Cinnamon Root Official

Cinnamon Root Official

Share

නිරෝගිමත් මන බදින රුවකට

24/03/2025
01/01/2025

Happy New Year

27/12/2024

කොරළ වලින් මිදෙමුද ?

නිරෝගී පැහැපත් සමක් යනු ඕනෑම තරුණියකගෙ හීනයකි. නිරෝගී පැහැපත් සමක උරුමකාරිය වීමට කැමති නම් ඔබට ඒ වෙනුවෙන් සුළු හෝ කැප කිරීමක් සිදු කළ යුතු වේ .

කොරළ යනු සමෙහි සුන්දරත්වයට හානියක් කළ හැකි ප්‍රබල රූපලාවණ්‍ය ගැටලුවකි. කොටුරූල් යනුවෙන් ද සාමාන්‍ය ව්‍යවහාරයේදී කොරළ හඳුන්වති.

කොරළ යනු කාන්තා පිරිමි භේදයකින් තොරව සමාජයේ බොහෝ දෙනෙකු මුහුණ දෙන පොදු රූපලාවණ්‍ය ගැටලුවකි.

වියළි බව නිසා අත් ,පාද හා ශරීරය පුරා ඇතිවන කොරළ නිසා සමෙහි ලස්සන නැති වී යයි .කොරළ තත්ත්වය නිසා යුවතියන්ට අත් හා පාද විවෘත වූ ඇඳුම් ඇඳීමට නොහැකිය.

කොරළ ඇතිවීමට බලපාන හේතු

සමෙහි වියළි බව

කොරළ ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ සමෙහි වියළි බවය. නිසි ලෙස ජලය පානය නොකිරීම සමෙහි වියළි බවට හේතු වේ.

ජලය හා සම යනු කිසිම දවසක වෙන් කළ නොහැකි දෙපාර්ශවයකි. සමෙහි තෙතමනය රඳා පවතින්නේ සිරුර තුළ පවත්නා ජල ප්‍රතිශතය මතය. තවද සමෙහි ඇදෙන සුළු බව රඳා පවතින්නේ ද සමෙහි පවතින ජල ප්‍රතිශතය මතය. සමෙහි පවතින ජල ප්‍රතිශතය අඩු වීමත් සමඟම සමෙහි රැළි වැටීම හා කොරළ ස්වභාවයක් ඇතිවීමේ අවදානමක් පවතී.එම නිසා දිනකට අවම වශයෙන් ජලය ලීටර් 2 1/2 ක් පානය කිරීම සුදුසුය.

පෝෂණ ඌනතා

විටමින් A ( රෙටිනෝල් ) , B 1 ( රයිබොෆ්ලේවින් ) ,
B 3 ( නියැසිමයිඩ් ) , B 5 ( පැන්ටොතෙනික් අම්ලය ),
B 6 ( පිරිඩොක්සින් ) , B 9 ( ෆෝලික් අම්ලය ) , B 12 ( කොබැලමින් ) , බයොටින් , C , E ඌනතාවය නිසාත් සල්ෆර් , පොටැසියම් ,මැග්නීසියම්, සින්ක් , සෙලේනියම් වැනි ඛනිජ ලවණ ඌණතා නිසාද සමෙහි වියළි බව වර්ධනය වී කොරළ හට ගනි.

එම නිසා තද කොළ පැහැති හෝ කහ පැහැති එළවළු,පලා වර්ග, කිරි, මස්, බිත්තර, ධාන්‍ය වර්ග ,පලතුරු වර්ග නිතර ආහාරයට ගත යුතුය.

රෝම ඉවත් කිරීම

සමෙහි පිහිටි සෙබාශස් ග්‍රන්ථියෙන් නිපදවන සීබම් නැමැති තෙල් හා ඉටි මිශ්‍රිත ද්‍රව්‍ය සමට අවශ්‍ය තෙතමනය ලබා දෙනු ලබයි. සීබම් වැඩිපුර නිපදවන්නේ නම් සම තෙල් සහිත වේ . සීබම් අඩුව නිපදවන්නේ නම් සම වියළි වේ.

සෙබාශස් ග්‍රන්ථියෙන් නිපදවනු ලබන සීබම් සම මතුපිටට ගෙන එනු ලබන්නේ රෝම කූප හරහාය.
නවීන විලාසිතා වලට ප්‍රිය කරන තරුණියන් සිරුරේ රෝම විවිධ වූ ක්‍රම භාවිතයෙන් ඉවත් කරති. රෝම ගලවා ඉවත් කළ පසු සම අභ්‍යන්තරයේ නිපදවනු ලබන සීබම් වලට සම මතුපිටට ඒමට නොහැකි නිසා සම වියළි කොරළ හට ගනී.

උෂ්ණාධික ආහාරපාන

අන්නාසි ,අච්චාරු, තක්කාලි, බලමාළු, බල කරවල වැනි උෂ්ණ අධික ආහාර පාන ගැනීම නිසාද , අධික අම්ල හා ලුණු හා සෝස් වර්ග අන්තර්ගත ආහාර ගැනීම නිසාද , කුළුබඩු අධිකව යෙදු ආහාර වර්ග ආහාරයට ගැනීම නිසාද සමෙහි වියළි බව වර්ධනය වී කොරළ හට ගනී.

අධික හිරු එළිය

නිතර හිරු එළියට නිරාවරණය වීම නිසා හිරු එළියේ පවතින අහිතකර UVA හා UVB කිරණ වලින් සමට හානි සිදුවේ .UVA හා UVB කිරණවලට නිතර සම නිරාවරණය වීම නිසා සමෙහි තෙතමනය නැති වී සම වියළි සමෙහි කොරළ තත්ත්වයන් වර්ධනය වේ. එම නිසා හිරු එළියට නිරාවරණය වීමේදී හිරු ආවරණ ක්‍රීම් භාවිතා කළ යුතුය.

ශරීර උෂ්ණත්වය

ශරීර උෂ්ණත්වය අධික වීමද සමෙහි කොරළ හට ගැනීමට උපකාරී වේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී රක්තයා හෙවත් රත් පිත් යනුවෙන් හඳුන්වනු ලබන රෝගී තත්ත්වය නිසා සමෙහි කොරළ හට ගනී. මෙම රෝගී අවස්ථාවේදී ශරීර උෂ්ණත්වය අධික වීම සමෙහි කොරළ හට ගැනීමට උපකාරී වේ.

ජානමය හේතු

ජානමය හේතු මත ඔබගේ සමෙහි කොරළ වර්ධනය විය හැකිය.

අහිතකර ආලේපන

රසදිය, ඊයම් , ආසනික් වැනි සමට අහිතකර උග්‍ර විස සහිත රසායනික ද්‍රව්‍ය අන්තර්ගත ක්‍රීම් වර්ග භාවිතය නිසා ද සමෙහි වියළි බව වර්ධනය වේ

කොරළ සඳහා සදහා රූපලාවන්‍ය සත්කාර

අලිගැටපේර මද මේස හැඳි 10
මී පැණි බිංදු 8

මිශ්‍ර කර අත් හෝ පාද වල ආලේප කර විනාඩි 30 ට පසු පිරිසුදු වතුරෙන් සෝදා හරින්න.

කෝමාරිකා සාරය මේස හැඳි 5
වතුර නොයොදා මිරිකා ගත් පොල් කිරි මේස හැදි 5

මිශ්‍ර කර කර අත් හෝ පාද වල ආලේප කර විනාඩි 30 ට පසුව පිරිසිදු වතුරෙන් සෝදා හරින්න .

පින්ඩ තෙල් හෝ කුංකුමාදී තෙල් හෝ වර්ජින් කොකනට් ඔයිල් අත් හෝ පාද වල රාත්‍රී නින්දට පැයකට පෙර ආලේපය

තල තෙල් මේස හැඳි 02
එඬරු තෙල් මේස හැඳි 02
මී පැණි තේ හැඳි 01

මිශ්‍ර කර අත් හෝ පාද වල ආලේප කර විනාඩි 30 ට පසු පිරිසුදු වතුරෙන් සෝදා හරින්න.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද රූපලාවණ්‍ය ග්‍රන්ථ රචක
ආයුර්වේද හා හෝමියෝපති වෛද්‍ය
ආචාර්ය ,මහෙෂ් අතුරලිය Ph.D, M.D, LRAP ( commenwelth ) vaidhya bhushan ( india ) Master of beauty care ( hair pin up - japan) B.sc.Cosmetology ( IDB)

31/07/2024

සිනමන් රූට් රුපලාවන්‍ය නිෂ්පාදන පෙළ 2024 ජූලි මස 09 වැනි දින BMICH හිදී නැවත එළි දක්වන ලදි.
එම අවස්ථාවට රාජපුර හර්බල් ඩ්‍රග්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති වෛද්‍ය සුමිත් රාජපුර මැතිතුමා,
රූපලාවණ්‍ය වෛද්‍ය, ජයරුවන් බණ්ඩාර මැතිතුමා
ජේෂ්ඪ කථිකාචාර්ය, වෛද්‍ය මධුර පරණවිතාන මැතිතුමා
සිනමන් රූට් කළමනාකර අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ් අතුරලිය මැතිතුමා
සිනමන් රූට් අධ්‍යක්ෂිකා වෛද්‍ය රුවනි සංජීවනී මැතිණිය
වෛද්‍ය අමාලි පෙරේරා මෙනෙවිය යන අයගේ සහභාගිත්වයෙන්
cinnamon root නිෂ්පාදන පෙළ නැවත එළි දක්වන ලදි .





-

10/07/2024

සිනමන් රූට් රුපලාවන්‍ය නිෂ්පාදන පෙළ 2024 ජූලි මස 09 වැනි දින BMICH හිදී නැවත එළි දක්වන ලදි.

එම අවස්ථාවට රාජපුර හර්බල් ඩ්‍රග්ස් සමූහ ව්‍යාපාරයේ අධිපති වෛද්‍ය සුමිත් රාජපුර මැතිතුමා,
රූපලාවණ්‍ය වෛද්‍ය, ජයරුවන් බණ්ඩාර මැතිතුමා
ජේෂ්ඪ කථිකාචාර්ය, වෛද්‍ය මධුර පරණවිතාන මැතිතුමා
සිනමන් රූට් කළමනාකර අධ්‍යක්ෂ වෛද්‍ය මහේෂ් අතුරලිය මැතිතුමා
සිනමන් රූට් අධ්‍යක්ෂිකා වෛද්‍ය රුවනි සංජීවනී මැතිණිය
වෛද්‍ය අමාලි පෙරේරා මෙනෙවිය යන අයගේ සහභාගිත්වයෙන්
cinnamon root නිෂ්පාදන පෙළ නැවත එළි දක්වන ලදි .

06/07/2024

නිරොගිමත් මන බදින රුවකට
අතුරු ආබාධ වලින් තොරව ලස්සන වෙමු !


🔰.අතීතයේ සිට ලාංකීය කාන්තාව ලස්සනට ඉන්න, හැඩට ඉන්න විවිධ වූ රූපලාවණ්‍ය ආලේපන භාවිතා කළ බවට ලිඛිත හා පුරා විද්‍යාත්මක සාක්ෂි ඉතිහාසය පුරා පවතී

🔰.අතීතයේ කාන්තාව පමණක් නොව වර්ථමානයේ සිටින කාන්තා ඔබත් ලස්සනට ඉන්න ,හැඩට ඉන්න කැමතියි කියලා අපි දන්නවා.

🔰.ලස්සනට ඉන්න කැමති, හැඩට ඉන්න කැමති කාන්තා ඔබ වෙනුවෙන්ම " Cinnamon Root " වෙළෙඳ නාමය යටතේ නවතම ආයුර්වේද රුපලාවන්‍ය නිෂ්පාදන පෙළක් අප විසින් හදුන්වාදී ඇත.

අතීත ක්‍රියාවන් දෙස බලා වර්ථමානයේ එය අවබෝධ කරගෙන අනාගතය ක්‍රමවත් කර ගත යුතු බව ආයුර්වේදයේ සිටි සෘෂිවරු පවසා ඇත.

- නියමයට අනුව අපි අතීතයේ රූපලාවණ්‍ය සදහා භාවිතා කළ ආයුර්වේද ශාක සාර වර්ථමානයේ අවබෝධ කර ගෙන එම ශාක සාරයන් වලට නවීන තාක්ෂණය එක් කොට පළමුව ඔබගේ නිරොගිභාවයත්, දෙවනුව රූපලාවණ්‍යයත් ආරක්ෂා වන පරිදි Cinnamon Root නමින් රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් නිපදවා අප විසින් අනාගත පරපුරට තිළිණකර ඇත .

💠 .Cinnamon Root රූපලාවණ්‍ය නිෂ්පාදන නිපදවනු ලබන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත නිෂ්පාදනාගාරයක ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේය.
( නිෂ්පාදනාගාර ලියාපදිංචි අංකය : 6/2/1/02/77 )

නිෂ්පාදනය හා බෙදහැරීම
Seth Ru ayurvedic (pvt) Ltd

නිෂ්පාදන අධීක්ෂණය
Dr.Mahesh Athuraliya

Ph.D, M.D, LRAP ( commenwelth )
B.sc.Cosmetology ( Azteca University - USA )
Master of Science in Cosmetic Science
( Azteca University - USA - U/G )
Fellowship in Facial Aesthetic & Cosmetology ( SOS - India)
P.G.Diploma in Counselling ( Hons)
( University of kelaniya )
Master of Counselling ( University of kelaniya )
Researcher ( NIIBS University )
Research Chair ( NIIBS University )

©

Want your business to be the top-listed Beauty Salon in Wattala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


No 39, 29, Shanthi Road. Hendala. Wattala
Wattala
11300