Salon Misha

Salon Misha

Share

BRIDAL / HAIR / BEAUTY

27/04/2026

ඔබ දන්නව​ද දකුණු ඇමරිකාවට යටින්, ඇන්ටාක්ටිකාවට කිට්ටුවෙන් තියෙන මුහුදු තීරුවෙන් කිසිම නැවක් ලේසියෙන් යන්නේ නෑ කියලා? මේ මුහුදු තීරුවට කියන්නේ Drake Passage (ඩ්‍රේක් පැසේජ්) කියලා. 🌊⚓

මේ මුහුදේ නැව් සිය ගාණක් ගිලිලා තියෙනවා, නාවිකයින් 10,000 කට වඩා මැරිලා තියෙනවා. හැබැයි පුදුමේ කියන්නේ, මේ තරම් මිනිස්සු මැරුණත් මේ මුහුදේ ගිලුණු නැව් ගැන හරියටම විස්තර හොයාගන්න නැති එක. ඇයි මේ මුහුදු මාර්ගය මෙච්චර භයානක? අපි කතා කරමු ​මේ මාරාන්තික ඩ්‍රේක් පැසේජ් එකේ හැංගුණු කතාව ගැන. 🚢❄️

මේ මුහුදු තීරු​වේ භයානකකම තේරුම් ගන්න හොඳම උදාහරණයක් තමයි 2022 නොවැම්බර් 29 වෙනිදා සිද්ධ වුණු දේ. "Viking Polaris" කියන්නේ ඇන්ටාක්ටිකාවට යන අති නවීන තාක්ෂණයෙන් හදපු සුඛෝපභෝගී නැවක්. මේ නැව ඇන්ටාක්ටිකාවේ ඉඳන් ආපහු ආර්ජන්ටිනාවේ උෂුවායා වලට එමින් හිටියේ. 🛳️💥

මේක අති නවීන නැවක් වුණත්, ඩ්‍රේක් පැසේජ් එකේදී කිසිම අනතුරු ඇඟවීමක් නැතුව යෝධ රළක් ඇවිත් නැවේ පැත්තක වැදුණා. මේක කොච්චර සැරද කියනවා නම් නැවේ වීදුරු පවා කුඩුවෙලා ගියා. මේ අනතුරෙන් නැවේ හිටපු අවුරුදු 62 ක ඇමරිකානු කාන්තාවක් වීදුරු කෑලි වැදිලා එතනම මියගියා වගේම තවත් 4 දෙනෙකුට තුවාල වුණා.

මේ යෝධ රළක් කියන්නේ අමුතුම ජාතියේ රළක්. මේවා සාමාන්‍ය රළ වගේ නෙවෙයි, සුළඟේ දිශාවටවත් යන්නේ නෑ. එකපාරටම මුහුද මැදින් අඩි ගාණක් උසට නැගලා එන වතුර බිත්තියක් වගේ. මේ වගේ නවීන නැවකටත් මෙහෙම වුණා නම්, ඉස්සර කාලේ ලී නැව් වලට මොනවා වෙන්න ඇද්ද? 🌊

හැබැයි ඇයි මේ ඩ්‍රේක් පැසේජ් එක මෙච්චර දරුණු? මේ මුහුදු තීරුව තියෙන්නේ දකුණු ඇමරිකාවේ කේප් හෝන් සහ ඇන්ටාක්ටිකාව අතර. මෙතන මෙච්චර භයානක වෙන්න ප්‍රධානම හේතුවක් තියෙනවා. 🌍🌪️

අවුරුදු මිලියන ගාණකට කලින් දකුණු ඇමරිකාවයි ඇන්ටාක්ටිකාවයි එකටයි තිබුණේ. පස්සේ මේ භූතැටි ඈත් වුණාම, ඒ මැදින් මහා මුහුදු ප්‍රවාහයක් හැදුණා. මේකට කියන්නේ Antarctic Circumpolar Current කියලා. මේ ප්‍රවාහය ලෝකේ වටේම කැරකෙනවා, හැබැයි මේකේ ගමන හරස් කරන්න එකම එක ගොඩබිමක්වත් නෑ!

ඉතින් මේ මහා වතුර කඳ එක දිගටම වේගයෙන් ඇවිත් අර දකුණු ඇමරිකාවයි ඇන්ටාක්ටිකාවයි අතර තියෙන පටු ඩ්‍රේක් පැසේජ් එක අස්සෙන් රිංගලා යද්දී ඒකේ වේගය ඩබල් වෙනවා. මේකේ තියෙන වතුර ප්‍රමාණය ඇමසන් ගඟේ වතුර වගේ දහස් ගුණයක්!

ඒ වගේම මේ මුහුද කිලෝමීටර් 1,000 ක් විතර පළලයි, අඩි 11,000 ක් විතර ගැඹුරුයි. මේ මහා ගැඹුර නිසා තමයි අර යෝධ රළ වලට කිසිම බාධාවක් නැතුව හැදෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ මදිවට පැසිෆික් සාගරයෙන් එන උණුසුම් වාතයයි, දකුණෙන් එන සීතල වාතයයි මෙතනදී හැප්පිලා කුණාටු සහ සුළි සුළ​ං නිතරම හැදෙනවා.

මේ තරම් භයානක නම් ඇයි නැව් මේ පාරෙන් යන්නේ? පැනමා ඇළ හදන්න කලින් අත්ලාන්තික් සාගරයේ ඉඳන් පැසිෆික් සාගරයට යන්න තිබුණු එකම ලේසි පාර මේක විතරයි. (Straight of Magellan වගේ පාරවල් තිබුණත් ඒවා ගොඩක් පටුයි වගේම තවත් අනතුරුදායකයි). 🗺️⛵

මේ පාර මුලින්ම හොයාගත්තේ Sir Francis Drake කියන ඉංග්‍රීසි ජාතික නාවිකයා විසින්. හැබැයි එයා මේක හොයාගත්තේ හිතලා නෙවෙයි. 1578 දී එයාගේ නැව කුණාටුවකට අහුවෙලා දකුණට ගහගෙන ගියාම තමයි එයා දැක්කේ දකුණු ඇමරිකාවෙන් යටට වෙන්න ලොකු මුහුදක් තියෙනවා කියලා. ඒ නිසයි මේකට Drake Passage කියලා නම දැම්මේ.

1800 ගණන් වෙනකො​ට මේ පාරේ ගොඩක් නැව් ගමන් කළා. ඒත් එක්කම මේ මුහුදේ නැව් ගිලෙන එකත් වැඩි වුණා. මේ මුහුදේ ගිලුණ ප්‍රසිද්ධම නැවක් තමයි San Telmo කියන ස්පාඤ්ඤ යුධ නැව. ⚓🏴‍☠️

1819 දී මේ නැව පේරු රාජ්‍යයට යන්න පිටත් වුණා. හැබැයි ඩ්‍රේක් පැසේජ් එකට ආවාට පස්සේ සැප්තැම්බර් 2 වෙනිදායින් පස්සේ මේ නැව ගැන කිසිම හෝඩුවාවක් නැතුව ගියා. නැවේ හිටපු 644 දෙනාම මැරුණා කියලා තමයි හැමෝම හිතුවේ. මොක​ද මේ වගේ සීතල මුහුදක ගිලුණොත් විනාඩි කීපයකින් මිනිස්සු මැරෙනවා.

හැබැයි පුදුමේ කියන්නේ, ඊට අවුරුද්දකට පස්සේ ඇන්ටාක්ටිකාවට කිට්ටුවෙන් තියෙන Livingston Island කියන දූපතට මේ නැවේ ලී කෑලි ගහගෙන ඇවිත් තිබුණා! ඒ කියන්නේ නැවේ හිටපු සමහරු බේරිලා ඒ දූපතට යන්න ඇති කියලා ඉතිහාසඥයෝ විශ්වාස කරනවා. එහෙම වුණා නම් ඇන්ටාක්ටිකාවට මුලින්ම පය තියපු මිනිස්සු වෙන්නේ එයාලා! හැබැයි එහෙම ගියත් එයාලා ඒ දූපතේ තනිවෙලා සීතලෙන් මැරිලා යන්න ඇති.

1901 දී Otto Nordenskjöld කියන ස්වීඩන් ජාතික විද්‍යාඥයා "Antarctic" කියන නැවෙන් ඇන්ටාක්ටිකාවට ගියා. එයා තව කීපදෙනෙක් එක්ක දූපතක නැවතිලා පර්යේෂණ කරන්න පටන් ගත්තා, නැව ආපහු යවලා ඊළඟ අවුරුද්දේ එන්න කිව්වා. 🧊🚢

හැබැයි ඊළඟ අවුරුද්දේ නැවට එන්න බැරි වුණා. නැව මහා අයිස් තට්ටුවකට අහුවෙලා හිරවුණා. සති 6ක් අයිස් වල හිරවෙලා ඉද්දී, අයිස් වලින් ආපු පීඩනයට නැව කුඩුවෙලා ගිලුණා! නැවේ හිටපු නාවිකයින්ට මාස ගාණක් අයිස් කඳු උඩ ජීවත් වෙන්න සිද්ධ වුණා. ඔවුන් පෙන්ගුයින්ලා, සීල් මසුන් අල්ලගෙ​න කාලා, මේ සතුන්​ගේ තෙල් වලින් ගිනිමැල ගහගෙන තමයි බේරුණේ.

අන්තිමට අවුරුදු දෙකකට පස්සේ, මේ කණ්ඩායම් ඔක්කොම ආයෙත් එකතු වෙලා බේරුණා. මේ මුළු කණ්ඩායමෙන්ම මැරුණේ එකම එක කෙනයි. මේක තමයි ඇන්ටාක්ටිකාවේ අයිස් වලට අහුවෙලා නැවක් විනාශ වුණු පළවෙනි වාර්තාගත සිදුවීම!

ඩ්‍රේක් පැසේජ් එක පහුකරලා ගිහින් අමාරුවේ වැටුණු ලෝක ප්‍රසිද්ධම නැව තමයි Ernest Shackleton ගේ Endurance නැව. 1914 දී මේ නැව ඇන්ටාක්ටිකාවට යද්දී මහා අයිස් තට්ටුවකට හිරවුණා. ⛵❄️

මාස ගාණක් අයිස් වල හිරවෙලා ඉඳලා අන්තිමට නැව කුඩුවෙලා ගිලුණා. නැවේ හිටපු 28 දෙනාම අයිස් තට්ටු උඩ කෑම්ප් ගහගෙන මාස ගාණක් පාවෙවී හිටියා. කෑම ඉවර වුණාම එයාලගේ බල්ලන්ව පවා මරලා කන්න සිද්ධ වුණා. අන්තිමට අයිස් දියවෙද්දී එයාලා පොඩි ලයිෆ්බෝට් වලින් දවස් 5ක් මහ මුහුදේ ගිහින් එලිෆන්ට් කිය​න දූපතට ගියා.

එතනින් බේරෙන්න විදිහක් නැති නිසා, Shackleton තව 5 දෙනෙක් එක්ක පොඩි බෝට්ටුවකින් සැතපුම් 800 ක් මහ මුහුදේ, අර යෝධ Rogue waves මැදින් ගිහින් සවුත් ජෝර්ජියා දූපතට ගියා. එහේ කඳු තරණය කරලා තමයි අන්තිමට උදව් ඉල්ලගත්තේ. පුදුමේ කියන්නේ මේ 28 දෙනාම කිසිම කෙනෙක් මැරෙන්නේ නැතුව බේරුණා! (අවුරුදු 100කට පස්සේ මෑතකදී මේ Endurance නැවේ සුන්බුන් අඩි 10,000ක් යට මුහුදේ තියෙද්දි හොයාගත්තා).

ඩ්‍රේක් පැසේජ් එකේ නැව් සිය ගාණක් ගිලිලා නාවිකයින් 10,000 කට වඩා මැරිලා තියෙනවා කියලා අපි කිව්වනේ. හැබැයි අපි මේ කතා කරපු කතා ඔක්කොම වගේ මිනිස්සු බේරුණු කතා විතරයි. 🤔📜

ඇත්තම කතාව තමයි, මේ මුහුදේ ගිලුණු ගොඩක් නැව් වලින් එකම එක කෙනෙක්වත් බේරුණේ නෑ. අවුරුදු සිය ගාණකට කලින් ලී නැව් වලින් ගිහින් කුණාටුවකට අහුවුණාම, කිසිම උදව්වක් ඉල්ලන්න විදිහක් තිබුණේ නෑ. ඒ මිනිස්සු කවුද, මොනවා වුණාද කියලා කියන්න කවුරුවත් ඉතුරු වුණේ නෑ. ඒ නිසයි මේ මුහුද ගැන විස්තර හොයාගන්න මෙච්චර අමාරු.

මහන්සි වෙලා ලියන ලිපි වලට ලයික් එකක්, කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා! 🥹

අද කාලේ කොච්චර දියුණු නැව්, කාලගුණ වාර්තා තිබුණත් අදටත් ඩ්‍රේක් පැසේජ් එක හරහා යන එක මහා අවදානමක්. සොබාදහමේ බලය ඉස්සරහා මිනිස්සු කොච්චර අසරණද කියන එකට මේ මුහුදු තීරුව හොඳම උදාහරණයක්. 🌟

මේ මාරාන්තික ඩ්‍රේක් පැසේජ් එක ගැන ඔයා මීට කලින් අහලා තිබුණාද? අඩි 60ක Rogue waves ගැන අහද්දී ඔයාට මොකද හිතුණේ? මේ ලිපියෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තාද? ඔයාගේ අදහස පල්ලෙහායින් Comment කරන්න. ඒ වගේම මේ වටිනා ලිපියට Like එකක් දාලා, ලෝකයේ තියෙන භයානකම තැන් ගැන දැනගන්න ආස ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරන්න අමතක කරන්න එපා! 🌊🚢❄️👍💬🗣️

Sulochana Dissanayake

Photos from Salon Misha's post 04/11/2024

Full dressing by Salon Misha.💄( Muthu )
Call 📞076 9824606/0785899173/047-2259500And get your Appointment Now your Normal DressingSalon Misha.💄(Muthu)👇👇🌏
Location : 815/1 Senapura, Tissamaharama ☎️ Hotline : 0769824606
Loction : Orugodawaththa junction( Colombo )

Photos from Salon Misha's post 14/08/2024

Full dressing by Salon Misha.💄( Muthu )
Call 📞076 9824606/0785899173/047-2259500And get your Appointment Now your Normal DressingSalon Misha.💄(Muthu)👇👇🌏Location : 815/1 Senapura, Tissamaharama ☎️ Hotline : 0769824606

Photos from Salon Misha's post 04/05/2024

Bridal dressing by Salon Misha.💄( Muthu )
Second day western bride ❤️
Call 📞076 9824606/0785899173/047-2259500
And get your Appointment Now your Normal Dressing
Salon Misha.💄(Muthu)

👇👇
🌏Location : 815/1 Senapura, Tissamaharama
☎️ Hotline : 0769824606

Photos from Salon Misha's post 04/05/2024

Bridal dressing by Salon Misha.💄( Muthu )
First day kandiyan
Call 📞076 9824606/0785899173/047-2259500
And get your Appointment Now your Normal Dressing
Salon Misha.💄(Muthu)

👇👇
🌏Location : 815/1 Senapura, Tissamaharama
☎️ Hotline : 0769824606

Photos from Salon Misha's post 22/02/2024

Full dressing by Salon Misha.💄( Muthu ) Call 📞076 9824606/0785899173/047-2259500And get your Appointment Now your Normal DressingSalon Misha.💄(Muthu)👇👇🌏Location : 815/1 Senapura, Tissamaharama ☎️ Hotline : 0769824606

Photos from Salon Misha's post 12/01/2024

Hair & mekup done by Salon Misha.💄( Muthu )
Self mekup 😍🥰💄💄me
Call 📞076 9824606/0785899173/047-2259500
And get your Appointment Now your Normal Dressing
Salon Misha.💄(Muthu)

👇👇
🌏Location : 815/1 Senapura, Tissamaharama
☎️ Hotline : 0769824606

Photos from Salon Misha's post 12/01/2024

Full dressing by Salon Misha.💄( Muthu )
Call 📞076 9824606/0785899173/047-2259500
And get your Appointment Now your Normal Dressing
Salon Misha.💄(Muthu)

👇👇
🌏Location : 815/1 Senapura, Tissamaharama
☎️ Hotline : 0769824606

Want your business to be the top-listed Beauty Salon in Tissamaharama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Tissamaharama
815/1

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 18:00