුනාගෙන ඇත.
චිකිත්සක භාවිතයන්: ක්‍රිම් රෝග, අක්ෂි රෝග, දාහ
වෙනත් භාවිතයන්: ආහාර සංස්කරණයේ දී භාවිතා වේ. ගෙවතු අලංකරණයට භාවිතා වේ.
වෙනත් විස්තර:
මීටර් 2-3 පමණ දිග හොඳින් ශාඛනය වූ බහු වාර්ෂික පඳුරකි. පත්‍ර පාදය පටු රවුම් වේ. පත්පුර අගුය තීව්ෂ්පර වන අතර පත්‍ර දිගින් සෙ.මී.15-20 පමණ වන අතර පළල සෙ.මී.6-7 පමණ වේ. පුෂ්ප මංජරිය දිගින් සෙ.මී. 3-5 පමණ වේ. පුෂ්පය ක්‍රීම් කහ පැහැ මධ්‍ය රේඛා සහිත ය. මුකුට මුඛයෙහි කහ පැහැති රෝම දරයි. යටි පැත්තෙහි රෝම සහිත ය. ඵලය තද රතු පැහැති ය.
Credit Info:- Osu Pola
ඔබටත් තෙඹු පානය තුලින් විශ්මිත ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍යද? එසේ නම් එයට ප්‍රතිකාරය කරහැකි විශ්මිත තෙඹු පානය අප සතුයි.එය නිවසටම ගෙන්වාගන්න.
මිල රු.2500/- පමණයි බෙදාහැරීමේ ගාස්තු නැත, බෙදාහැරීමේ නොමිලේ
📲Whastapp only 0705450500 / 0742001520
📞 Call 0113413120
(සතියේ දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පමණක් call ලබාදෙන්න )
🚛Cash On Delivery Available
🛳Free Delivery
Diabetes mellitus,DNA-binding
21/01/2023
Costus Speciosus උද්භිද කුලයට අයත් තෙඹු කොළ යනු නොයෙක් රෝගයන්ට ගුණ දෙන ඖෂධීය පළා වර්ගයකි. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ට ගුණ දෙන පළා වර්ග අතර ප්‍රචලිත පළා වර්ගයක් ලෙස තෙඹු කොළ හඳුනාගත හැකිය. නමුත් දියවැඩියා රෝගයට අමතරව තවත් රෝග රැසකට තෙඹු කොළ ආහාරයට ගැනීම ගුණදායකවේ.
ආයුර්වේදය තුළ අතීතයේ පටන්ම ඖෂධ සඳහා භාවිතයට ගත් තෙඹු කොල තිත්ත කසාය රසයෙන් යුතු ශීත වීර්යයෙන් ද අම්ල විපාකයන් ද විරේචන ගුණයෙන්ද යුක්තය.තෙඹු වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ ප්‍රෝටීන්, මැග්නීසියම්, ලිපිඩ, පොටෑසියම්, සෝඩියම්, යකඩ, කාබෝහයිඩ්‍රේට්, තන්තු, කැල්සියම්ආ දී බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගුවේ.
තෙඹු කොළ වල ඖෂධීය භාවිතය
දියවැඩියාව පාලනය කරයි තෙඹු කොළ වල අඩංගු තන්තු මගින් රුධිර ගත සීනි මට්ටම පාලනය කරන හෙයින් දියවැඩියා රෝගීන්ට ගුණදායක පලා වර්ගයක් ලෙස තෙඹු ප්‍රචලිතය. එනම් තෙඹු කලවම් පලා මැල්ලුමක් ලෙස හෝ සම්බෝලයක් ලෙස සකස්කර ආහාරයට ගැනීම දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකය.
මළබද්ධය සමනය කරයි.දියවැඩියා රෝගයට පමණක් නොව තෙබු කොළ මලබද්ධය සමනය කිරීමට ද ගුණදායකය. එනම් තෙඹු කොළ වල අඩංගු තන්තු මගින් මල බද්ධය සමනය කරනු ලැබේ.
තෙඹු මැල්ලුමක් හෝ සලාදයක් ලෙස මෙවැනි රෝග තත්ත්වයකදී ආහාරයට ගැනීම මගින් එම රෝගී තත්ත්වයන් සමනය කර ගත හැකිවේ.
ශරීර ගත විෂ ඉවත් කරයි.තෙඹු කොළ වල හා මුල් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ශරීරගත විෂ ඉවත් කිරීමට ඉවහල්වේ. එනම් එහි අඩංගු කෙඳි මේ සඳහා බෙහෙවින් ඉවහල්වේ.
ගෑස්ට්‍රයිටිස් රෝගීන්ට සුදුසුවේ තෙඹු කොළ ආහාරයට ගැනීම මගින් උදරගත ආම්ලිකතාව සමනය කර ගත හැකිය. එම නිසා ගැස්ට්‍රයිටීස් රෝගීන්ට ද තෙඹු කොළ ආහාරයට ගැනීම ගුණදායකය.
ශරීර දාහය සමනය කරයි.තෙඹු මුල් වල යුෂ පානය කිරීම මගින් ශරීර ගත දාහය සමනය කරගෙන ශරීරය සිසිල් කර ගත හැකිය.
හෘද රෝගීන්ට ගුණදායකය.තෙඹු කොළ ආහාරයට ගැනීමෙන් රුධිරගත සීනි පාලනය කිරීම මෙන්ම දේහ ගත කොලෙස්ටරෝල් පාලනය කිරීමද සිදු කරන හෙයින් හෘද රෝග ඇති වීම පාලනය කෙරේ. එමෙන්ම තෙඹු කොළවල අඩංගු පොටෑසියම් මගින් රුධිර නාල විස්තාරණය කර රුධිරය හෘදයට ක්‍රමවත් සැපයීම සිදුකරයි. එමනිසා හෘද රෝගීන්ට තෙබු කොළ ආහාරයට ගැනීම ගුණදායකවේ.
රක්තහීනතාවයට
චර්ම රෝග වලට
ලාදුරු රෝගයට
ශරීර විඩාවට
පණු රෝගයට
ඇදුමට
සෙම් රෝග වලට
තෙඹු කොල යනු ගුණදායි පලා වර්ගයකි. මීට අමතරව තෙඹු කොළ ආහාරයට ගැනීම ස්ත්‍රි , පුරුෂ දෙපක්ෂයේම මදසරුභාවයට හේතුවන බවද පිළිගනී.
තෙඹු කොළ සලාදය සකස් කරන ආකාරය
තෙඹු කොළ දෙමිටක්
රතුලූනු ගෙඩි 2
අමුමිරිස් කරල් 2
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
පොල් ස්වල්පයක්
සෝදා පිරිසිදු කර ගත් තෙඹු කොළ , අමුමිරිස් ලූණු සිහින්ව ලියලා ගන්න. පසුව ඊට ගම්මිරිස් කුඩු ස්වල්පයක්, ලුනු ස්වල්පයක්, පොල් යන සියල්ල මිශ්‍ර කර හොදින් කලවම් කරන්න. කෑමට ගැනීමට මොහොතකට පෙර දෙහි යුෂ ස්වල්පයක් එක් කරගන්න.
තෙඹු කොල වැඩි වශයෙන් ආහාරයට ගැනීම සුදුසු නොවේ සතියකට එක් වරක් පමණ සලාදයක් , මැල්ලුමක් වෑංජනයක් ලෙස ආහාරයට ගැනීම සුදුසුවේ. දියවැඩියා රෝගීන්ද එක දිගට තෙඹු කොළ ආහාරයට ගැනීම සුදුසු නොවේ. එමගින් රුධිර ගත සීනි සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහත බැසිය හැකිය. එම නිසා සතියකට එක් වතාවක් පමණක් භාවිතා කරන්න ඔබ දියවැඩියාව වැනි රෝග වලට කෘතිම ඖෂධ භාවිතා කරන්නේ නමි වෛද්‍ය උපදෙස් ලබගෙන තෙඹු කොළ ආහාරයට ගැනීමට කටයුතු කරන්න.
" Credit info:- Hela Rahas "
ඔබටත් තෙඹු පානය තුලින් විශ්මිත ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍යද? එසේ නම් එයට ප්‍රතිකාරය කරහැකි විශ්මිත තෙඹු පානය අප සතුයි.එය නිවසටම ගෙන්වාගන්න.
මිල රු.2500/- පමණයි බෙදාහැරීමේ ගාස්තු නැත, බෙදාහැරීමේ නොමිලේ
📲Whastapp only 0705450500 / 0742001520
📞 Call 0113413120
(සතියේ දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පමණක් call ලබාදෙන්න )
🚛Cash On Delivery Available
🛳Free Delivery
Diabetes mellitus,DNA-binding
29/12/2022
දියවැඩියාවෙන් මිදෙමු. 😊 Images Credit :- Wishva Danuma 🙏
01/11/2022
වියළි ඖෂධ අමුද්‍රව්‍ය අවශ්‍යව ඇත.
සැපයුම් අංශය
0112 839834 / 077 1332478
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No. 165/A2, Borella Road, Depanama
Pannipitiya
10230