Olya's NZ Diary

Olya's NZ Diary

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Olya's NZ Diary, Hastings.

ආදරයෙන් පිළිගන්නවා මගේ ෆේස්බුක් පිටුවට..ඉතිම් රැදෙන්න මාත් එක්ක..
මං ලියන්න ආස ලියන්නියක්..ඉවුම් පිහුම් වලට ලැදි ගෙවිලියක්..ස්වභාදහමට ලොබ බදින ස්වභාමාතාගෙ දුවණියක්.🥰

03/08/2026

කමුද මසාල තෝසෙ එකක්..🙈😋

සුබ උදෑසනක් හැමෝටම 💐😍

02/08/2026

කමෝන් කියල අන්තිමට බායි කියලත් යන්නෙ 🙈

02/08/2026

ඊයෙ කට්ටිට කිරිබත් කෑවද 😍

දුවට ඕනි කියල අහම්බෙන් මාසෙ පළවෙනි දවසෙ මං කිරිබත් හැදුවෙ... 😍

විශේෂයක් විදිහට හැඩ වැඩට කිරිබත් හදන්නෙ එක්කො ජනවාරි පළවෙනිදා නැත්තම් සිංහල අලුත් අවුරුද්දට.එක්කො කාගෙ හරි උපන්දිනේකට..🙃

අනිත් දවස්වලට කිරිබත් හැදෙන්නෙ ලස්සනට කැට කපල හැඩ වැඩ නැතුව හිතූ හිතූ වෙලාවට කන්න පෙරේතකමට.🤭

මේ පිටුව හදන්නත් කලින් ඉදන් ගොඩක් පේජ් වල අක්කල නංගිලා අවුරුද්දේ හැම මාසෙටම කිරිබත් හැදනවා මං දැකල තියනවා. එයාල ඒ හැම මාසයක්ම පටන්ගැන්ම ආදරෙන් සමරන්න අමතක කරන්නෑ..😍

ඇත්තටම මටනම් පළවෙනිදා කියල ගොඩක් වෙලාවට මතක් වෙන්නෙ කාගෙ හරි පේජ් එකක ලස්සන ලස්සන කිරිබත් දැක්කම..ඒ තරම්ම දින මතකයි මට 🙈

ඉතින් අහම්බෙන් හරි මේ අගෝස්තුව ආරම්භය සමරන්න මට පුළුවන් උනා ඊයෙ..🙆‍♀

අපිට උයාගත්ත සැමන් එක්ක දෝණිට හදපු කිරිබත් කෑවෙ ලුණු මිරිස් නැතිව.කෝ බලන්න ලුණු මිරිස් නැතුව සැමන්,චිකන්,සීනි එක්ක කිරිබත් කන ළමයි 😋

සුබ උදෑසනක් හැමෝටම 💐

01/08/2026

කෝ ඇපල් 🤔

01/08/2026

ඔයාල කාල තියනවද කොතම්..🙈

මේ තියෙන්නේ අපේ කෙල්ල කන්න ආසම කොතම්..🍊

කහ පාට කොතම්..
තැඹිලි පාට කොතම්..

ලුණුයි ගම්මිරිසුයි දාල තමයි එයා කොතම් කන්න ආසම...

එහෙනම් ඔයාලත් මේ විදිහට කොතම් කාල රස කියන්න ඕනි හොදේ...👌😋

01/08/2026

අලුත් ආරම්භයක්
අලුත් මාසයක්
අලුත් දවසක්
අලුත් හෝරාවන්
අලුත් බලාපොරොත්තු
අලුත් සිතුවිලි
අලුත් අත්දැකීම්
ඉතිම් හැමදාම ,හැම මොහොතක්ම
අලුතින් පටන් ගන්න.
ජීවිතේ හැම තප්පරයක්ම අලුතින් විදින්න අලුත් වෙනස් විදියටකට..
එතකොට පරණ හිත් රිදීම් අවස්ථා මගහැරගන්නට පහසුවක් වේවි..
මනස සැහැල්ලුවෙන් පිරේවි.. 😍💐

අද දෝණිට ඕනි කිව්වෙ කිරිබත්..
එයා දැන් ආස දේවල් කන්න හිතුනම ඉල්ලනවා.
ඉතිම් එයා වෙනුවෙන් ටිකක් වැඩිපුර කිරිබත් ටිකක් හදාගත්තා අපිටත් එක්කම..

අලුත් මාසයක ආරම්භය නිසා මං දොඩම් වලින් සරසලා ලස්සන පිංතූරයක් ගත්තා..

සුබ උදෑසනක් වේවා හැමෝටම 😍

31/07/2026

අන්තිමට එයාගෙ වැඩෙත් ඉවරයි හිනාවෙන ලස්සන 😍

31/07/2026

මේ උදේම මොකො කරන්නෙ🙈
කමුද බත් කටක්

පරිප්පු හින්දලා
කොළ වර්ග දෙක තුනක් එකට දාල හදපු සලාදයක් 😃
සිංහල අච්චාරු
පොල්සම්බෝල
බිත්තර ඔම්ලට්
සුදු බත්

ම්.. මැටි පිගානෙ අනාගෙන කටකොට.. 😋

සුබම සුබ උදෑසනක් ඉතිම් 💐😍

30/07/2026

හොදටම ෆ්‍රීස් වෙලා කියලා එයා මුලින්ම බැලුවෙ අදනෙ🥶

30/07/2026

මං මේ ළගදි දවසක ඉදන් පටන් ගත්ත මගේ මනස දවසෙම සැහැල්ලුවෙන් තියාගන්න මං කරන වැඩ ටිකක් තියනවා..💐

හැමදාම උදේට පිරිත් දාල සුවද ඉටිපන්දමක් පත්තු කරල (ඉස්සර ඉදන්ම කළ මේ ටිකනම්) මුලින්ම කරන්නෙ මුළු දවසම සැහැල්ලුවෙන් ගෙවල ඉවර කරගන්න මං මටම පොරොන්දුවක් දෙන එක..🙏

ඉතිම් මං ඒ පොරොන්දුව මේ වගේ වයිට් බෝඩ් එකේ ලියල
මං දවසින් වැඩිම කාලය ගත කරන මගේ පුංචි කුස්සියේ නිතරම පේන විදිහට තියල තියනවා..🙈

මේක දකින වාරයක් පාසා මටම හිනාවක් ගිහින් ඒ පොරොන්දුව උපරිමයෙන් රැකගන්න උත්සාහ කරනවා..😍

කෝ බලන්න මේ වගේ ඔයාගෙ දවස ලස්සන කරගන්න ඔයා කරන දේවල් ලියාගෙන යන්නකො අනිත් අයටත් පේන්නම.. 🙃

ඉතිම් හැමෝටම සුබම සුබ උදෑසනක් වේවා 💐🙏

අද උදේට
ඉගුරු තේකක් එක්ක ☕🫚
සම්බෝල පුරවපු පාන් 🍞😋

Want your business to be the top-listed Beauty Salon in Hastings?
Click here to claim your Sponsored Listing.

Website

Address


Hastings