Ruksh cosmetics
Madu Transport
කාලය විසින් ඔබට යම් දෙයක් අහිමි කලේනම්
ඒ ඔබට නොගැළපෙන දෙයකි..🙏
29/01/2023
29/12/2022
~ආදරේ හිස්තැන් තිබ්බම ඒවා අස්සට යක්කු රිංගනවා~
ඝරසරප ෆිල්ම් එකේ මට ගොඩක්ම හිතට වැදුන දෙබස ඒක.
මන් දන්නෑ මොන හේතුවක් නිසා ඒ දෙබස දැම්මද කියලා ඒත් මන් දන්නවා එක දෙයක්,
ඒ කතාව සම්පූර්ණ ඇත්තක්.
මට මේක තේරුනෙ මගේ ජීවිතේ පළවෙනි වතාවට අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යාතනයට එහෙමත් නැත්නම් හැමෝම දන්න විදියට කිව්වොත් පිස්සන් කොටුවට ගිය දවසෙ.
එතනට ගියොත් ආදරේ හිස්තැන් තිබුන අය ගොඩක් බලාගන්න පුළුවන්. දැන් තමා එතනට හරිම නම දාලා තියෙන්නෙ ඇත්තටම ඒක විද්‍යාතනයක්. එතන ඉන්න හැමෝම අපේ ජීවිතවලට ලොකු පාඩමක් කියාදෙනවා..
එකතැනක අවුරුදු ගානක් ආදරේ කරපු
ආදරවන්තිය දාලා ගිය කෙනෙක්,
තව තැනක සමාජෙට පොරක් වෙන්න හිතාගෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුන කෙනෙක්,
තවත් තැනක පොඩිකාලෙ අම්මගෙ තාත්තගෙ ආදරේ නොලැබුන නිසා දැන් අම්මා තාත්තාවවත් පෙන්නන්න බැරුව මනස අසනීප වුන පුතෙක් ..
මේ හැමෝම හෙව්වෙ ආදරය. ඒත් එයාලට හම්බුනේ හිස් තැන් තිබුන ආදරයක් ..ඒ හිස්තැන්වලට රිංගපු යකා සමාජෙට තවත් එක පිස්සෙක් එකතුකලා ..
ආදරේට නිර්වචන දෙන්න කාටවත් බැරි වුනත් ඕනම කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන්.. ඔය හිත්වල පිරිලා තියන ආදරය අඩුවක් නැතුව බෙදන්න.. කොයිම මොහොතකවත් ඒ ආදරේ හිස්තැනක් ඉතුරු කරන්න එපා..
මේක කියවන ඔයා අම්මෙක් හරි තාත්තෙක් හරි නම් ඔයාගෙ දරුවට හිත පිරෙන්න ආදරේ දීලා එයාලට නිදහසේ වැඩෙන්න ඉඩදෙන්න.
ඔයා ආදරවන්තියක් හරි ආදරවන්තයෙක් හරි නම් ඔයා ආදරේ කරන කෙනාට හිස් තැන් නැතුව ආදරේ කරන්න.
ඔයාගෙ වයසක අම්මට තාත්තට අඩුවක් නැතුව ආදරේ දෙන්න..
නැත්තන් ඒ ආදරේ ඇතුළටත් යක්කු රිංගයි.
ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි ඔය හිතේ පිරිලා තියන ආදරේ ලෝභ නැතුව බෙදන්න ඒකට ඔයාට එක රුපියලක්වත් වියදම් වෙන්නෙ නෑ .
මේ කතාව කියෙව්වට පස්සෙත් ඔයාට හිතෙන්නෙ අංගොඩ ඉන්නෙ පිස්සො කියලනම් , ඔයා වැරදියි..
එතන ඉන්න බහුතරයක් ආදරේ නිසාම අසරණ වුන අහිංසකයො.. කය ලෙඩ වුනාම බෙහෙත් අරන් සනීප කරගන්න තරම් ලේසියෙන් හිතේ ලෙඩ සනීප කරගන්න අමාරුයි ඒ නිසා ඔයාගෙ ආදරණීයයන්ට යක්කුන්ගෙ බැල්ම වැටෙන්න නොදී ආදරෙන් බලාගන්න ❤️🌹
Copied &
Credits goes to respective writer💐
24/12/2022
මිනිස්සු බදින්න ම ඕනද?
ජිවත් වෙන්නනම්.....
මන් මගෙන් ම අහන ප්‍රශ්නයක්...
වෙන අය තමන්ගේ wedding ,එකට හීන මවද්දී
මට විතරද එහෙම හීනයක් නැත්තේ කියලා හිතෙනවා...
බැදිම් කියන්නේ මහා දුකක්
ආදරේ ගැන තිත්තම තිත්ත හැගිමක් මට දැනෙද්දී එහෙම හිතෙනවා...
ආදරේ වෙනුවෙන් කොච්චර මිනිස්සු
දුක් විදිනවද....
සමහරුන්ට තමන්ගේ ආදරේ ලැබිලත් ඒ ආදරේ රැක ගන්න බැරිව දුක් විදිනවා
තවත් සමහරු ආදරේ නොලැබීම මත්තේ නැහෙනවා...
අවුරුදු ගානක් ආදරේ කරපු මිනිස්සුත් වෙන්වෙන සමාජයක
අද ඊයේක ජිවිතේට එන මිනිස්සු ගැන කවර කතාද
කියලා මට හිතෙනවා...
අපි පොඩිකාලේ අම්මලා අපිව බලා ගන්නේ අපිට කදුලක්වත් ඇස්වලින් වැටෙන්න නොදී..❤
අපේ ජිවිතේට අහම්බෙන් එන මිනිස්සු නිසා අපි අඩනවා..😞
ආදරේ කියනේ ජිවිතේ වැදගත් කොටසක්..
හැබැයි ඒක එක කොටසක් විතරයි..
ඒ කොටස නැති උනා කියලා
අපිට අපේ ජිවිතේ
අහිමි වෙන්නේ නෑ...
අහිමිකරගන්න බය වෙන්න ඕනේ
අම්මගේ තාත්තාගේ ආදරේ....
නැතුව තාවකාලික ලැගුම් හොයන උන්මන්තක ආදරවන්තයෝ
ආදරවන්තියෝ නෙමෙයි....
උබටත් ඇති
අපි හැමෝටම ඇති
හිමිවෙලා අහිමි උණු
නැත්නම් හිමි වෙලා සදහටම හිමිවුනු
ආදර කතා....
හිතන්න එපා වැඩියෙන්
හිතනකොට,
රිදෙනවා වැඩයි.....
ඔබ සමග සිටින්නා
හැමදාම ලගින් හිදී....
යන්නවුන් දවසක හැරයාවී....
එයයි ස්වභාවය......
ආදරේ ජිවිතේම කරගන්න ගියාම දුකක්... හැමදේම වෙනස් වෙන සුළුයි කියලා සිතන්න....
වෙනස් නොවී
ආදරේ දෙන අයට ආදරේ දෙන්න 🙂
- දිදු -
Click here to claim your Sponsored Listing.
Contact the business
Website
Address
ඇඹිලිපිටිය
Ratnapura
70200
24/12/2022