Danu’s Diary
මගේ ඩිජිටල් දිනපොත 📒
22/08/2023
Totally Ready For the day
1. Coffee ☕️
2. Tea 🫖
3 . Green tea 🍵
4. Cake 🍰
14/08/2023
මේ ලොකේ ඔයා වැඩියෙන්ම ආස කෙනා කවුද ?
මං ආසම මට 🤎
මගේ හීන වෙනුවෙන් මහන්සිවෙන මට...
ඕනම situation එකක survey වෙන්න ශක්තියක් තියන මට...
🖤
12/08/2023
12 . 08 . 2023
Breakfast - just A coffee Drink ☕️
Lunch - 20 mints
Steps - 12000 7 am To 7 pm
Which is pretty good 👍
ජායාරූප breakfast and cucumber 🥒 Armenian
(මම කවදාවත් දැකලා නැති ) හරියට නිකන් පතොලත් වගේ😑
11/08/2023
11.08.2023
හැමෝටම ලැබෙන්න ඕනේ .. අනෙක් කෙනාව අගය කරන , උයන එක ගෙදර වැඩ කරන එක wife duty කියල බෙදන්නේ නැති partner කෙනෙක් .
Menu
බාස්මතී බත්
සොසේජස් අල කරිය
පරිප්පු හින්දුම
cucumber 🥒 lettuce 🥬 tomato 🍅 සලාදය
සමග පපඩම්
සමහර දින මට හරිම දිගයි කියලා දැනුණා ..
තවත් සමහරක් දින ඇයි මෙච්චර වේගයෙන් ගතවෙන්නේ කියලා හිතලා මම කණස්සල්ලට පත්වුණා .
තවත් වැඩිදුර ඒ ගැන සිතන විට .. ඒ මම ,
ආස මොහොතේ වැඩිවෙලා රැදිලා ඉන්න සහ අකමැති මොහොතින් ඉක්මනින් පලායන්නත් දරන උත්සහයක් කියලා මට වැටෙහෙන්න ගත්‍තා .
මට ගෙවෙන හැම මොහොතක්මා මගේ පාලනයට ගැනීමට නොහැකි බව තේරුණ විට .. හැකි සෑම මොහොතකම මම මාවම සතුටින් තබාගත යුතුබව මම තේරුම් ගත්තා.
ඉතිං දැන් මම මගේ ඒ වගකීම අකුරටම ඉටුකරමින් සිටින්නෙමි.
❤️
ආදරය කියන්නේ ජීවිතයම කියලා කිව්වාට ..
ඇත්තටම ඒක නෙමෙයි ඇත්ත .
ආදරය නැතුව ජිවත් වෙන්න බෑ කියලා හිතුනට ඇත්‍තටම ඒකත් නෙවෙයි ඇත්ත.
මට නම් ආදරය කියන්නෙම මගේ ජීවිතයේ මුල්ම තුන අතර තියන දෙයක් නෙමෙයි.
රැකවරණය| පවුල |වගකීම් 🌎🖇🪐
අපි මේ දේවල් වලින් බැදුනහම ඔය අකුරු හතරේ වචනය ඉබේම සම්පූරණ වෙනවා
මේක තේරුම් ගන්න මටත් මගේ ජීවිතෙන් හතරෙන් එකක්ම ගියා💫🍃🍂
Blessed from best !!
01/07/2023
පුංචිම පුන්චි බලාපොත්තුවක් ඇති ජීවිතය ජීවත් කරවන්න ,
හැමදේටම කලින් ඔයාට ඔයා ආදරය කරන්න පටන් ගන්න
16/04/2023
16 අප්‍රියල් 2023 📒
5.45 උදේ ⏱
නැගිට්න්න ඕනේ , මට හිතෙන්නේ ඇදටයි මටයි පුදුම ආත්මීය බැදීමක් තියෙනේ අපි දෙන්නට අපි දෙන්නා නැතුවම බෑ 😬
දෙවෙනි පාරට Alarm එක වැදුනා .. ඉතින් මා ඉතිං යන්න යනවා මට යන්න අවසරයි ..
ඇදෙන් නැගිටලා ඔෆ්z එකට යන්න ලැහැස්ති වෙන්න , ඒ ගැම්ම ගන්න මම කරන්න motivation music එකක් අහන එක 🤣
ඒක අහලා motivate වෙලා තමා මම ready වෙන්නේ .
හැමදාම bus එකට පරක්කු වෙලා යන්නත් , සපත්තු දෙක දාගන්න වෙලා නැති නිසා මේස් දෙක අතේ ගෙනිහිලා bus එකේදි දාගන්න එකත් මගේ daily routine එකේ කොටසක්.
Driver ත් ලංකාවේ හින්දා මම එනකන් පොඩ්ඩක් නවත්තගෙන ඉන්නවා. Normally bus එක යන්නේ 6.45 am . මම යන්නේ 6.47 ට .
එක දවසක් කොහොමහරි ඔහොම ගිහින් බස් එක මාව දාලා ගිහිල්ලා. අර bus driver ටත් හිතින් බැන බැන ආයේ room එකට ගියේ 7.45 ට එන ඊලග bus එකට යන්න හිතාගෙන.
8. 45 ට යන්තම් දුවගෙන ගියා නැත්නම් අයේ bus එක දාලා යනවා sure. 🥲
කටත් හදාගෙන් ගියේ කියන්න driver ට අය්යේ ඔයා අද මාව දාලා ගියානේ කියලා. Bus 🚌 ට නැගලා බැලින්නම් අද කදුරට driver කෙනෙක් ඉන්නේ. ඒක තමා ලංකාවේ අය්යා හිටියනම් මාව දාලා යන්නේ නෑ. මොනාඋනත් හොද මනුස්සයා
මෙච්චර වෙලා හිතින් බැන බැන හිටපු මනුස්සයා දැන් ආයෙත් හොදයි .🤣 දැන් මේ මං කදු රට කිව්වේ ඉතිං අල්ලපු රටට එහා රටට. Can you guess 🥸.
මම කලින් කියලා තියනවදත් මන්දා මට හිතපු හිතපු කෑම කන්න වාසනාව ලැබෙනවා. මට ඒවා කොහෙන් හරි හම්බ වෙනවා.. දැන් මං හිතන් ඉන්නේ මං මාර ලකී කියලා.
අවුරුද්ද ඉතිං පහු උනානේ. පිටරට ඉන්න අපිට ඉතින් කැවුම් කොකිස් කන්න ලැබෙන්නෙ නෑ නේ. මේ දවස් ටිකේම ඉතින් wall එක පුරාම ඉතිං කෑම මේස. හීනෙනුත් දැක්කා ලොකු කැවුමක් කනවා.
දැන් ඕන්න කොහොමෙන් කොහොම හරි වැඩ කර කර ඉන්නකොට මෙන්න අපේ staff එකේ අය්යා කෙනෙක් කැවුම් පාර්සලයක් උස්සගෙන එනවා. නංගි සුබ අලුත අවුරුද්දක් කියලා. දැන් එතකොට මට කැවුම් විතරක් නෙමෙයි ලැබුනේ. කලු දොදොල් අතිරසත් ලැබුනා
හෑ එතකොට හරි මම හිතපු එක හරි මට හිතු පැතු දේවල් ලැබෙන බලයක් ලැබිලා තියනවා.
පින්තූරේ තියෙන්නේ මට හිතූ පැතූ සමපත් ලැබෙන බලයෙන් හම්බවුන අවුරුදු කැවිලි 😬
15/04/2023
15 අප්‍රියල් 2023
හැමදාම වගේ 5. 45 නැගිට්න්න එලාර්ම එක තිබ්බත් ආයේ ඒක off කරලා 6 වෙනකල් ආයෙත් නිදාගත්තේ කම්මැලිකමටම නෙවෙයි . Last off එක තිබ්බේ අප්‍රිලයල් 2 වෙනිදා. දැන් නම්. Body එක rest එකක් ඉල්ලනවා වගේ .
Saturday කියන්නේ full busy day එකක්. වෙනදට උදේ 9 ට 9.30 ට breakfast එක ගන්න ගියාට අද 8 වෙනකොටම breakfast ගත්තා . නැත්තම් busy වැඩි උනොත් කන්න වෙන්නෙත් නෑ.
හිතපු තරම් අද busy උනේ නැද්ද නැත්නම් මම strong වෙලා ද අනේ මන්දා.
කොහොම හරි lunch ගත්‍තේ 2.30 ට. Lunch break එකේදි හැමදාම දාන චුටි nap එක විනාඩි 30 දැන් ඒක නැතුව බෑ. මට මාරම energy එකක් එනවා ඒකෙන් ඇගට.
5 .45 ට staff එකේ ඉස්ලාම් ආගම අදහන අය යනව ඉප්තාර් වලට. ඒ කියන්නේ දවසම මොකුත් නොකා ඉදපු එයාලා දැන් තමයි කන්න යන්නේ.
අපේ staff එකේ 3/4 ම ඉන්නේ ඉස්ලාම් ආගම අදහන අය.
ඉප්තාර් time එකේ ලොකුවට orders ආපු නැති නිසා අපිත් ඉතිං චායි ගෙන්න ගෙන බීලා පොඩි rest 1 ක් ගත්තා.
7 pm ⏱ දැන් ඉතිං ගෙදර යන්න වෙලාවත් හරි.
ගෙදර ඇවිත් ඉතිං එයත් එක්ක කය්යක් ගහගෙන ඉදලා ඉතිං නිදාගත්තා.
කෑවා කෑවා මේ දවස් වල ලොකු දේවල් රෑට් කන්නේ නෑ කඩල තම්බලා පොල් දාලා කලා ඉවර වෙලා පලතුරු පොඩ්ඩකුත් කෑවා . ඒක තමා dinner එක. මම තම්බපුවා නම් නෙමෙයි ඉතිං.
නිදාගන්න කලින් මගේ මුල්තානි මිට්ටි & honey pack එකත් අද දාලාම තමා නිදාගන්න ගියේ.
ලොකු දේවල් නොවුනට මගේ හීන වලට යන්න වැඩ කරගෙන යන අතරේ ගෙවුන තවත් එක දවසක්.
පින්තුරය - breakfast වලට කාපු රසම රස chocolate එකක්
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Doha